මට smartphone එකක් ඕනමද?

on

HTC One M8
කාලෙකට පස්සේ blog එකට ලිපියක් දාන්න වෙලාවක් හම්බුනා. Software Engineer කෙනෙක් විදියට job එකක් කරන්න ගත්තට පස්සේ life එක complicated, වෙනදා වගේ free time එකක් සෙට් වෙනවා අඩුයි. ඒ ගැනත් වෙනම ලිපියක් ලියන්න ඉන්නේ, එකත් පස්සේ වෙලාවක දාන්නම්.

මට මේ ලිපිය ලියන්න හිතුනේ ලදී ආපු smartphone එකක් දැක්කම. වෙන මොකක්වත් නෙමෙයි, HTC One M8. Specs වල තියෙන විදියට නම් ඉස්සරහ camera එකයි, පිටිපස්සේ camera දෙකයි, අරකද මේකද හරියට වැඩ කිඩ.

M8 එකක් අල්ලලා බලන්න බැරි උනත් ඊට කලින් ආපු model එක මම පොඩ්ඩක් අතපත ගාල බැලුවා. Metal body එකක් නිසා අතට එන feel එක නම් පට්ටයි. මම ලංකාවේ තැන කීපයකට call කරලා බැලුවා ගාන එහෙම කොහොමද කියලා. කොහොමත් 90ක් එකක් අතරේ ගානකට තට්ටු වෙන වැඩක්.

මම මිට කලින් Android phone එකක් ගද්දි හිතුවේ, මේක තව අවරුදු 5ක් වත් පාවිච්චි කරනවා කියලා. ඒත් තියෙන application එන්න එන්න update වෙනවා, වැඩි වැඩියෙන් resources ඉල්ලනවා. කොටින්ම කිවුවොත් Facebook වගේ common app එකක් දැම්මත් phone එක stuck වෙනවා. Dial pad එක open කරහමත් තත්පර 5ක් වත් යනවා, වැඩිම අවරුදු දෙකක් පාවිච්චි කරගන්න පුළුවන්.

ලක්ෂයක් දීලා phone එකක් අරගෙන අවරුදු දෙකක් පාවිච්චි කරනවා කියන්නේ මොන අපරාදයක්ද? :/

හරි ගානත් ප්‍රශ්නයක් නෑ, ගෙවල ගත්තා කියමුකෝ. ඇත්තටම මට ඕක මොකටද ඕන?

රැකියාවෙන් Software Engineer කෙනෙක් උනාට, මම විනෝදාංශයක් විදියට Android development කරනවා. ඉතින් application ලියලා test කරගන්න ඔය වගේ එකක් තිබුනොතින් හොදයි. ප්‍රශ්නේ තියෙන්නේ දැනටමත් Android phones දෙකෙක්ම මම ලග තියෙනවා. දැනට අවරුදු කිපකට කලින් ගත්තු Galaxy S එකක් සහ අදුරන කෙනෙක් ටික දවසකට තියාගන්න දීපු Galaxy Nexus එකක්. Android developer කෙනෙක් විදියට ඒ වැඩේ කරගන්න, අර තියෙන phones දෙක හොදොඅටම ප්‍රමාණවත්.

ඊළගට camera එක.

ඇත්තටම මම selfies ගන්නේ නැ (phone එක දිහා බලාගෙන මගේම ඒවා), camera එකක් හොදටම ඕන උනේ, campus ඉන්න කලේ කගේ හරි note එකක් photos ගන්න විතරයි. මිට අමතරව කන බොන තැන වල photos, foursquare එකේ දානවා, but එක නොකර මට ජිවත් වෙන්න පුළුවන්.

ඇත්තටම දැන් job එකකට යන නිසා, phone එකේ තියෙන ලොකු ලොකු features ගොඩක් පාවිච්චි කරන්න වෙන්නේ නෑ. උදේ ගියාම හවස් වෙලා එනවා. නානවා, කනවා මලක් කඩලා නිදාගන්නවා.

Phone එක මට නම් ඕන, call එකක් ගන්න, sms එකක් ගහන්න. ඒ ටිකට මම දැන් පාවිච්චි කරන්නේ, Nokia 1110 එකක්.

Nokia 1110
ඉස්සර නම් උදේට office යද්දී ear phone එක ගහගෙන bus එකේ යන ගමන් සින්දුවක් ඇහුවා, මමම හදපු news application වලින් news කියෙවුවා. හැබැයි එතන මොකක්දෝ අඩුවක් තියෙනවා. Bus එකට නැගපු වෙලේ ඉදන් මිනිස්සු smartphone, iPad වගේ ඒවා දිග අරගෙන ඒ ඒ ලෝක වල. ජීවිතය complicated කරගෙන. මම දැන් Nokia 1110 එකක් use කරන නිසා, මට ඒ ලොකු ලොකු වැඩ කරන්න විදියක් නෑ. මම ඉස්සර වගේ ජීවිතය විදිනවා. Bus එකට ලස්සන කෙල්ලෙක් නැග්ගොත් දකිනවා (වල් කමට නෙමෙයි), පාරේ තොටේ මොනවා හරි දෙයක් දැක්කොත් දකිනවා.

Button තියෙන පොඩි phone එකක් පාවිච්චි කරන නිසා, ඇස් පියාගෙන උනත් call එකක් ගන්න පුළුවන්. කරදරයක් නෑ. ජීවිතය simple. කොටින්ම දවස් කීපයක් charge එක තියෙනවා. ඉතින් වෙන මොනවද ඕන. ජීවිතය simple වෙනවා නම් එච්චරයි.

19 thoughts on “මට smartphone එකක් ඕනමද?

  1. බලාගෙන ගියාම ඇත්ත තමයි… හොඳ කැමරාවක් ගත්තනම් ඉවරයි ඔය 90ක් වියදම් කරන එකේ..

    සිරා කතාව මචං

    1. ඔය කියන ජාතියේ ලොකු ලොකු camera ගන්න ගියාමත් තවත් හිතට වදේ බන්. ඕව ඉගෙනගන්නත් එපයි.

  2. සහතික ඇත්ත මමත් 2013 මුල හැම‍ෝම ගන්න නිසා සහ ස්මාට් ෆොන් පිස්සුවක් තිබුන නිසා HTC ONE එකක් ගත්ත ගත්ත දවස් වල නම් ආසයි. ඒත් මට ඒක හැම තිස්සෙම අතේ තියන් ඉන්න උනා,කවරයක් දාන්න උනා. කෝල් ගන්න කොට ඒක දිගඅරින්නයි, ආපහු වහන්නයි කරදර ගොඩයි. තව තියෙන හැම ඇප් එකකම දදා දවස් ගානක් මහ රෑ ගේම් ගහනවා, ‍ටිවිටර් ගහනවා එක ලෝකයි, ගොඩක් ෆෝරම් වල පැය ගනන් ඇප්ස් හෙව්වා, තව වෝල්පේපර්, රින්ග්ටෝන් අරව මේව.

    යාලුවොන්ගේ ඒවත් එක්ක කම්පෙයාර් කර කර අයිකන් පැක්, එක එක විජිට් ලෝකයියි. ඔක්කොටම වඩා අවුල දවසක් ෆොන් එක තියෙන්නෑ බැටරි බහිනවා මළ වදේ මේක චාජ් කරන එක. පස්සේ මටම තේරුනා ජීවිතේ තිබුනට වහා පහලට ගිහින් වගේ. මාස 5යි තියා ගත්තේ යාලුවෙක්ට 12ක් පාඩු තියන් දුන්න.

    දීල ගත්ත DO COOL+ පොඩි ෆෝන් එකක්. පට්ටයි බැටරිය බහිනකන් බලන් ඉන්නව බහින්නෑ. දවස් 10ක් විතර තියනෙව දවසට විනාඩි 5 විතර කෝල් ගත්තත්. හරිම හුරුබුහුටියි, පුංචියි, රේඩියෝ, MUSIC වගේ සරල දේවල්ට ටිකක් තියෙන්නේ. අනික නැති උනත් අවුලක් නෑ රුපියල් 2300යිනේ. දැන්නම් ෆොන් එක මාසෙටම චාජ් කරන්නේ 2සරයක් හේ 3න් සැරයක්. සාක්කුවේ ෆොන් එක තියෙනවද කියලවත් දැනෙන්නෑ.

    ඇත්ත ඔයා කිව්ව දේ. මේ එක එක කෙහෙල්මල් බලෙන් දාගෙන ජීවිතේ සංක්‍රීරණ කරගන්නව කිසිම තේරුමක් නෑ.

    1. අහන්නත් සතුටුයි. තවත් ඒ වගේම අදහස් තියෙන කෙනෙක් 🙂

  3. මල්ලී හරියටම හරි මල්ලී..මොන මොන ෆෝන ආවත්, ඇප් ආවත් සරල ජීවිත ක්‍රමේ තියෙන ආතල් එක නෑ..

  4. ඒකට මම හිතනවා.. කවදද දෙයියනේ මගේම කියලා මේ වගේ ෆෝන් එකක් ගන්නේ කියලා

    1. ආසමනම් ඉතින් ගන්න, මටත් ඕක ඔයවගේම කාලයක් තිබුනා.

  5. හෑ.. ඇත්තටමද මේක ලිව්වෙ ඉසුරු මල්ලි? ඔව් මේ සන්නිවේදන තාක්ෂණය ජීවිත පොඩි ඩිස්ප්ලේ එකකට කොටු කරල තමයි. ඒත් ස්මාර්ට් ෆෝන් එක නැති වුනාම ආයෙම ගන්න හිතෙනවමයි. ඒත් 40 ට වැඩියෙන් දීලනම් ෆෝන් ගන්නෙ නැහැ මමනම්. අපි යමු Moto G එකකට. ඒක මරු 🙂

  6. මමත් පොඩි ෆෝන් එකකට යන්න උත්සාහ කළා.. නමුත් කොහේ ගියත් තනියෙන් ඉන්නවනම් සින්දුවක් ඕන නිසා හොද sound තියෙන ෆෝන් එකක් ඕනෙම වෙනවා + කැමරාව (දැනට ගිය ට්‍රිප් , අනං මනං හැම මගුලක්ම ගැහුවේ ෆෝන් එකේ කැමරාවෙන් )..ඇත්තටම කිව්වොත් ඇබ්බැහි වෙලා.. ෆෝන් එකයි MP3 එකකුයි දෙකක් ගෙනියන්නත් බෑ..ඉතින් මට නම හොදම විසදුම මේක… 🙂

    1. ඔන්න ඔතන තමයි මටත් තියෙන අවුල. Trip ගියාම නම් camera එකෙන් photos ගන්නේ. මොකද Phone එකෙන් ගහල battery බැස්සොත් ආයේ ගෙදර එනකම්ම charge කරගන්න වෙන්නේ නෑ.
      MP3 සින් එක නම් පොඩි අවුලක් තමයි. එකට කරන්න දෙයක් නෑ.

  7. හොඳ වෙලාවට මේ පොස්ට් එක දැන් දැම්මේ. තව පොඩ්ඩෙන් මන් උඹට එනකොට හොඳ Smart Phone එකක් අරන් එන්න හිටියේ :p දැන් ඉතින් එව්වා ඕනේ නෑනේ 1100 වගේ එකක් අරන් ආවම වැඩේ ගොඩ 🙂

    කිව්වට මොකද මන් ගාවත් තවම 1100 එක නම් තියේ. දවස් 5-6 බැටරිය වැඩ.ඒකට #Nexus 5 එක හරියටම දවසයි. 🙁

    1. කව්රු උනත් සතුටින් දෙන දේ එපා කියන එක හරි නෑනේ බන්. 😛 😀

      1. ඒ උනාට උඹ මෙතන කියලා තියෙන විදියට උඹට ඔව්වා ගෙනල්ලා දීලා පව් පුරවගන්න බෑ :p

  8. මම ගත්තු ෆෝන් එක දිගට කැඩුන නිසා මම දැන් අවුරුද්දක් විතර ස්මාට් ෆෝන් එකක් නැතුව ජීවත් වෙනවා. කිසි කරදරයක් නෑ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *