උසස් පෙළ කරනවා නම් එක්කෝ AAA නැත්නම් FFFක් ගන්න

on

හොද Software Engineer කෙනෙක් වෙන්නේ කොහොමද? කියල කලින් ලියපු ලිපියට හොද ප්‍රතිචාර තිබුන නිසා හා කීපදෙනෙක තව තව ඒ වගේ ලිපිම ලියන්න කියපු නිසා මට හිතුන උසස්පෙළ කරපු කලේ ඉදලම පටන්ගන්න. මේ ලිපිය Engineering කරන්න ඉන්න අයට වගේම අනිත් අයටත් වැදගත් වෙයි කියල හිතෙනවා.

සාමාන්‍යපෙළ පන්ති වල හිටපු කලේ ඉදලම ගණිතය, විද්‍යාව වගේ විෂයන් වලට අනිත් ඒවාට වඩා දක්ෂයකමක් තිබුන නිසා මට හිතුනා AL වලට Maths තෝරාගත්තොත් හොදයි කියලා. පොඩි කලේ ඉදලා දොස්තර කෙනෙක් වෙන්නත් අසව තිබුනත් කවුරුත් කියනවා වගේ Bio කට පාඩම කරන්න අකමැත්ත නිසා Maths වලට ගියේ. හොදට ගණන් හදාගන්නත් පුළුවන් නේ. Maths තෝරාගත්තේ ගෙවල් වලින් බලකිරීමට වත් යාලුවෝ කරන නිසා වත් නෙමෙයි, මට හොදට පුළුවන් නිසා එච්චරයි.

OL Exam එක කරපු ගමන (2005 දෙසැම්බර් ) එක දිගට ඉගෙනගත්ත අවුරුදු 11ට පොඩ්ඩකට සමුදීලා අයෙ ඉස්කෝලේ AL class පටන් ගන්න (2006 අගෝස්තු) ලොකු කාලයක් තියෙන නිසා ඒ කාලෙම නිකම් හිටපු එක තමයි කරේ. Computer Subjects වලට අසාවත් තිබුන නිසා මේ මාස 8ටේ Java Programming ඉගෙනගන්න කොලබ IJTS එකටත් ගියා. ගිහින් විස්තර දැනගත්තා විතරයි computer course කරන්න සල්ලි තිබුනේ න. සමහර විට එදා සල්ලි තිබුන නම් AL නොකර Campus නොගිහින් ජිවිතේ වෙනස්ම පැත්තකට යන්න තිබුනා (හොද හෝ නරක).

මේ අතරවාරයේ යාලුවෝ හරි හරියට නිවාඩු මස ටිකේ AL Maths පන්ති යනවා. සමහරුන්ට හැම Subject එකකම වගේ මුල පාඩමක් එකහමාරක් පුළුවන්. මම තවම යන්න class එකක් හොයගෙනත් න, එක දවසක් දෙකක යාලුවෝ යන classes වලට ගියාට පස්සේ කරකවලා අතෑරියා වගේ. කියන මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ.

ඉස්කෝල පටන් ගත්තම උගන්න්නවී, එතකොට තේරේවිනේ කියලා මම classes නොගිහින්ම හිටියා. ගාල්ලේ හොදටම උගන්නන ප්‍රසිද්ද පාසලක්‌ වෙච්ච අපේ ඉස්කෝලේ පටන්ගත්ත ගමන් සිදුවුනේ අමුතුම දෙයක්. හිටපු සර්ලා හැමෝම මුල් පාඩම් කිපය හිතාගන්න බැරි විදියට වේගයෙන් කරගෙන ගියා. මොකද සර්ලත් හිතාගෙන ඉන්නේ ළමයි හැමෝම නිවාඩු කලේ AL Classes ගිහිල්ල නිසා හැමෝටම පුළුවන් කියලා. කබලෙන් ලිපට වැටුන වගේ.

එන පොට හොද නැ කියල තේරුණා ගමන් යාලුවෝ යන classes වලට අපහු යන්න ගත්තා, ඉස්කෝලේ උගන්නන දේවල් තේරුනේ නැතත්, පුළු පුළුවන් විදියට තේරුම්ගන්න ගත්තා. කොයි පන්තියෙත් වගේ ඉන්නවා හොදට වැඩ කරන meter ටිකක්. ඒ වගේම අපේ පන්තියෙත් හිටියා 2005 OL Exam එකට ලංකාවෙන්ම දෙවැනි තැන අරගත්තු කොල්ලෙක්, පොර අපි වගේ වැනි වැනි හිටපු කෙනෙක් නෙමෙයි, OL Exam එක ඉවරවෙච්ච ගමන් තියෙන හැම classes වලටම ගිහිල්ලා හොද මොකක්ද නරක මොකක්ද කියල තමන්ම තේරුම අරගෙන, දිගටම යන්න පුලවන් classes මොනවාද කියල ඒ වෙනකොටත් තෝරාගෙන හිටියේ. තව ඊට කලින් අවුරුද්දේ හොද ranks දාපු අයියලාගෙන් යන්න හොද පන්ති මොනවද, බලන්න ඕන පොත් මොනවද වගේ හැම විස්තරයක්ම අහලා, ඉස්කෝලේ AL පන්ති පටන් ගත්තම හොදට සන්නද්ද වෙලා ඇවිල්ල හිටියී.

පන්තියේ අපතයෝ ටික කියල හංවඩු ගහපු මම හිටපු පේලියේ කටිටියත් තැන මාරු කරගෙන කලින් කියපු meter එක හා ඔහුගේ සගයෝ ඉන්න පේලියට කිට්ටු වෙන්න ගත්තා. මේ අදහස අවේ පියුෂන්ට හා මට. මොකද ඒ වගේ වැඩක කරන අය ලග වැඩි වෙලා හිටියත් ඇති, උන් කතා බහ කරන්නෙත් විෂය කරුණු, ඕන වෙලාවක ගානක් හදන්න අමාරු වුනොත් උදවුවක් ගන්න පුළුවන්, බැරි දෙයක් ඒ වගේ කෙනෙක්ගෙන් අහගත්තම පාඩම් කරාට වඩා හොදට මතක තියෙනවා.

යාළුවොත් එක්ක එකට classes ගියාට මොකද ගොඩක් වෙලාවට classes වල වැඩ කෙරෙනවා අඩුයි. මොකද වෙන ඉස්කෝල වල යාලුවෝ එක්ක සෙට් වුනාම කතාකරන්න දේවල් සැහෙන්න තිබුන නිසා. ඒ දවස වල tution fees වලට මාසෙට 300යේ කෑලි 4ක් ගෙදරින් ඉල්ලගන්න බොහොම අමාරුවෙන්. ගෙදරත් අමාරුකම් නම සැහෙන්න තිබුනා. මේ කලේ අම්මලා තාත්තලා කොයි වෙලෙත් කිවුවේ පලවෙනි සැරේටම කැම්පස් යන්න, අයෙ 2nd shy එකකට වියදම් කරන්න අමාරුයි කියලා. මට වඩා අවුරුද්දක් වැඩිමල් අපේ අක්කට කිවුවේත් ඔය වගේම කතාවක්. 2nd shy කරන්න නම හිතන්න එපා, ලොකු මල්ලිටත් වියදම් කරන්න තියෙනවා කියලා.

මේ දවස් වල SLIIT වගේ සල්ලි ගෙවල ඉගෙනගන්න පුළුවන් කැම්පස් ලංකාවේ තියෙනාව් කියලත් දැනගත්තා, මස 6ට රු50,000ක් වගේලු. AL classes වලට මාසෙට රු1200ක් ගෙවන්නෙත් බොහොම අමර්වෙන් වෙච්ච එකේ, SLIIT ගැන කවර කතාද? තාත්තා නිතරම කියපු දෙයක් තමයි AL හරියට ගොඩදාගත්තෙ නැත්නම් ගෙවල් ලග තියෙන food city එකේ cashier එකේ තමයි ලු වැඩ කරන්න වෙන්නේ. ඉතින් අනිත් අයට වගේ මට පිස්සු කෙලින්න්න හැකියාවක් තිබුනේ නැ, 2nd shy කරන්න ගෙදරින් සල්ලි ඉල්ලන්න බැ, SLIIT වගේ යන්න කොහෙත්ම සල්ලි නැ, food city එකක වැඩට යන්න උවමන උනේ නැ. තිබුන එකම option එක AL හොද result එකක් දාලා campus යන එක විතරයි.

අපේ දිපික් සර් නිතරම කියනවා වගේ,

මොනවා හරි වැඩක බැහැලා කරන්න හිතෙන්නේ තමන්ට no options නම් විතරයි, ඕනෑම වැඩක හරියට කරනවා නම් no excuse වෙන්න ඕන.

විබාගෙට අවුරුද්දක් වගේ තියෙද්දිත් ගොඩක් අය දැනටම AL වලට පාඩම් කරන එක අතැරලා දාලා තිබුනා. සමහරු දැනටම 2nd shy එකක් ගැන හිතල තිබුනා. සමහරු commerce, art වගේ විෂයන් වලට මාරු වෙන්න යනවා. මට ඔය කිසි option එකක් හරියන්නෙත් නැ.

මුලින්ම දවසට පැය 5ක් විතරක් නිදාගන්න time table එකක් හැදුවා, එක වේලකට කන්න විනාඩි 5කට වඩා වැයකරන්නේ නැ. ඉතුරු සියලු වෙලාව පාඩම් කරන්න යොදවන්න ඕන. එදිනෙදා කරන හැම වැඩක්ම timetable එකේ තියෙනවා. හැම දේම වෙලාවට. හවස 6.55 වෙද්දී රැට කන්න ඕන, 7ට පාඩම් කරන්න ඕන නිසා. ඒ වෙලේට කෑම උයල තිබුනේ නැත්නම් එදා රැට කෑම කාවෙත් නැ. මුලදී මුලදී ගෙදර මිනිස්සුන්ට මේක විකාරයක් වගේ පෙනුනත් පස්සේ පස්සේ හැමෝම මේකට හුරුවෙන්න ගත්තා.

වෙලාව කොච්චර ඉතුරු කරගන්න ඕනද කිවුවොත්, හොදම යාළුවොන්ගේ ආච්චිලා සීයලා නැතිවෙලා මළගෙවල් වල වත ගියේ නැ. යන්න තිබුන මුල ඉදලා පාඩම් කරානම්, ඉස්කෝලේ bigmatch, perade cut කරා. සමහරු කිවුවේ “බඩුව වගේ ගෙදර ඉන්නේ නැතුව වරෙන්, එක දවසයි නේ බන්  කියලා”. හැබැයි සාමාන්‍යයෙන් මට bigmatch එකට ගිහිල්ල හොද පිස්සුවක් නැටුවොත් තව දවස් දෙක තුනක් යනකම් හිත එක විදියකට තියාගෙන පාඩම් කරන්න බැ. ඉස්කෝලෙට දෙන්න පුලවන් හොදම බක්තිය තමයි bigmatch එකට ගිහල්ල කොඩිය වනනවට වැඩිය හොද මිනිහෙක් විදියට එලියට යන එක.

මෙත් එක්කම තේරෙන්න ගත්තා දන යන සමහර පන්ති වලට යන්නේ ඒ සර්ගේ නමට නේද කියලා, කොච්චර හොදට note එක පාඩම් කරත් ගානක් හදාගන්න බැ. එහෙනම් අනිවාර්යයෙන් ඒ ගුරුවරයාගේ වැරද්දක් වෙන්න ඕන. අකමැත්තෙන් උනත් යාලුවෝ යන සමහර පන්ති වලට සමුදීලා සමහර tution classes වෙනස් කරන්න වුන. අලුතින් ගිය පන්ති වල සමහර වෙලාවට අදුරන එකෙක් වත් නැ, කරන්න දෙයක් නැ, මුලදී පිස්සු නැටුවා නම් දැන්  කට්ට කාපන්. වෙනදා සුපුරුදු යාලුවෝ set වෙන පන්ති දෙකකට විතරක් ගියා, හැබැයි යාලුවෝ කොච්චර fit වුනත් මොකද මුන් ලග ඉදල වැඩ කරගන්න අමාරු බව තේරෙන්න ගත්තා, උන් කවුරුවත් පාප මිත්‍රයෝ නෙමෙයි, එක ලග වැඩිවෙලා හිටියම අපි නිරයසයන්ම sir ට ඇහුන්කම් නොදී, ඊයේ පෙරේද වෙච්ච දේවල් ගැන කතා කරන්න ගත්ත නිසා. “මචන් මම අද ඉස්සරහ පේළියකට යනවා” කියලා අකමැත්තෙන් වුනත් මැද හරියේ පේලි වල හිටපු යාලුවොන්ට සමුදීලා ඉස්සරහම පේලි වල වැඩිවුනා.

පස්සේ පස්සේ යාලුවොන්ගේනුත් කොන්වෙන්න ගත්තා, “ආ උබ දැන් ලොකු එක නේ, ඉස්සරහනේ වැඩි වෙන්නේ”. ඒ වෙලාවට හිතෙන හිතාගත්තා “කමක් නැ බන, උබලට කවද හරි තේරෙයි නේ” කියලා. ගාල්ලේ නම් trend එකක් තිබුනා, පන්ති වල ඉස්සරහ පේලි වෙලා ඉන්නේ, වාහන වලින් classes එන, සර් ගානක් දුන්නම expensive phone ඒකෙන සුළු කරලා පටගලා sir ට උත්තරේ කියන ගොන් posh crowd එකක් කියලා, උන් උදේට ඇවිල්ල පේලි අල්ලගත්තම උන්ගේ යාලුවොන්ට හැර වෙන එකෙට වැඩි වෙන්නත් නැ. හැබැයි ටික දවසක් යද්දී ලගු ගණක පොතෙන් සුළු කරලා, ඊට වඩා ඉක්මනට උත්තර හොයාගන්න මට පුළුවන් වුනා. හොද වෙලාවට AL exam එකට mobile phone එකක් අරගෙන එන්න කියල නැ. නැත්නම් අපේ අම්ම තාත්තට එකටත් කරදර කරන්න වෙනවා. මම AL කරේ එක්දහස් නවසිය බර ගණන් වල නෙමෙයි, 2008 ඒ කලේ වෙද්දීත් මම ලග mobile phone එකක තිබුනේ නැ, හැබැයි classes වල එන ගොඩක් අයට තිබුනා. මමත් phone එකක් පාවිච්චි කරන්න අස වුනත්, අත්‍යවශ්‍ය දෙයන් නොවෙන නිසා ගෙදරට කරදර කරන්න නිකමට වත් හිතුනේ නැ.

විබහගයට මස 8ක්  වගේ තියෙද්දී, ගාල්ලේ trend එක තමයි revision classes වලට යන එක. Revision කියන්නේ මොනවා හරි ඉවර කරලා අයෙ ආවර්ජනය කරන එක නේ. Syllabus වත් ඉවර නැති එකේ මට මොන revision ද, අනික ඕවට වියදම් කරන්න සල්ලිත් නැ. යන උන් ගියපුවවේ.

Chemistry හැර අනිත් විෂයන් දෙකට බලාගෙන ඉද්දි ලකුණු වැඩිවෙන්න ගත්තා, මේ එක්කම ලෙඩ නොවී ඉන්න ඕන නිසාත්, මොනවා හරි sport එකක් කරන්න ඕන කියල හිතුනා. Gym එකකට යන්න රු500ක් විතර හොයාගන්නත් පුළුවන් හැබැයි දවසක් හැර දවසක් Gym එකේ පැයක එකහමාරක් නාස්ති කරන්න මට වෙලාවක් නැ. ඉස්කෝලේ ඕන තරම් sports තිබුනත් ඕව කරන්න ගියාම අර tournament, මේ tournament, tshirt වලට, සපත්තු වලට වියදම් කරන්න වෙන නිසා රු 250ක් ගෙවලා කුංෆු පන්තියකටත් ගියා. සතියට පැය 3ක්. ඒ fitness හොදටම ඇති වුනා. Classes වල ඕන උණ හෙම්බිරිස්ස කාරයෙක් ලග වදිවුනට ජීවිතේට ලෙඩක් හැදෙන්නේ නැ, එච්චරට ප්‍රතිශක්තිය, උදේට නැගිටලා නානවා, ජීවිතේට හොටු බේරෙන්න ගන්නේ නැ. මොනවා හරි  Sports ගැන හිතුවේ අපේ ඉස්කෝලේ හිටපු ගොඩක් meter වලට fan එකක් යට වැඩිවෙලා ඉන්න බැ ac එකක් තියෙන තැනක ඉන්න බැ, හොටු ගොඩ, පින්ස කියාවි අරක කියාවි, මේක කියාවි. පාඩම් කරා කියල නිකම් ලෙඩෙක් වෙන්න ඕන නැනේ.

Exam එකට මස 6ක් වගේ තියල කෙල්ලෙක්ටත් talk කරා, මාසයක් විතර පස්සෙන් ගියත් අන්තිමට බැරිම තැන “නංගි ඔයා මට කැමතිද නැත්ද, කෙලින්ම කියන්න එතකොට ඉවරනේ”  මෙහෙමේත් ඇහුවා, එය “කැමති නැ කිවුවා” එච්චරයි. සම්ප්‍රදායික පෙම්වත්ක් වගේ අඩන්න, නොකා නොබී ඉන්න, පැනඩෝල් බොන්න ගියේ නැ. සතියක් විතර මනෝ ගහ ගහ ඉදල අයෙ වැඩට බැස්ස (අපරාදේ ඒ සතිය).

Exam කිට්ටු වෙද්දී තේරෙන්න ගත්තා මේ Chemistry කියන එක තවම බැනේ කියලා, මුල ඉදල ගියේ එකම class එකකට. ඒ class එකේ කියපු හැම විදියකටම වැඩ කර නම්, ගෙදර අවිල්ල්ල පාඩම් කරානම් මට අයි තවම බැරි. සමහර විට ඒ sir ගේ තෙලට, නමට අපි රැවටෙන්න ඇති. බැරිම තැන අම්මගෙන් ඇහුවා “කැම්පස් අයිය කෙනෙක්වත් ගෙදරට ගෙන්නගමුද කියලා, වැඩේට 4000ක් වත් යාවි”. වෙලාව තමයි අම්මට වුනත් එච්චර වියදම් කරන්න පුළුවන් කමක් නැ.

කමක් නැ, පුළුවන් විදියට කරමුකෝ. විබහගය කිටුටු වෙද්දී Maths, Physics ගෙමක්ම නැ, Chemistry තමයි sure නැත්තේ. විබහගයට කලින් සතියේ අම්ම එකදිගට පන්සලේ බෝදිපුජා කරා. දෙවියන්ටත් එක එක තැන වල බාර වෙලා තිබුනා. මටත් ඒවාට සහබාගි වෙන්න කියල නොසහෙන්න කිවුවා. හිතේ ඒ දේවල් වලට බක්තියක් නැතුව නෙමෙයි, තියෙන සතියක කාලය අතුලටහ තව සැහෙන්න වැඩ කරන්න ඕන. මම අරක්කු, සිගරට් බොන්නේ නැ, වෙන වැරදි වැඩ කරලා තිබුනේ නැ, පුළුවන් හැම වෙලේම වැඩ කරා, මහන්සි වුන නම්, දෙවියන්ට වුනත් මම යන ගමන නවත්තන්න බැ. ඉතින් පන්සල් කෝවිල් ගැනේ යන්න ඕන කියලා මම හිතන්නේ නැ. හිතේ බක්තිය තියෙනවා නම් ඇති.

විබහගය කරලා result ආවා AAC. හිතාගන්න පුළුවන් නේ. මේ එක්කම මට කලින් අවුරුද්දේ commerce වලින් AL කරපු අක්කත් Management select වෙලා. අක්ක කැම්පස් යන්න සතියක් විතර තියල තමයි මගේ results නුත් අවේ. කියන්න ඕන නැනේ ගෙදරක තියෙන සතුට. මම 5හේ ශිෂ්‍යත්වේ fail වුනාම, ගෙදරට calls කරපු කවුරුවත් call කරේ නැ. එකට හරියන්න තාත්තා ඒ හැමෝටම වගේ call කරා. මගේ result අපු දවසේ හා ඊට පස්සේ දවසේ දෙකේම තාත්තගේ phone එක කපලා තිබුනා. එච්චරට call කර කර කියල තිබුනා. ටිකක් විතර ලෙඩ වෙලා හිටපු තාත්තගේ ලෙඩ කොහේ ගියද නැ. ගෙදර කොයි වෙලෙත් හිනවෙච්ච ගමන්. අම්ම තාත්තා කැම්පස් එක්ක පය ගහල වත් තිබුනේ නැ, එක නිසා වෙන්න ඇති ඒ කලේ ඉදල කිවුවේ කැම්පස් යන්න try කරන්න කියලා. මගේ result එකෙන් Engineering යන්න පුළුවන් කියල දැනගත්තම කැම්පස් වෙනුවට එදා ඉදන් Engineering යන්න try කරන්න කියනන් ගත්තා.

ඊළගට ඕන තරම් දාන වලට, මල ගෙවල් වලට, මගුල් ගෙවල් trip යන්න වෙලාව තිබුනා. යන යන තැනින් සැහෙන්න සැලකිලි. මට රුහුණේ ඉංජිනේරු පිඨයට යන්න වරම් ලැබුනා. ඒ වගේම මගේ අල්ලපු ගෙදර හිටපු සහෝදරයාට Colombo Physical යන්න හැකියාව තිබුනත් එයා 2nd shy එක කරන්න ලේස්ති වුනා. සමහර විට වෙන මොකක් වත් නෙමෙයි, කොහේ ගියත් නෑදෑයෝ අපි දෙන්නව compare කරන්න ගත්තු නිසා. පොඩිවුන් හැමෝම පාඩම් කරන්න ඕන හැටි මගෙන් විතරක් අහපු නිසා වෙන්න ඇති. 1st shy එකේදී පොරට සැහෙන්න options තිබුනා, මොනවා හරි කැම්පස් එකකට select වෙන්න, ඕන තරම් excuses තිබුනා. 2nd shy එක කරද්දී පොරටත් options තිබුනේ නැ, අල්ලපු ගෙදර එකට වඩා result එකක් දන්නා ඕන. මේක ටිකක් විතර ලංකාවේ හැටි, හැබැයි එකේ කිසිම වැරද්දක් මම දකින්නේ නැ තමන්ට හොදක් වෙනවා නම්. 2nd shy එක කරලා පොර මට වඩා හොද result එක්ක rank එකක් දාලා මොරටුව ඉංජිනේරු පිඨයට යන්න වරම් ලැබුවා. පොරට වැරදුනේ නැ. දෙන්නම ගොඩ.

මම එහගෙදර හිටපු සහෝරදයා ගැන කිවුවේ කාටවත් ලජ්ජා කරන්න නෙමෙයි, අපේ අයගේ හැටියක් නේ අල්ලපු ගෙදර මිනිහා දියුණු වෙනවා නම් “මුන්ට හැදිගවිලා යන්න මොනවා හරි කරන්න ඕන” කියන එක. ඊට වඩා හොද නැත්ද අර මනුස්සය කරා වගේ “උ කරා නම් මට අයි බැරි” කියාලා වැඩ කරන එක.

මේ ලිපියෙන් යන්න ඕන classes, sir ලා ගැන මම කියන්න බලාපොරොත්තු වෙන්නේ නැ. පුළුවන් තරම් අඩුවෙන් classes යන්න. එතකොට පාඩම් කරන්න වෙලාව ඉතුරු වෙනවා, ගැනු ළමයා වගේ ඒ අවුරුදු කීපය ගෙදරටම වෙලා පාඩම් කරන්න. පුළුවන් නම් කුංෆු, කරාටි වගේ sport එකක් කරන්න, අගටත් හොදයි එතකොට කොල්ලෝ කියන්න එන්නේ නැ “ආ උබ බඩුව වගේ පාඩම් විතරයි නේ කරන්නේ” කියලා. දැන් තවත් tab එකක facebook open කරගෙන AL කරන කවුරු හරි මේ blog එකත කියවනවා නම් මතක තියාගන්න තමන් විබහගය pass වුනත් fail වුනත් facebook තියේවි, මේ බ්ලොග් එකත තියේවි, තමන්ට තමයි පාඩුව. Internet ඇවිල්ල වෙලාව නාස්ති කරන්න එපා.

බ්ලොග් එකේ මාතෘකාවේ FFFක් හෝ AAA ක් ගන්න කියල දැම්මේ, ඔය අතරම්දී result එකක් ගත්තොත් අනිවා අයෙ තව shy එකක් කරන්න වෙනවා. අපරාදේ තව අවුරුද්දක් නිසා. කොටින්ම කිවුවොත් කෙල්ලෙක් BBB වගේ result එකක් අරගෙන අයුරුවේද වගේ දෙයකට select වුනොත් ගෙදරින් කියන්නේ “අනේ දුවේ තව අවුරුද්දක් කරලා දොස්තර නෝනා කෙනෙක්ම වෙන්න, medicine ම යන්න උත්සහ ගන්න” කියලා. ඉතින් BBB ද FFFද කියල වෙනසක් නැතුව අයෙ විබහගයකට ලියන්න වෙනවා.

FFFදාන අය මතක තියාගන්න අවුරුදු 3ක් විතර AL classes ගිහිල්ලා, අවුරුදු දෙකහමාරක් වීතරා ඉස්කෝලේ AL පන්ති ගිහිල්ලා ගෙවල් වලින් සල්ලි වියදම් කරලා FFFක් දානවට වඩා ලේසි නැත්ද, මොන්ටිසෝරි ඉන්න පොඩි එකෙක්ට Exam එකේ index no එක කටපාඩම් කරලා යැවුවා නම් “මල්ලි මේක ඉස්සරහ පිටුවේ ලියපන් කියලා” උ වුනත් ගේමක් නැතුව FFF දානවා.

ප.ලි:

AL කරලා Engineering, Medicine, Management හා Law ම යන්න ඕන කියල මම කියන්නේ නැ. අනිත් faculty ගන්න දෙයක් නැහැ කියල මම කියන්නේ නැ. 1st shy 2nd shy කරලා මද්‍යස්ථ result එකක් දම්මග ගොඩක් වෙලාවට ගෙදරින්, ඉස්කෝලෙන් බල කරනවා, එහෙම නැත්නම් තමන්ටම හිතෙනවා AAA දාල උඩින කියපු එකකට ඊලග පර යන්න වැඩ කරන්න ඕන කියලා.

39 thoughts on “උසස් පෙළ කරනවා නම් එක්කෝ AAA නැත්නම් FFFක් ගන්න

  1. වැදගත් අදහස් ටිකක් , කොහොම වුනත් තමන්ගේ උපරිමය කරල අතර මැදි ප්‍රථිපලයක් ගන්න කෙනෙක් නැවත නැවත කරන එක නම් තේරුමක් නැ කියල මම දකින්නේ . අපේ යාලුවෙක් තුන් පාරක් කරලත් එක ආසන්න ප්‍රථිපල ආවේ . බයෝ සයන්ස් යන්න ආවට ගියේ නැ , දොස්තර වෙන්නම කියල දිගටම කලා . තුන්වෙනි පාරත් බයෝම තමයි . අන්තිමේදි ස්ලිට් එකට ගියා බයෝ කරල ජොබ් නැහැ කියලා . ෆස්ට් ශයි වලින්ම ස්ලිට් ගිය උන් අරු දෙවෙනි අවුරුද්දට එත්දි ජොබ් වලට ගිහින් , ෆස්ට් ශයි බයෝ ගිය උනුත් එලියට ඇවිත් මම හිතන්නෙ

    1. ගොඩක් වේලට එහෙම වෙන්නේ, දෙවැනි තුන්වෙනි පාර කරද්දී තමන් තමන්ගේ හැකියවන්ටම limit එකක් දාගන්නවා. මෙ වෙලාව වෙද්දී නිදාගන්න ඕන, මට මෙච්චරයි පාඩම කරන්න පුළුවන්, දන ඔලුවට වැඩි වගේ කියලා. එහෙම වුනාම ගොඩ ඒමක් නැ.

  2. මම දන්නා තරමින් උඹ ඇවිල්ල කරන වැඩේ බොක්කෙන්ම කරන එකෙක්…. සතුටුයි මචෝ උඹ ගැන…. අනිත් වැදගත්ම දේ තමයි උබ ඔය මොන දේ කරත් කවදාවත් ආත්මාර්ථකාමී බුවෙක් නෙවේ…. හැමවෙලාවෙම අපිවත් ගොඩ දාන්න හදන පොරක්…

  3. නියමයි මල්ලි …රුහුණ EFAC කොල්ලෙක් නෙ…

    🙂

  4. නියමය් මචන් නියමෙටම කියලතියනවා මට ඒකාලේ තේරුම්ගන්න බැරි උන සහ ඕනෑකමින්ම අමතක කරපු කරුණු ගැන ,, නියමය් 😀

    1. දැන් වත් හැදිලා නම ඒ ගැන සතුටු වෙන්න. ඒ කලේ අමතක කරමු.

      1. I saw this comment only now. Thanks for the compliment 🙂 I am glad that I was able to set an example.

        But as you mentioned, most important thing is your determination. If you set your direction correct and row the boat with the required determination, the boat will surely reach the destination!

        1. @Buddima Actually You deserve that Honor. You entitled to it, You were the inspirational Spark.

  5. අම්මෝ මල්ලි, සෑහෙන මහන්සි වෙලා වගේ,, එල එල
    ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
    නමුත් මම හිතනව a/l නොවේ ජීවිතය හෝ සල්ලි හෝ ආතල් එක කියල. ජීවිතය විදීම තවත් දෙයක්.
    කොහොමටත් දැන් ඉස්සර වගේ නෙමෙයි. අතර මැද රිසල්ට් ගත්තත් තමන් කැමති රැකියාවක් කරන්න ගොඩක් අවස්ථා තියනව. නමුත් දැනුවත් වීම අඩුයි.
    දොස්තර සහ ඉංජිනේරුවා කියන්නෙ සමාජය දකින රස්සා. නමුත් තිරයෙන් පිටුපස ගොඩක් තියනව. ලෝකේ වැඩිපුරම සල්ලි තියෙන්නෙත් , සතුටින් ජිවත් වෙන්නෙත් දොස්තරලා හෝ ඉංජිනේරුවන් හෝ නෙමෙයි නේද.

    1. මම මේ ලිපිය දැම්මේ නම් මගේ අත්දැකීම් බෙදාගන්න කියලා. අයියා කියන කතාව ඇත්ත. ජීවිතය කියන්නේ AL වත්, සල්ලි වත් අතල් එක වත් නෙමෙයි. අපි ගොඩක් වෙලාවට රැල්ලේ දුවන නිසා එහෙම හැඩගැහිලා තියෙනවා. ඒ රැල්ලට යන්නේ නැතුව උඩුගං බලා පීනන්න පුළුවන් කොන්ඳ පන තියෙන අයට විතරයි. එහෙම අය විතරයි ජිවිතර හොදටම විදින්නේ. මම දකින විදියට.

  6. Ah…..ela…… onna sahodarayat reply ekak damma.. eka atta… geamak tiyenna one wada karaddi. oya nokarpu hama jaltara wadakma mama kara. bt mamat ada mora efac. gema gahanne oluwen. eka hinda pora jalatara dammada nadda kiyna eka wadak na. monawa wunat katta kaala wade karanna puluwan nam pora tamai dinanne. wsh u al d bst……….

  7. එල කොල්ලෙක්..එහෙම තමා ඉන්න ඕනි..අම්මා තාත්තා ගැන හිතන් එකාට වරදින්නේ නෑ…

  8. ශාහ්හ්!!! ආදර්ශමත් කතාවක්!! ඇත්තටම දෙමව්පියොන්ගේ හිත් එහෙම සතුටු කරන්න පුලුවන් කියන්නෙ ලොකු පිනක් !!!

    gud luck!!

  9. මල්ලි… පොස්ට් එක දැක්කා ම දුකක් එක්ක සතුටක් ආවේ… ඇත්තට ම ගොඩක් වටින කතාවක්… මේ වගේ කතාවක් බ්ලොග් එකක දැකපු දෙවෙනි වතාව…
    ඔයා ජිවිතේ ගොඩක් දුර දිනුම් … තව දිනන්න සුබ පැතුම්… !!!

  10. කතාව නම් එල…..ප්‍රශ්නේ තියෙන්නේ හැමෝම උබ වගේ හිතන්නේ නැති එක….Shy 3ක් කර න එක නම් මහම මහ ගොන් කමක්…
    අනික මටනම් කොහෙත්ම කැම්පස් යන්න බැරි බව මම දන්නවා…මොකද පාඩම් කරන්න තිබ්බ කම්මැලිකම නිසා….ඒ නිසා උ/පෙ කරපු ගමන් ම කරන්න සුදුසුයි කියල හිතුන දේ කලා…..(IJTS ගිය එක නෙමේ :D)…දැන් හිතනවා යම් තැනක ඉන්නවා කියලා…..A/L කර කර හිටියනම් තාම ගෙදර හැබැයි.

  11. ගොඩක් මහන්සි වෙලා ඉගෙනගෙන තියෙනවා. කතාවත් අැත්ත. සුබ පතනවා ඔබගේ අනාගතය වෙනුවෙන්!

  12. පස්ට පෝස්ට් එක බ්‍රෝ, මේ වෙලාවේ මාත් පසු ගාමී අදහස් වලින් පිරිල හිටියේ, ඒත් මේකක් ඒ සේරම ඳේවල් මැකිල ගියා ලෙසටම, උබනම් පට්ට බං…….

  13. එල කොල්ලෙක් කියල නිකමට වගේ දාන්නම්. ඒත් අපි හැමෝගෙම ජීවිත කතාවල එකට හැප්පෙන තැන් තියෙන නිසා ඊට වඩා දෙයක් දැනෙනව!

  14. බොක්කටම වදිනවා අයියේ කතාව.තව උසස් පෙල ගැන දේවල් ලියන්ඩ.මැත්ස් වලට වැඩ කරන හැටි එහෙම…

  15. අඩෝ බං අයියෙ මට නම් කොහොම කෙරුවත් පාඩම් කරන්ඩ එක විදියකට එක දිගට පැයක් වත් බෑනෙ. අවශ්‍යතාව තිබ්බට උවමනාව නැති සීන් එකක් තියනව කියල හිතෙන්නේ . පොඩි advice එකක් දෙන්ඩ පුලුවන්නම්.

  16. පට්ට අයියෙ. මේ වෙනකොටත් කොච්චර නම් කාලයක් කාලද කියල හිතුනා. Anyway thnq so much

Leave a Reply

Your email address will not be published. Required fields are marked *