මගුලක් ගන්න තියෙන කරදරයක්

on

මේ සතිය campus එකේ semester exam එකක් ඉවරවෙලා, නිවාඩු ලැබුන සතියක්. සාමාන්‍යයෙන් මේ වගේ එකක් ඉතා කලාතුරකින් හම්බවෙන්නේ. එත එක්කම තමයි මේ සතිය හරි හරියට නැකත තියෙන සතියක් ලු. හැමෝම facebook එකේ එහෙමත් දකින්න ඇති නිතරම වගේ wedding photo එහෙම දකින්න ලැබුනා.

නැතක් සතියක් නිසා, අපෙත් කිට්ටුවෙන්ම නැද  වෙන අක්ක කෙනෙකුත් මේ සතියෙම බැන්දා. කොච්චර කිට්ටුවෙන් නැද වෙනවද කිවුවොත්, wedding  එකට home coming එකට ඊට පහුවෙනිදා තියෙන ගෙට ගෙවදීම කියන තුනටම ආරාධනා කරලා.

මගුලක් කිවුව ගමන මුලින්ම මතක වෙන්නේ suit එකක්. ගෙවල් වල ඉන්න අම්මල අක්කලට සරි දුසිම් ගණන් තිබුනට මොකෝ, කොල්ලෝ වෙච්ච අපිට නම් එහෙමත් වෙලාවකට තමයි suit එකක් තියෙන්නේ, නැත්නම් ගොඩාක් වෙලාවට යාළුවෙක්ගෙන් තමයි ඉල්ලගන්න වෙන්නේ. suit එකක් තියෙන නිසා අවුලක් නැ.

පස්සේ මුලින්ම wedding එක ගිය බදාදා, තිබුන kit එකට හොද tie එකක් එහෙම දාලා ඇදගෙන ගියා. ගිය කියල මදි නේ, හොදට කන්න ඕන, හොදට නටන්න ඕන. කිවුවත් වගේ දෙකම කරා. නටිල්ලේ තත්වේ කොච්චර හොදද කිවුවොත් මාස ගණක ඇගක් පතක් හොල්ලන්නෙ නැතුව computer එක ඉස්සරහම වැඩිවෙලා ඉදලා මාරම අමාරුයි. පහුවෙනිදා උදේ පාන් කියාගන්න බැ.

හොද වෙලාවට පහුවෙනිදා මුකුත් තිබුනේ නැ, අයෙ ඊට පස්සේ දවසේ තමයි home coming එක. ඊළගට home coming එකට ගියා, කලින් කිවුව වගේ කොල්ලෝ වෙච්ච අපිට මහලොකු suit ගොඩක් නැ නේ. එදා අන්ද එහාටම tie එක නොදා shirt එක නිකම් උඩින දාලා වගේ ගියා. වෙන මොනව් කරන්නද? එදත් සුපුරුදු විදියටම කෑම, සහ dancing. කලින් දවසේත නටලා මෙදාත් නටලා දැන් නම් හොද ගණන්.

පහුවෙනිදට ගෙට ගෙවදීම. හොද වෙලාවට ඒ ගෙදරට ගිය ගමන දැක්කේ, music වලට කතා කරලා නැ, නැත්නම් එදත් නටන්න ගියා නම් මැරෙනවා sure.

බැදපු අක්කයි අයියයි ගොඩාක් වියදම් කරලා ඉතා හොදට උත්සව ඔක්කොම සංවිදානය කරලා තිබුනා. ඒගැන විවාදයක් නෑ නියමයි. ඒ උනාට ඒ දෙන්න job කරන්න අරගෙනත් වැඩි කාලයක් නැ, ඉතින් එහෙම එකේ ඔච්චර හොදට උත්සව ගත්තා කියන්නේ අනිවාර්යයෙන් තව ටික කාලයකින් ලොකු මුදල් කරදර එන්න පුළුවන් කියන එකනේ. එක එක්කෙනාගේ කමත්තනේ, ඕකට අපිට මුකුත් කියන්න බැ.

හැබැයි මට පවුද්ගලිකව අපු ප්‍රශ්නේ තමයි, මගේ නිවාඩු සතියෙන් එක දිගට දවස් 4ක් වෙන් කරන්න උනා. ඊළගට යන්න එන්න, ඇදුම වලට අරවට මේවට වියදම් ගත්තම යන මිනිස්සුත් සැහෙන්න දුකක් විදින්න ඕන නේද කියලා.

 මම industrial training ඉන්න කලේ මට මතකයි එතන හිටපු software engineer අයියා කෙනෙක් බැන්දා. මට මතක විදියට මිනිහා එතන වැඩට ඇවිල්ල අවු 2ක් විතර. හැබැයි ගත්ත මගුලේ හැටියට අවු 2කේම සල්ලි ඉවර වෙන්න ඇති. ඒ මගුලේ විශේෂත්වය උනේ, wedding එකට ගියාම ඒ අයියා කිවුවේ, මචං wedding විතරයි හොදේ, home coming නැ තව අරව මේවා party නැ, වෙන මුකුත් ඉල්ලන්න එපා කියලා. කිවුවත් වගේ wedding එක විතරයි තිබුනේ, එකත කොළබ හොද expensive hotel එකක. උන දෙන්න බැන්දා පහුවෙනිදා තායිලන්තේ ගියා honeymoon එකට. වැඩේ සරලයි. සමහර විට wedding එක විතරක් ගත්ත නිසා දෙපැත්තෙන්ම බාගේ බාගේ දාල කරන්න ඇති, ඊළගට රට ගිහින් දවස් 20කින් විතර පස්සේ අවෙත්.

මම දැකපු විදියට නම් අන්න එක නියම වෙදීමක්, ඊටත් වැඩ පට්ට වෙදීමක් තිබුනා facebook නිර්මාතෘ Mark Zuckerberg ගේ wedding එක. මහලොකු උත්සව නැ, වෙන වෙන් අවිකර නෑ, දෙන්න විතරක් kit ඇදලා තිබුනා බැන්දා. හරි simple. මමත් ගත්තොත් ගන්නේ ඔය වගේ වෙදීමක් තමයි.

අදාල පුද්ගලයන් මේක කියවනවා නම්, මතක තියාගන්න ඔබලාගේ wedding, home coming සහ ගෙට ගෙවදීම පට්ටට නැගලා ගිය බව. මේ මගේ පුංචි මතයක් විතරයි. 🙂

(picture:http://media.offbeatbride.com/wp-content/blogs.dir/6/files/2012/05/zuckerberg-wedding-600×400.jpg)

6 thoughts on “මගුලක් ගන්න තියෙන කරදරයක්

    1. ඔච්චර දුකනම් grand wedding එකක් ගන්න sponsor කරපන් බන් 😛

    1. ලංකාවට paypal සල්ලි එවනවා නම්, ඒ වැඩෙත් try කරන්න තිබුනා LOL

Leave a Reply

Your email address will not be published. Required fields are marked *