Web developers, designers ලාට පමණයි the File Reader

on

දැනට අවුරුදු එකහමාරකට ඉස්සර තමයි wordpress කියන cms එක ගැන මට අහන්න ලැබුනේ. ඒ වෙන මොකට වත් නෙමෙයි අපේ කැම්පස් එකේ union එකේ website එක හදන්න ඕන වෙලා එක මම බාරගත්ත නිසා. මුලින්ම ground level එකේ ඉදලා dreamweaver වලින් website එක හදන්න කල්පනා කරත් පස්සේ මගේ Web developing Guru අංජුල මල්ෂාන් තමයි මෙහෙම wordpress කියලා ලේසියෙන් website හදන්න පුළුවන් cms එකක් තියෙනවා කිවුවේ.

Wamp එහෙම setup කරගෙන wordpress වලින් website එක හදාගෙන හදාගෙන ගියා. කොයි වැඩෙත් පටන්ගද්දී අපිට තියෙන දෙයක් නේ, ඔකේ අයිතිකාරයාගේ නම මකන එක. කොටින්ම කිවුවොත් wordpress කියන්නේ opensource cms එකක්. ඕන කෙනෙක් ඕක ගැන දන්නවා. ඉතින් wordpress පාවිච්චි කරලා website එකක් හැදුවම ඔකේ කිසි ගතියක් නැ වගේ. Website එක host කරට පස්සේ කවුරු හරි ඔකේ source එක open කරලා බැලුවම හැම තැනම wp- කෑලි තියෙනවා නම්, දැක්ක ගමන් පේනවා මේක හදල තියෙන්නේ wordpress වලින් කියලා.

ඉතින් අපිට ඕන උනා අපි හදන website එක, පේලියක් ගානේ අපිම develop කරපු ගතියක් ගන්න. එකට නම් මුළු wordpress cms එකේම හා පාවිච්චි වෙන plugins හා themes කියන සියල්ලේම wp- කියන එක වෙනුවට අපි වෙන නමක් දන්නා හිතාගත්ත. ඉන්කං is- වගේ. ඊළගට wp-admin කියන වගේ තැන වලට දන්නා හිතුව wp-login, ඔය වගේ මුළු files & folder structure එක එහෙම්පිටින්ම වෙනස් කරන්න කල්පනා කරා. එත් ඒකාලේ wordpress ගැන හා php ගැන තිබුන දැනුම නම් අන්තිමයි. මුළු source එකේම මේවා හොයා හොයා edit කරන්න තරම් දැනුමක් තිබුනෙත් නැ, එක කරන එක ලේසි වැඩකුත් නෙමෙයි.

ඉතින් මට පොඩ්ඩක් Java පුලවන් වෙච්ච එකේ හැදුව පොඩි tool එකක්. ඕන තහනම් file path එක දුන්නම, අදාල tool එකෙන් ඒ path එක ඇතුලේ තියෙන ඕන file එකක් folder එකක නම වෙනස් කරන්න පුළුවන්, එට අමතරව files ඇතුලට ගිහිල්ල read කරලා ඕන content එකක් වෙනස් කරන්න පුළුවන්. ඔන්න ඕක තමයි File Reader කියල නම දැම්මේ.

Download කරගන්න ලින්ක් එක

 

මේක හැදුවේ සාමාන්‍ය windows වල එන file/folder search එකේ නැති features ටිකක් ඉලක්ක කරගෙන. කරන්න පුළුවන් වැඩ මොනවද?

1) ඕනෑම file එකක් ඇතුලේ තියෙන content එක කියවීම.

උදාහරණයක්‌ විදියට අපිට ඕන D:\ drive එක ඇතුලේ තියෙන මොනවා හරි file එකක් (java, php, c, or any text file) ඇතුලේ තියෙනවා නම් “Hello” කියන text content එක අපි path එකට D:\ දැම්මා  Contain එකට Hello දැම්මා. search කරා.

2) ඕනෑම file එකක් ඇතුලේ තියෙන content එක replace කිරීම

අංක එකේදී කියපු උදාහරණෙ වගේම, අපිට ඕන Hello කියල කොහේ හරි file එකක තියෙනවා නම් ඒ ඔක්කොම Hi කියල replace කරන්න.  Replace එකට Hi කියල type කරා. Replace button එක එබුවා.

3) ඕනෑම file name එකක් folder name එකක් වෙනස් කරන්න.

අපිට ඕන D:\ drive එකේ තියෙන abc කියල file name තියෙන ඔක්කොම files වල නම් xyz කියල මාරු කරන්න. Contain එකට abc, Replace එකට xyz , File rename click කරා, Folder වලට නම් Folder rename.

මෙච්චර එකින එක පැහැදිලි කරේ මම හදපු tool එකක් නිසා, සමහර විට මේක මට විතරක් තේරෙන එකක්ද දන්නේ නැ කියන සැකේට. අනික දැනට නම් මට මේකේ bugs අහු උනේ නැ. හැබැයි මතක තියාගන්න tool එකේ මොනවා හරි search එකක් හැර rename එකක් හරි වෙනවා නම්, මම waiting animations මුකුත් දාල නැ. ඒ වෙලාවට tool එක නිකම් not responding වගේ පෙන්නාවි. එත් ගණන ගන්න එපා. වැඩේ සිද්දවෙනවා. ඉවර උනාම msg box එකක් එනවා.

තව දෙයක්, මේක run කරද්දී admin privileges ඉල්ලනවා. බය වෙන්න එපා virus නැ. එහෙම කරේ windows 7 වල වගේ, C drive එක ඇතුලේ සෙල්ලම් දන්නා ගියාම මේක පිස්සු නටනවා. එක නිසා කොයි වෙලෙත් admin privileges වලින් open වෙන්නම දැම්මා.

කාලයක් යද්දියි තේරුනේ, මොන පිස්සු වැඩක්ද, wordpress එකේ එයාලගෙම නම මාරු කරලා host කරන්නේ කියල. මොකද update එකක් අවත install කරන්න බැ නේ. ඔක්කොම එන්නේ wp- කෑලි එක්ක නේ. අනිත් එක හොද පුරුද්දක් විදියට opensource එකකින් වැඩක් ගන්නවා නම්, අනිවා අයිත්කරයෝන්ට පොඩි බක්තියක් දෙන්න ඕන. අඩුම තරමේ එයාලට link එකක් වත් දාලා.

Eclipse වගේ IDE වල නම් මේ features ඔක්කොම තියෙනවා. හැබැයි මේ වගේ tool එකක් දන්න කෙනෙක් ඉන්නවා නම් මටත් දැනගන්න එක්ක comment කරලා යන්න.

8 thoughts on “Web developers, designers ලාට පමණයි the File Reader

  1. මම දන්න විදිහට WordPress වල WP කෑල්ල files වල විතරක් මකලා මදි. DB structure එකත් වෙනස් කරන්න වෙයි…. 😀

    1. DB structure එක වෙනස් කරන එකට tools උවමනා වෙන්නෙ නෑ. WordPress install කරද්දි DB-prefix කියලා අපි wp_ by default නෙ දෙන්නෙ, එතකොට එතනින් විතරක් වෙන්ස කරනම් හොඩටම අති. අනික prefix එක වෙනස් කරන්න ලොකු උවමනවාක් නෑ. Frontend usersලාට database structure එක පෙන්නෙ නෑ නෙ.

    1. Fine and Replace, recursive විදියට folders අතුලට ගිහිල්ල තියෙන හම file එකක්ම edit කරන්න පුලුවන්ද? එහෙනම් නියමයි. ස්තුතියි දෑනුවත් කරාට.

  2. වැඩේ නියමයි.

    //කාලයක් යද්දියි තේරුනේ, මොන පිස්සු වැඩක්ද, wordpress එකේ එයාලගෙම නම මාරු කරලා host කරන්නේ කියල. මොකද update එකක් අවත install කරන්න බැ නේ.

    update එකක් අවාත් install කරන්න බෑ කිව්වෙි Auto update කරන එක ගැනද.?

    මැනුවල් update කරන්න. ඔයාගේ දැනට තියෙන සයිට් එකේ බැකප් එකක් අරන්. සයිට් එකේ wp-admin
    wp-includes පයිල් දෙක මකලා. අලුත් WordPress එකක් Download කරන් එකේ තියෙන wp-admin
    wp-includes දෙක Filezila වලින් upload කරන්න එතකොට හරි. සයිට් එකට කිසි දෙයක් වෙන්නේ නෑ. මම කිව්ව විදියට Rename කරලත් කල හැකි. WordPress update කරනකොට update වෙන්නේ ඔය පයිල් දෙක විතරයි.

    1. ඔව්, update එකක් ආවම එක download කරලා rename කරන්න ඔන, ඉට පස්සෙ upload කරන්න ඔන. තව දෙයක් තමයි, මම හිටපු හිටපු ගමන් site එකට අදාලව plugings වෙනස් කර්නවා. එතකොටත් එවත් එ වගෙම වෙනස් කර කර upload කරන්න වෙනවා. එහෙම බෑලුවම ඔය තියෙන විඩිය හොඩයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *