මචං profile picture එකට මේක දාලා cover page එකට මේක දාන්න

on

title එකේ තියෙන දේ මට හිටපු හිටපු ගමන් chat එකේ එක එක යාලුවන්ගෙන් එනවා. ලගදි දවසක් දැක්ක ඔය වගේ දෙයක් අපේ ඉස්කෝලේ කටිටිය ඉන්න group එකක දාලා තියෙනවා. මම මගේ profile pictures, cover page ඇති සාමාන්‍යයෙන් වෙනස් කරන්නේ නැ, ඉතින් මම ඔය cover page එකට අදාළ පින්තුර එහෙම share කරා. මොකද සමුහයක් විදියට අපි කරන project එකකට පොඩි publicity එකක් ඕන. ඉතින් මම share කරාම ඒ ඕන දේ වෙනවා. මගේ online ඉන්න යාලුවොන්ට පේනවා මම මේක share කරා කියල. ඉතින් අදාළ project එක ගැන නොදන්නා අය දැනගනීවි.

ඉතින් ඉස්කෝලේ යන කාලේ, කැම්පස් වල ඉන්න කාලේ ඔය කොතනත් ඉන්නවා “මං පොර ජාතකය” රගපාන අය. එහෙම කෙනෙක් අපේ ඉස්කෝලේ කට්ටිය ඉන්න group එකක තමන්ටම අදාළ චාටර් වචන ටිකකින් කාගෙවත් නමක් නොගවෙන්න ඔය වැඩේට (profile pic & cover page update වෙනුවට share කිරීම) තමන්ගේ අකමැත්ත ප්‍රකාශ කරලා.

මම කිවුවොත් facebook තියෙන්නේ මොකදට කියලා, ජිවිතයේ ඇත්තටම දන්නා කියන අය එක්ක online නුත් contacts තියාගන්න. දන්නා කියන අය කිවුවට, නොදන්නා අය අදුරගන්නත් ගොඩක් වෙලාවට පාවිච්චි වෙනවා. මෙතැනදී අපිට කියල අනන්‍ය දෙකට තියෙන්නේ අපේ profile එක. ඉංග්‍රීසි වචනයන්ම තේරෙනවා අපි ගැන outline එකක්. අන්න ඒ profile එක හදාගන්න අපේ වර්තමාන දත්ත වගේම පින්තුර එහෙමත් පාවිච්චි කරනවා.

පුද්ගලිකව මම නම්, ටිකක් විතර මගේ profile එක ගැන උනන්දු වෙනවා. හේතුව මොකද කිවුවොත් IT සම්බන්දයෙන් ඉගෙනගන්න මම, කැම්පස් එන්න කාලයේ දෙපාරක් industrial training යනවා. ගොඩක් වෙලාවට industrial training එකක් හදාගන්න cv එකක් අදාළ company වලට යැවුවම, ඒ මිනිස්සුන්ට අපි ගැන ලෙසිනෙම හොයාගන්න පුළුවන් විදියක් තමයි අපේ facebook profile එක. තව අපි මිනිස්සුත් එක්ක අදහස් ප්‍රකාශ කරන්නේ කොහොමද කියන එක බලාගන්න පුළුවන් අපි blog එකක් ලියනවා නම් අන්න එකෙන්.

ඉතිහං මම බලාපොරොත්තු වෙන විදියට facebook එකේ කුණුහරුප status දැම්මත් එකත් දන්නා ඕන විදියක් තියෙනවා. තමන්ගේ profile එක තියෙන්න ඕන විදියක් තියෙනවා. අපිට friend request එකක් අවොත් අපි මුලින්ම දකින්නේ profile picture එක, එකේ තියෙන්නේ වෙන පින්තුරයක් නම් තමයි නම කියවන්නේ, ඊළගට නම මතක නැත්නම් තමයි ඊළගට අදාල පුද්ගලයාගේ profile about එක බලල add කරගන්නවද නැත්ද කියල තීරණය කරන්නේ. Profile picture is the most IMPORTANT

මම ගැන ගත්තොත් මගේ networks තමයි,

  1. ඉස්කෝලේ
  2. කැම්පස් එක
  3. මම උගන්නන ආයතනය

ඔය එක එක network එකේ එක එක events organize කරනවා. එක එක කාලෙට එක එක දේවල්වලට online publicity එකක් දෙනවා.

ඉස්කෝලේ

  • අවුරුද්දේ මුල big match feaver
  • ඉස්කෝලේ උපන්දිනය දවස
  • 5 වසර OL, AL, හා වෙනත් විබහගයක ඉස්කෝලේ කෙනෙක් හොද rank එකක් දාපු දවසක්
  • ඉස්කෝලේ යාලුවෝ එකතුවෙලා සාමුහිකව කරන වෙනත් දේවල්

කැම්පස් එක

  •  SB අලුත් පනත් ගෙනෙන එක
  • පාගමන්, පෙළපාලි, etc…

උගන්වන ආයතනය

  • අවුරුදු උත්සව
  • අලුතින් පටන් ගන්න courses
  • ඉගෙනගන්න ළමයි ලංකාවෙනම් හොද ranks දාන අවස්ථා

ඉතින් සබද, ජනවාරි වලින් පටන්ගත්තාම මාර්තු කාලෙට big match එකට ඉකොලේ අනිත් අය දාන විදියට ඉස්කෝලේ කොඩිය දන්නා ඕන. අප්‍රේල් වලට කැම්පස් එකේ හරි ඉස්කෝලෙන් හරි අවුරුදු උත්සවයක් නම් හරි එකට publicity එක දෙන්න තව මොනවා හරි දන්නා ඕන, නිතර දෙවේලේ SB කියන කියන දෙට විරුද්දව කලුපාට profile pictures දන්නා ඕන, උගන්නන තැන අලුතින් දෙයක් පටන් ගන්නවා නම් එකට publicity එකක් දෙන්න, තව කියක් කියක් නම් දේවල් අවුරුද්ද පුරවටම එනවද?

Stev Jobs මහත්තයා මැරුණම “we missed you” කියල දන්නා ඕන, තව නම් දේවල් කියක් නම් කියන්න තියෙනවද?

මේ විදියට ගියොත් අන්තිමට මගේ profile එක කියල ඉතුරු වෙන්නේ advertising account එකක්ද? එක එක්කෙනා කියන විදියට profile pictures මාරු කරලත් බෑ, මාරු නොකරත් බැ. ඔය වැඩේ දිගටම කරන්න ගියොත් ඉසොප් ගේ උපමා කතා වගේ “තාත්තයි පුතයි බුරුවැව කරේ තියාගෙන ගිය වගේ” මටත් වෙන්නේ. ඉතින් මම අනුගමනය කරන හොදම ක්‍රමය තමයි, ඇති විශේෂ අතිශයෙන් විශේෂ (යුද්දය දිනපු දවසේ) හේතුවක් හැරෙන්න මගේ profile pictures change කරන්නේ නැත.

කැමති කැමති අය profile pictures, cover pages ඕන එකක් change කරගන්න. ඒ වෙනුවට මම share කරන්නම්. Publicity එක ඕන මුදල් හම්බකරන දෙයකට නම් එකට තමයි facebook advertising තියෙන්නේ.

දැන් ඉස්කෝලේ මං පොර ජාතක හිතන හැටි,

මු කැම්පස් ගිහිල්ල හෙළ ලොකු ලයින් එක, හෙන ලොකු එකෙන් ඉන්නේ. අයෙ කට්ටිය සෙට් උනාම මුට ගහන්න ඕන.

කැම්පස් එකේ මං පොර ජාතක හිතන හටි,

මොකෙන්ද බන් මේ, පජතයි නේ. මුව අපේ batch එකෙන් අල කරලා දන්නා ඕන. ඔකද උබේ batch fit එක?

අනිත් අය හිතන හටි comment එකක් දාලා යන්න 😀

6 thoughts on “මචං profile picture එකට මේක දාලා cover page එකට මේක දාන්න

  1. “මොකෙන්ද බන් මේ, පජතයි නේ. මුව අපේ batch එකෙන් අල කරලා දන්නා ඕන. ඔකද උබේ batch fit එක?..”

    අපි හිතපු විදිය වෙනස් නිසා…අපි ගියා පාරවල් කපා ගත්තේ අපිම නිසා අපිටත් මෙහෙම කියපු අය ඕනි තරම් අපේ බැච් වල හිටියා මල්ලී..මල්ලී කියලා තියෙනවා වගේ “මන් පොර ජාතක” වර්ග කීපයක්ම ඉන්නවා..

    1.අන් මත නොඉවසන “මන් පොර ජාතක”
    2.තමා ඉපදී සිටින්නේ අන් අයට මග පෙනවන්නට සහ නායකත්වය උසුලන්නට යැයි සිතන් “මන් පොර ජාතක”.
    3.තමාට වඩා වැඩක් පුලුවන් එකෙක්ගේ කකුලෙන් ඇදීම දිවි පරදු කොට කරන
    මෙ ප්‍රධාන වර්ග වලට අමතරව අවශේෂ කීප වරගයක්ම සිටින අතර කවුරු වැඩ කලත් තමන්ගේ නම දමා ගන්නා “මන් පොර ජාතක” මේ අතරින් ප්‍රමුඛය..

    1. මට වඩා අයියට මේ ගැන හොද අත්දැකීම් තියෙන නේද? නියම වර්ගීකරණයක්

  2. සහතික ඇත්ත කතාව බන් !! ඔය කියන විදියට මාරු කලොත් අපේ පින්තුරයක් බැනර් එකක් දසකට දෙකකට වැඩ තින්නේහ :/

  3. ඉසොප් ගේ උපමා කතා වගේ “තාත්තයි පුතයි බුරුවැව කරේ තියාගෙන ගිය වගේ”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *