ගාල්ල කොළබ Highway Rocks

on

Galle Colombo Highway එක open කරපු කාලෙම ඒ ගැන සැහෙන්න ලිපි තිබුන, එක එක news site වල කැඩිච්ච belt එකක 4to එකක් එහෙමත් ගියා දැක්කා. මම මේ පහුවෙලා highway එක ගැන ලිපියක් දන්නේ, මොකද මම highway එක open කරපු දවස වලම ඔකේ නොගිය නිසා හා ඊයේ පෙරේදා highway එකට පහගපු නිසා.

මුලින්ම highway එක ගැන ටිකක් විස්තර දැනගත්තේ 2009දී, ඒ කැම්පස් එකේ 1st year ඉන්න කලේ, Civil කරපු lecturer කෙනෙක්ගෙන්. ඒ lecturer කියපු විදියට නම්, highway එක කොළබ කොට්ටාවෙන් පටන් අරන් ගාල්ලේ පින්නදුව දක්වා එනවලු. ඉතින් highway යන්න පැයක් යනවලු, ගාල්ලේ පින්නදුවේ ඉදලා ගාල්ල town එකට එන්න තව පැයක් විතර යවිලු, ඊළගට highway එකට එන වාහන පෝලිම, highway ඒකෙන යන වාහන පෝලිම එක්ක නිසා ඇතිවෙන තදබදයට කොට්ටාවේදී, පින්නදුවේදී තවත් පැයක් විතර traffic තියෙවිලු. සම්පුර්ණයෙන් ගත්තම පැය 3කට අසන්න වෙලාවක්. Overall Galle-Colombo Highway එක කිසි තේරුමක් නැති ව්‍යපෘතියක්ලු.

උපන්දා සිට ගාල්ලේ ඉන්න මම හොදටම දන්නවා, පින්නදුවේ ඉදන් ගාල්ලට එන්න පැයක් යන්නේ නැති බව, හැබැයි මේ කියන විදියට වාහන තදබදයක් අවොත් එහෙම වෙන්නත් බැරි නැ, ඉතින් 1st year හිටපු අපිත් හිතාගෙන හිටියේ highway එකක් නම ලංකාවට තේරුමක් නැ කියලා.

පස්සේ පස්සේ දැක්ක අපේ ගෙවල් වලට පොඩ්ඩක් එහායින් ලොකු පාරක කපනවා, A2 (ගාල්ල මාතර පාර) මාර්ගයේ කටුබැද්ද හරියෙන් තමයි entrance එකට යන්න වෙන්නේ. Highway එක දැකලා නොතිබුනත්, entrance එකට යන track 4 පාර දැක්කම මට හිතාගන්න පුලුවන් උන highway එක කොච්චර සුපිරියට ඇතිද කියලා.

ඉස්සර පාසල් නිවාඩුකලේට සැහෙන්න වාහන වලින් පිරෙන් අපේ පාර (A2), දැන් හැමදාම වගේ කතරගම trip යන වාහන, වෙන වෙන අලුත් වාහන වලින් නිතරම පිරිලා තියෙනවා. පාර මරුවෙන්නත් විනාඩි දෙක තුනක් වත් බලාගෙන ඉන්න ඕන. වාහනේට petrol ගහලා, highway එකටත් සල්ලි දෙන්න පිස්සුද බන්, පරණ පාරේම යමන් කියපු කට්ටිය දැන්, highway එකෙන්මයි යන්න try කරන්නේ. “මල්ලි, හවස වැඩ ඇරිලා 6ට විතර කොට්ටාවෙන්  pizza එකක් ගත්තම, සිතල වෙන්න කලින් 7.30ට විතර ගෙදර මිනිස්සු එක්කම කන්න පුළුවන්”. ඒ උදේ හවස ගාල්ල, කොලබ යන අයිය කෙනෙක් කිවුව කතාවක්.

Highway එක open කරලා ටික කාලෙකට පස්සේ පාරට bus දානවා කියල කතාවකුත් ගියා. ඕක කිවුව ගමන මගේ හිතට අවේ, නිකම් පාරක race පදින Layland bus දෙකක රුපයක්. බස් දෙකේම drivers ලා, හිටු කියල පාගනවා, කොන්දොත්තරලා දෙන්න ඉස්සරහ footboard එකේ ඉදගෙන එකේ ඉදගෙන කගහනවා, “අඩෝ එහාට ගනින් ඩො”. මට හිතුනේ හරි highway එකත ඉවරයි කියල තමයි. හැබැයි bus දැම්මට පස්සේ තමයි තේරුනේ ඒ වැඩේ කොච්චර පිළිවෙලට වෙනවද කියලා.

මුලින් මුලින් highway bus එකේ ticket reserve කරන්න වගේ ජරමර තිබුනත්, දැන් එහෙම දෙයක් නැ, ගාල්ලේ bus stand එකේ highway එකට තියෙන පෝලිමේ හිටියා ගොඩක් වෙලාවට විනාඩි 15න් 15ට වගේ bus තියෙනවා. උදේටයි හවසටයි දිග පෝලිමක් තිබුනත්, අනිත් වෙලවට් වැඩිම උනොත් විනාඩි 5ක පෝලිමේ ඉන්න වෙයි එච්චරයි.

ගෙදර වහනයක් නැති නිසා, හා highway එකේ යන්න තිබුන ආසාව නිසා අම්මයි, මමයි හිතුවා highway bus ඒකෙන කොලබ යන්න කියල. මුලින් මුලින් අම්මගෙන් ටිකක් විතර වදේ, මේකට රුපියල් හාරසිය ගණක වියදම් කරන්නේ කොහේ තියෙන සල්ලිද, අරකද මේකද….. නිකම් AC bus එකක ගියානම් ඉවරනේ කියලා.

හා හා පුරා කියලා bus එකට නැග්ගා, හොද කම කියන්නේ bus එකේ seat ටික පිරුන ගමන් අද්දන එක, අනිත් bus නම හිටගෙන යන්නත් ජනතාව එකතුකරනවා නේ. ගාල්ලේ town එකේ ඉදලා පින්නදුව entrance එකට පැයක යනවා කිවුවට හරියටම ගියේ විනාඩි 15යී. මම දැනට bus එකේ හය හත්වතාවක් ගිහින් ඇවිත් තියෙනවා, කවදාකවත් ඊට වඩා වැඩි වෙලාවක් ගිහිල්ලනම් නැ. පින්නදුවේ ඉදන් කොට්ටාවට හැමදාම වගේ පයකට අඩු වෙලාවකින් ගිහිල්ල තියෙනවා. ඊළගට bus එක ගැන කිවුවොත් අර tourists ලා යන bus වගේ උස බස් විතරයි තියෙන්නේ, නිකම් පාරේ යන bus වගේ මගදිගට AC on/off කර කර  යන්නේ නැ, හැම bus එකේම tv දෙකක් තියෙනවා, මම ගියපු ගොඩක් දවස වල එක්කෝ හොද film එකක් (සිකුරු හතේ), ලක්ස් රිදී රැයක් වගේ බලන්න පුළුවන් දේවල්, අහගෙන යන්න පුලවන් සද්දෙට දාගෙන ගියේ. Private bus වල වගේ “ඩිග්‍ ඩිග්‍” ගලා bass ඇහෙන චොකා බයිලා නම නෙමෙයි.

TV එක
Inside bus
One side of road

සැප පහසුව එක්ක බැලුවම, ගෙවපු ගැන ගැන පොඩ්ඩක්වත් දුක නැ, ඉස්සරහ seat එකේ දණහිස වදින්නේ නැ. කකුල් දෙක දිග අරගන්න ටිකක් ඉඩ තියෙනවා. Bags seats අස්සේ ඔබන්න ඕනනැ, උඩ හොදට ඉඩ තියෙනවා. මුනට එලිය වැටෙනවා වැඩි නම්, දිගඇරගන්න ගදගහන්නේ නැති curtains තියෙනවා. කැමති නම් seat එක නින්දක් දන්නා එහෙම adjust කරගන්න පුළුවන්, පිටිපස්සේ මනුසයට කරදරයක් වෙන්නෙත් නැ. සාමාන්‍ය AC bus එකක් වගේ රෝද දෙක උඩ seat එක, AC එක යට වතුර බේරෙන seat එක කියල අතැරලා දාපු seat නැ, කොයි seat එකත එක වගේ වැඩිවෙන්න පුළුවන්. මුල් දවස වල නම් වතුර බෝතල් එහෙම දීලා තිබුනා, හැබැයි දන ඉල්ලුවත් එක මගහරිනවා.

බස් එක කොට්ටාවේ ඉදන් මහරගමට යන පාරෙත්, කිසි දවසක traffic එකට block උනෙත් නැ, මොකද මේ වගේ ලොකු bus එකක් horn එක ගැහුවම පොඩි පොඩි වාහන ඇත ඉදලම පාරේ අයිනකට ගන්නවා. Highway ඒකෙන අපු speed එකටම වගේ කොට්ටාවේ ඉදන් මහරගමටත් යනවා ගෙමක්ම නැතුව.

සාමාන්‍ය AC bus එකක පරණ පාරේම ගියානම් කළුතර හරියට එද්දී, ජිවිතත් එක්ක එපාවෙනවා. කළුතරින් පස්සේ හිටගෙන යන්න පුළුවන් තරම් මිනිස්සු ගන්න නවත්තනවා. අතපය හොල්ලගන්න ඉඩමදී, වැඩි වෙච්ච ඉරියවුවෙන්ම ඉන්න ඕන. AC on/off වෙනවා, ඒ වෙලේට තමයි හිතෙන්නේ මොන පාපයක්ද මේ, සල්ලි ගෙවලත් දුක විදින්නේ අයි කියලා. බස් ඒකෙන බැස්සම නිකම් ගුටිකාලා වගේ අමාරුයි.

Highway bus එකේ පැය 3ක ගියත් මට නම් එක හොදයි, මොකද සල්ලි ගෙවල සැපපහසුවට යන්න පුළුවන්. අනික යද්දී ගෙවල් ගාවින් නගින්නත් පුළුවන්, එද්දිත් අයෙ ගෙවල් ගාවින් බහින්නත් පුළුවන් (bus halt එකක් වගේ දුරක් පයින් යන්න තියෙන්නේ).

4 thoughts on “ගාල්ල කොළබ Highway Rocks

  1. සිරාවටම මේ කථා ටික ඇත්ත, වැරදි ඇහැකින් බලපුවම කොහොමත් නරක විදිහටනේ පෙන්නේ.
    මේ බස් 138 එකෙත් මාර ඇරිල්ලක්නේ අරින්නේ..

    1. අනිවාර්යයෙන්, ඛෝමත් 138 පර ලොකු කරන නිසා ඉසරහට අවුලක් වෙන එකක් නැ

  2. හදන්න කෝටි ගානක් ගියාට හයිවේ එක මිනිස්සුන්ට සහනයක්. පුද්ගලික වාහනේක ගියත් ලාබයි. වෙලාවත් ඉතුරුයි. ඔන්න දැන් ඉතුරු ටිකත් හදනව.
    වැරදි තමයි ඔයවැඩේට මුලින්ම බාල්දි ඇදපු (රනිල්ගේ දවස්වල වැඩේට සල්ලි පාස් කරල හදන්න හදනකොට) කට්ටිය දැන් තමුන් මේක හැදුව කියල කෑගහන එක.,,,, එක අතකට අපිට මොකෝ පාර හැදිලා නම්,,,,,
    ගොන් වැඩේ ඕක නෙමේ,,, කෝච්චි පාර ඩබල් ලයින් කරන නැතුව, කෝටි ගානක් වියදම් කරල දැන් අසාර්ථකයි කියන එක.

    1. ඔව ඔව, කොච්චි පර නම් ටිකක් අල වෙලා තමයි. Highway එක හැදුවෙත් පිටරට අධාර අරගෙන උනත්, අදයාම් යන්නේ එයාලට උනත් අවුලක් නැ, අපේ වැඩේ කෙරෙනවනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *