අන්තිමේට හරක්මස් කැවෙමි

on

අද කැම්පස් එකේ තිබුන exam ඉවර වෙලා  සුපුරුදු විදියට ගාල්ලේ town එකට අවා  වක්වැල්ල බස් එකෙන්. අම්මත් අම්මගේ මහා ගෙවල් බලා ගිහිල්ල තියෙන නිසා, තාත්තයි මල්ලි මමයි විතරයි ගෙදර. කැම්පස් එකේ කැන්ටිමෙන් මුකුත් කාවෙත් නැ කෙලින්ම town එකට අවේ රු100ට පාරේ අයිනේ කුඩ තියාගෙන විකුණන rice එකක් අරගෙන ගෙදර යන්න බලාගෙන.

කොහොම කොහොම හරි town එකෙන් බහිද්දී මොකක්දෝ මන්ද මාර බඩගින්නක් අවා. අපු බඩගින්නේ හරියට පෙට්ටි කඩවලින්, කුඩ යට තියෙන බත් පැකට වලින් ගොඩ යන්න අමාරයි. ඔය වෙලාවට අල්ලන්න තියෙන එකම spot ඒකතමයි ගාල්ලේ GalleIn the Chinese. දන්නැත්නම් දැනගන්න එක තියෙන්නේ සෙලාන් බැංකුව ඉස්සරහ. මාරු spot එක.

ඔතන තියෙනවා එල mix rice එකක්. තනියෙන් ගියොත් දීසියක්ම බෙදල දෙනවා. දෙන්නෙක් ගියොත් පිඟන් දෙකකට පොඩ්ඩ පොඩ්ඩ බෙදල දෙනවා. ඔය  mix rice එකට දාන ජාති තමයි chicken, beef, sausages, olive oil තව ඔය එළවලු කෑලි ටික. කවදත් වගේ මම අමුතුවෙන්ම කියල beef නැතුව හදලා ඉල්ලගන්නවා. ඒ කිවුවට මුන් කුස්සිය පිටිපස්සට ගිහිල්ල beef නැතුව හදනවද? beef දාලා හදපු එකේ beef කෑලි ටික අයින් කරනවද මම දන්නේ නැ. කොහොම හරි කන්නේ beef නැතුව.

අදත් වෙනද වගේම mix rice එකයි, beef නැතුව තව coke එකයි. ඔන්න mix rice එක එනවා බැබලි බැබලි හැබැයි ටිකක් මස් ජාති දෙකක් තියෙනවා. chicken සහ beef. දැන් ඉතින් තිබුන බඩගින්නට මේ මිනිහට බැනලා තව එකක් ගෙන්න ගන්න හිතෙන්නෙත් නැ. beef ටික අයින් කර කර කෑවා. ටික වෙලාවක් කද්දී හිතුනා, දැන් මේ පිගානේ තියෙන හරක් මස් ගන්න, අදාළ හරකව දැනටමත් මරල ඉවරයි. උයල ඉවරයි මේසෙට බෙදලත් ඉවරයි. ඉතින් මම කාවේ නැ කියල මුන් අන්තිමට මේ ටික විසි කරවී. ඕකනේ වෙන්නේ.

අවුලක් නම් නැ ඉතින්, මහා ලොකු රහකුත් නැ. නැත්තෙමත් නැ. හැබැයි BBQ කරපු chicken කැල්ලකට නම් ගහන්න බැරියෝ.

6 thoughts on “අන්තිමේට හරක්මස් කැවෙමි

  1. සිරාවට ඔහොම වේලාවකදී නොකා හිටිය කියල වැඩක් නෑ, මොකද එතකොට වෙන්න ඕන ඔක්කොම වෙලා ඉවරයිනේ, අපි නොකෑව කියල වැඩකුත් නෑ..
    ලබන සතියෙ ගාල්ලෙ එන්නත් හිතාගෙන ඉන්නව පුළුවන් උනොත් ඔය කීව තැනට ගිහින් ඔය කීව එකක් කාල බලන්න ඕන 🙂

    1. එනවා නම් කියන්න, එන සතියෙම වගේ මටත් නිවාඩු 🙂

  2. හැබැයි BBQ කරපු chicken කැල්ලකට නම් ගහන්න බැරියෝ.
    මොන පිස්සුද. හරක්මස් එක්ක බැලුවම චිකන් කියන්නෙ මස්ද කියල හිතෙනව.

  3. හරක් මස් කෙසේ වෙතත් ඉසුරුව දෙබරෙට ගල් ගහල වගේ 😀
    එළකිරි එකේ ඔන්න බැනල ත්‍රෙඩ් දාලා 😀

    PS : හරක් මස් මන් නම් එකම එක පාරයි කාලා තියෙන්නේ එකත් වැරදිලා
    ඇලජික් එකක් තියෙන නිසා කොහෙත්ම කන්නේ නෑ

    1. internet එකේ තියෙන හැම thread එකටම මට උත්තර බදින්න යන්න අමරුයිනේ බන්. කොහොම උනත් කමක් නැ, බ්ලොග් එකට hits නම් ඇවිල්ල අතියෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *