දානයක් දෙන්න තියෙන අමාරුවක්

on

හෙට අපේ තාත්තාගේ පනස් දෙවැනි උපන්දිනයට ගෙදර පොඩි දානයක් තියන්න ලේස්ති වෙනවා. exam කාලේ නිසා මට එච්චර වැඩේට බහින්න උනේ නෑ.  කොහොමින් කොහොම හරි අම්ම ගෙවල් උඩ පන්සලෙන් දෙනමකටයි තවත් ටිකක් එහායින් තියෙන පන්සලකින් දහ නමකටයි ආරාදනා කරලා තිබුනා. ගෙදර ආර්ථික තත්වේ කාලයක් තිස්සේ එච්චර හොදට තිබුනේ නැති නිසා මතක ඇති කාලෙකින් දානයක් එහෙම දුන්නෙත් නෑ. මට මතක විදියට අන්තිමට දුන්නේ 2009 වගේ.

ඇත්තටම දානයක් කියන්නේ වඩින හාමුදුරුවොන්ට දැන් පිළිගන්වන එක සහ ගෙදරට එන නැදෑ හිතවතුන්ට  නිකම් කන්න බොන්න දීලා යවන එක නේ. ඉතින් ඔය වෙලාවට එන ගොඩක් දෙනා කාල ඉවර වෙලා ගෙදර ඉන්න පුතාට දුවට, අම්මට තාත්තට බත් බදගෙන යනවත් එහෙම. ඒ වගේ වෙලාවට අබමල් රේණුවකින් වත් තරහක් ගන්න නරකයි මොකද දානයක් නේ දෙන්නේ. ඕන තරමක් ගෙනිච්චවේ. කන්න නේ ගෙනියන්නේ. එච්චරයි.

මට තියෙන ප්‍රශ්නේ නම් මේකයි, දැන් හාමුදුරුවන්ට දානයට ආරාදනා කිරීමට පන්සලට ගියාම හාමුදුරුවෝ වලදන්න ඕන මොනවද කියලා අහගෙන එන්නත් ඕන, පන්සලේ ඉන්න පොඩි නමවල් වලදන්න කැමති අතුරු පස මොනවද කියලා දැනගෙන එන්න ඕන. පිරිකරට මේ දවස් වල ඕන මොනවද කියල  දැනගෙන එන්නත් ඕන. සමහර විට හැම පන්සලේම මේ වගේ නොවෙන්න පුළුවන්. ඒ උනාට මම දන්නා කියන ගොඩක් තැන වල එහෙමයි.

අද හවස මම අම්මත් එක්ක ගියා ඉදිආප්ප order කරන්න. අම්ම හෙට උදේට දානෙට බත් උයනවා කිවුවා. පානුත් ගෙන කතාවක් කිවුවා. කුස්සියට යන එන අතරතුරේ දැක්ක ලස්සන පලතුරු දාන plastic කුඩ වගයක් තියෙනවා. මම ඇහුව ඒ මොකටද කියලා, නෑ දැන් ගෙඩි පුජාව (අතුරුපසට පලතුරු දෙන එක) දෙන්නේ පලතුරු කුඩ වල දාළලු. කවුද මේවා කියන්නේ? හාමුදුරුවෝ කියල එව්වද? අපේ මිනිස්සු හදාගත්තුවද?

පොඩ්ඩකට හිතන්න උදේ දානෙට බත් හරි, පාන හරි, ඉදිආප්ප හරි වලදලා, එක එක ජාති වලින් පලතුරු වලදලා, තවත් අතුරු පස වලදලා, ඉතුරු නොයෙකුත් බිම ජාති වලදලා මිනිහෙකුට කෙලින් ඉන්න පුලුවන් ද?

හාමුදුරුවොන්ට මෙහෙම දානේ දුන්නම අපේ මිනිස්සුන්ටත් පව් පිරෙනවා. ඇයි දෙයියනේ හැමදාම මෙහෙම කෑවම ඒ මිනිස්සුත් ඉක්මනට ලෙඩ වෙලා අපවත් වෙන්න පුළුවන්. නිකමට හිතන්න හැමදාම අපි දානේ ගෙවල් වලින් කාල මාසයක් හිටියොත් කොහොමට තියෙයි ද කියලා.

දැන් මට තේරුම ගන්න පුළුවන්, පහුගිය කාලේ පුරාවටම අපිට ගෙදර දානයක් දෙන්න බැරි උනේ ඇයි කියල. කිසි කෙනෙක් හිතන්නේ නැ, එක නමක්, දෙනමක් වඩම්මලා පුළුවන් විදියට එකයි බතයි හරි දන් පිලිගන්නලා, බන ටිකක් ඇහුව නම් වැඩේ ඉවරයි. දානයක් නේ දෙන්න ඕන. අරය අරම කරා, මෙයා මෙහෙම කරා කියල full posh දානයක් දෙන්න ගියාම් තමයි අතේ තියෙන පිච්චියටම හිදෙන්නේ.

4 thoughts on “දානයක් දෙන්න තියෙන අමාරුවක්

  1. හැමදේම විකෘති වෙලානෙ. ඒකයි ගැටළුව. ආයෙ දානෙ දෙනකොට දෙන තැන, කෙනා ගැන දෙසැරයක් හිතලා දෙන්න…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *