හොද Software Engineer කෙනෙක් වෙන්නේ කොහොමද?

on

මම AL ඉවර වෙච්ච ගමන internet log උනගමන් අනිවාර්යයෙන් හොයන මාතෘකාවක් තමයි මේක. එක එක්කෙනා තමන් වැඩ කරපු හැටි කියලා  තියෙනවා. එත එක්කම තවත් interest වෙච්ච දෙයක් තමයි money.cnn.com එකේ මේ දවස වල තියෙන හොදම  jobs මොනවද IT related jobs වලට තියෙන පඩි කොහොමද කියන එක හොයල බලන එක.

තවමත් Software Engineer කෙනෙක් විදියට රැකියාවක් නොකරත්, Software Engineer කෙනෙක් වෙන්න ඉගෙනගන්න ශිෂයෙක් විදියට මගේ අදහස කියන්නම්.

මම lifehacker.com එකෙන් කියවපු විදියට හොද Software Engineer කෙනෙක් වෙන්න නම, තමන් සපුරාගත යුතු ප්‍රදාන දේවල් ටිකක් තියෙනවා.

1) programming කරගෙන යන්න පුළුවන් laptop එකක්

2) හොද phone එකක්

3) හොද internet connection එකක්

මුලින්ම කිවුව වගේ laptop එකක්. සමහර විට තමන් ලග දැනට තියෙන desktop එකෙන් වැඩේ ගොඩදාගන්න පුළුවන් වෙයි. laptop එකක් ගත්තට සමහර විට ගෙනියන්න තැනක නැති වෙන්නත් පුළුවන්. ඒ උනාට desktop එකකට වඩා laptop එකක් ගත්තම තමයි Software Engineering කියන එක අගට වදින්න ගන්නේ. එක නිසා performance අඩු උනත් ලැපක් හොදයි.

ඊළගට හොද phone එකක්. LifeHacker.com එකේ නම තිබුනේ iPhone එකක් හොදයි කියලා. හැබැයි ඒ අවුරුදු 3කට විතර කලින්. මම නම කියන්නේ  ගන්නවා නම Android එකක් ගන්නම කියලා. එකක් සැහෙන්න restrictions අඩුයි. කොටින්ම කිවුවොත් යාලුවෙක්ගෙ ගෙදර ගියා pen එක නැත්නම් phone එක machine එකට ගැහුවා, තියෙන film ටික copy කරගෙන ආවා. ඕකට iPhone එකක් use කර නම්, සමහර විට ගෙදර ඇවිල්ල pen එක අරගෙන යන එක ලේසි වෙයි. අනික Android එකක් ගත්තොත් Android development වලටත් අතගහන්න පුළුවන්. කොහොමත් Software Engineer කෙනෙක් වෙන්න යන එකේ Android development දැනගෙන ඉන්න එක තමන්ගේ career එකටත් හොදයි නේ. පවුද්ගලිකව මම Android එකක් ගත්තෙත් development ඉගෙනගන්න ඕන නිසා.

ඊළගට තමයි දෝලනය වෙන මාතෘකාවක් තියෙන්නේ, හොද internet connection එකක්. ඇත්තටම මෙහෙම එකක් ලංකාවේ හොයාගන්න අමාරුයි. දැනට campus එකක වගේ ඉන්නවා නම්, නිතර නිතර ඉන්න තැන මාරු වෙනවා නම් mobile broadband පාවිච්චි කරන්න පුළුවන්. පවුද්ගලිකව මම recommend කරන්නේ මොනවද කියලා මේ පොස්ට් එකේ දාලා තියෙනවා. ඇත්තටම internet connection එකක් තියෙන්න ඕනද කියලත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මගේ කතාවක් කියලම පටන්ගන්නම්.

කාලයක් pocket money හොයාගන්න එක එක inventory control system software හදලා විකුණුවා. මේ සිද්දිය උනේ ඒ වැඩ පටන්ගත්ත මුල් කාලේ. ඒ දවස වල sql query එකක් එහෙම හරියට ගහන්න බැරි නිසා කොයි වෙලෙත් පොත් පෙරලා පෙරලා බලනවා. ඒ කලේ internet තිබුනේ නැ. Programming කර කර ඉද්දි එන ප්‍රශ්න විසදගන්නම බැරි උනොත් කොලේක ලියලා සතියට සැරයක් cafe ගිහින් බලනවා, මොනවද solutions කියලා. නිතර නිතර sql අල වෙන නිසා එක පාරක් මම w3schools.com site එකේ sql tutorials ඔක්කොම download කරගෙන අවා. හරි දැන් sql ඔක්කොම මගේ machine එකේ. ප්‍රශ්නයක් අපු ගමන ඒ tutorials බැලුවා, වැඩේ ගොඩදාගත්තා. හැබැයි වැරදිලා වත ඔය වෙලාවට internet තිබුන නම්, browser එක open කරා, එක tab එකක w3schools.com අනිකේ facebook.com අලුට් notifications මොනවද? online ඉන්නේ මොන කෙල්ලද? වැරදිලා වත hi පාරක් අවොත් එදාට programming කරලා හමාරයි. තමන්ට හොද ස්වයං පාලනයක් තියෙනවා නම් හොදයි, නැත්නම් පවුද්ගලිකව මම කියන්නේ internet නැති උනා කියලා මහලොකු අවුලක් නෑ.

සමහරු කියන්න පුළුවන් අලුතින්ම එන technology, programming languages, gadgets ගැන දැනගන්න දැනගන්න internet තියෙන්න ඕනනේ කියලා. මම නම් කියන්නේ අලුතින් මොන මොන technology ආවත්, ඕව හරියට settle වෙන්න කාලයක් ගතවෙනවා. අනික තාමත් අපි කවුරුත් දන්නා කියන programming languages කීපයක් හොදට පුළුවන් නම් හොද තැනක තියෙනවා.

ඒ කරුණු තුන ගැන නම් එච්චරයි. අනිත් දේ තමයි තමන් ඉගෙනගන්න ඕන දේවල්. අවදාරණයෙන් කියන්න ඕන, company එකක job එකක් කරන්න බලාපොරොත්තු වෙනවා නම් degree එකක් නම් තියෙන්නම ඕන, තමන් අතිශය exceptional පොරක් වුනත්, degree එකක් නැත්නම් මම හිතන්නේ නැ 50කට්ට එහා පඩියක් ලැබෙයි කියලා. ගොඩාක් තැන වල පඩිය හදන්නෙත් මුලින්ම degree එකට 45ක 50ක දාලා ඊළගට තමන් දන්නා කියන දේවල් වලට එන්න එන්න salary එක වැඩි කරන එක. අනිවා ලොකු කුට්ටියක් දාගන්න නම් degree එක ඕනෑමයි.

Degree එකට අමතරව කරන්න ඕන cources?

Computer or IT සම්බන්දව degree එකක් තියෙනවා කියන්නේ, Networking, Hardware, අරව මේවා ගැන පොඩි පොඩි modules කරලා යම්කිසි දැනුමක් තියෙනවා කියන එක නේ. අඩුම තරමේ pc දෙකක් අතර ping කරගන්න හරි. එක නිසා Cisco වගේ courses අපිට වැඩක තියෙනවද? පුළුවන් නම් කරට කමක් නැ, මමත් නිකම් ඉන්න බැරුව CCNA එකක් කරා. හැබැයි පස්සේ තමයි දැනගත්තේ අවුරුදු කීපයකට සැරයක් එක්කෝ අයෙ exam එක කරන්න ඕන, නැත්නම් ඊට පස්සේ තියෙන exam එක කරන්න ඕන කියලා. කොටින්ම කිවුවොත් Cisco කියන කොටි වලිගෙ දිගටම අල්ලාගෙන යන්න ඕන.  Software Engineer කෙනෙක් වෙන්න ඉන්න කෙනෙකුට ලොකු ලොකු networking concepts එච්චර වැදගත් වෙන්නේ නැ, මොකද job එකක් කරන්න ගියාම code කරන්න මිස, අපිට එතන network කරන්න ලැබෙන්නේ නැති නිසා.

ඊළගට Java courses. පවුද්ගලිකව මමත් මේවලින් කීපයක් කරලා තියෙනවා. කවුරුද්ත් දන්නා නිතර කතාබහ වෙන IJTS එකෙන්. Java courses කරනවා නම් ටිකක් විතර් අතේ සල්ලි තියෙන්න ඕන. මොකද exam fees එහෙම ගිනි ගණන්. SCJP එකක් SCWCD එකක් කරගන්න පුළුවන් නම් හොදයි. Mobile වලට තියෙන courses නම් කරලා වැඩක නැති වෙයි, මොකද Android තියෙන කලේ j2ME ගැන ඉගෙනගෙන කිසි තේරුමක් නැති නිසා. පුළුවන් නම් ඒ සල්ලි වලින් Android phone එකක් අරගෙන තනියෙන් development කරන්න පුරුදු වෙන්න.

ඇයි දැන් SCJP එකක් විතරක් කරලා මාසෙට ලක්ෂ ගණක හම්බකරන්න බැරිද? බැ නෙමෙයි පුළුවන්. දන්නා කියන කඩවල් ගැනේ ගිහිල්ලා, අදුරන contacts වලින් කතා බහ කරගෙන inventory control software හදන්න ගත්තොත් එකකින් 60k විතර තියාගත්තොත් මාසෙට දෙකක් කරත් ඇති. ඊට අමතරව oDesk, freelancing වගේ කරනවා නම් හොද ගණක එකක් මාසෙට set උනත් ඇති වැඩේ ගොඩ. ඒ මාසෙට රජා වගේ කළා බිලා ඉන්න පුළුවන්. හැබැයි අවුල තියෙන්නේ කොච්චර කාලෙකට ඔය වැඩේ ගෙනියන්න පුලුවන්ද කියන එක. හැමදාම software set වෙන්නෙත් නෑ, සමහර විට එක දිගට මස තුන හතර වැඩක හරිගියේ නැත්නම් ඒ කාලෙට හොම්බෙන් තමයි යන්න වෙන්නේ. ඉතින් එක ගැන කල්පනාවෙන්.

ඇයි මේ හැමතැනම degree එකක් ඉල්ලන්නේ?

මම exam එකක් ඇනගෙන අපේ lecturer කෙනෙක් හම්බවෙන්න ගියපු වෙලාවට ඒ sir කියපු කතාවක් තමයි මේක. Graduate කෙනෙක් කියන්නේ ඉගෙනගත්ත subjects ගැන තියෙන දැනුම මනින ක්‍රමයක්ම නෙමෙයි. Graduate කෙනෙක් කියන්නේ එක්කෝ එකදිගට අවුරුදු 3ක් 4ක් නාහිගෙන සැහෙන්න වැඩ කරපු කෙනෙක්. නැත්නම් සාමාන්‍ය දවස වල වැඩ නොකරම ඉදලා exam study leave එකේදී, අසාමාන්‍ය ලෙස නිදි මරාගෙන වැඩ කරපු කෙනෙක්. ඒ නිසා degree එකකින් බලාපොරොත්තු වෙන්නේ අන්න එහෙම මැරීගෙන වැඩක කරන්න පුළුවන් මිනිහෙක් ලු. තමන්ට කොච්චර සිරවට් coding පුළුවන් උනත් වැඩක නැ, industry එකෙන් තමන්ට මැරීගෙන වැඩක කරන්න පුළුවන් කියල විශ්වාස කරන්නේ කොහේ හරි මොකක් හරි degree එකක් තියෙනවා නම් විතරලු.

Software Engineer කේ life එක පට්ටද?

සමහරු නම් කැමති නැ, මුලු ජිවිතයම පුටුවක් උඩ වැඩිවෙච්ච ගමන් නිසා. හැබැයි මම නම් සැහෙන්න කැමති, එලියට ගිහිල්ල දුවල පැනල වැඩ කරනවට වැඩිය, පුටුව උඩ ඉදගෙන වැඩ කරන්න. එක එක්කෙනාගේ කැමැත්ත නේ. මම දැනට industrial training එකකට ලංකාවේ software company එකක training software engineer කෙනෙක් විදියට වැඩ කරලා තියෙන නිසා මගේ අත්දැකීම කියන්න පුළුවන්.

එතන හරියට නම් දවසට පැය 9ක් company එක ඇතුලේ ඉන්න ඕන, පැය 8 ක් වැඩ පැයක lunch hour. මම තමයි ඒ දවස වල උදෙන්ම වගේ කුකුලත් අරගෙන වැඩට ගියේ. ගොඩක් දවස වල මම වැඩට යද්දී 150, 160ක් වැඩ කරපු company එකේ තුනක් හතරක් වගේ තමයි ඒ වෙද්දී ඇවිල්ල ඉන්නේ. උදේම ගියපු ගමන youtube featured videos ටික බලලා 8.30ට විතර් වැඩ පටන් ගන්නවා. කොහොමත් එතන permanent software engineers ලා එහෙම වැඩට එද්දී 9.30 , 10 වගේ වෙලා. ටිකක් විතර උඩ හිටපු පොරවල්, ඒ කිවුවේ Software Architect ලා එහෙම එද්දී 11 විතර වෙනවා. මම trainee කෙනෙක් කියලා අඩු තක්සේරුවක් තිබුනෙත් නැ, අලුත්ම project එකක් ලැබුනෙත්. ගොඩාක් වෙලාවට ඒ දවස වලට තිබුන වැඩ වෙලාවටම වගේ ඉවර කරා. සමහර විට පැයක දෙකක් පරක්කු වෙච්ච වෙලා තිබුනා. මොන වැඩේ තිබුනත් දීපු වැඩ ටික හවස 5.30 වෙද්දී වගේ ඉවරකරනවා. ඉතින් ඉවර උනාම නැගිටලා යනවා, වෙන මොනා කරන්නද? හැබැයි ඒ වෙලේට නැගිටලා යන්නත් ලැජ්ජයි, මොකද මම හැර අනිත් හැමෝම එතකොට තමයි හොදටම වැඩ කරන වෙලාව.

සමහර විට trainee කෙනෙක් නිසා, මම stress එකක් තිබුනෙත් නැ, හැබැයි අනිත් හැම මනුස්සයම සැහෙන්න පිඩනයකින් තමයි වැඩ කරේ. Software Architect ලත දවල් වෙලා අවට මොකද ගොඩාක් දවස වල ඒ මිනිස්සු මහා රැ වෙනකනුත් ඉන්නවා. එකට හොදම උදාහරණෙ තමයි මම 5.30ට off වෙලා ගෙදර ඇවිත් හතට, හතාමරට විතර online අවම office එකේ අයත් online ඉන්නවා. ඒ කාගෙන් හරි ඇහුවම “ආ අයියේ, දැන් ද ගෙදර අවේ?” කියලා, උන කියන්නේ පිස්සුද බන තාම office එකේ යන්න තියා හිතලවත් නැ ලු. ගොඩාක් අය මෙහෙමෙයි.

ඉතින් ඒ අතින් ගත්තම software industry එක නම් stress factory එකක්. කොහොමත් අනිත් industry වල තියෙන problem වලට solutions දෙන්න නේ දගලන්න්නේ. ඉතින් කොයි වෙලෙත් අනුන්ගේ ප්‍රශ්න එක්ක ඉන්න නිසා වෙන්නත් ඇති අපිට මෙච්චර stress.

උඩට යන්න යන්න පඩි හොද උනාට stress නම් අයෙ කියලා වැඩක නැ.

මේ ගැනත් අපේ campus එකේ lecturer කෙනෙක් මාරු කතාවක් කිවුවා දවසක්. ඒ සර් අපිට software සම්බන්දව උගන්නන කෙනෙක්. මමත් ලියුමක් අත්සන් කරගන්න ගිය වෙලාවක නිකමට software industry එක ගැන කතා කරා. ඇත්තටම ඒ sir ට උනත් lecturing අතැරලා industry එකේ වැඩ කරානම් හොද ගණනක් හොයාගන්න පුළුවන්. හැබැයි ඒ සර් කිවුවේ වෙනමම කතාවක්.

“පුතා ඔය programming කියන එකත හැමදාම කරන්න බෑ, අවුරුදු 30කිට්ටු වෙද්දී ඇස රිදෙන්න ගන්නවා. හවසට ගෙදර අවම tv එක වත බලන්න හිතෙන්නේ නැ, එච්චරට ඇස කැක්කුම. අවුරුදු 40 වෙද්දී වත අඩුම තරමේ ළමයෙක දෙන්නෙක් ඉන්න ඕන, හොද වහනයක් තියෙන්න ඕන, ඉන්න පුළුවන් තරමේ ගෙයක් තියෙන්න ඕන, ඊට පස්සේ ඔය software කෙරුවාව දිගටම ඇදගෙන යන්නත් බැ, මොකද architect ලා උනාම සැහෙන්න stress, එතකොට තියෙන්නේ හෙමිට lecturing වගේ දෙයක් කරන්න ගන්න එක. වැඩිය stress ඇත්තෙත් නැ, දවසට presentation එකක් දෙකක් කරා. හැම අවුරුද්දෙම එකම presentation ටික. exam කාලෙට papers ටික හෙමිට බැලුවා, ඔයාලට නිවාඩු ලැබෙද්දී අපිටත් නිවාඩු, හෙමින් සීරුවේ ඉන්න තමයි දැන් තියෙන්නේ”

ඒ මනුස්සය කියන කතාවත් සම්පුර්ණ ඇත්ත, හැමදාම ඔය computer එක ඉස්සරහ වැඩි වෙලා ඉන්න අමාරුයි. මම training හිටපු කලෙත් හවසට ඇවිල්ල laptop එක නිකම් වැඩද බලන්න on කරා මිස, online ගිහිල්ල chat එකක් දන්නා, film එකක් බලන්න නිකමට වත හිතෙන්නේ නැ. නාල කාල නිදාගන්න තමයි ඕන. ඉතින් පුළුවන් මුල ටිකේ හම්බ කරලා ඊළගට shape එකේ stress අඩු රස්සාවක් කරන එක තමයි මටත් හොදයි කියල හිතෙන්නේ.

කතාව එච්චරයි. මාතෘකාවෙන් පිට පැන්නද මන්දා?

picture:http://1.bp.blogspot.com/_-od4qTDQAgI/Sa7onjSeRqI/AAAAAAAAHpY/LXCnOpvXcG4/s400/software+engineer.jpg

55 thoughts on “හොද Software Engineer කෙනෙක් වෙන්නේ කොහොමද?

  1. ස්තූතියි දැනුවත්කිරීම ගැන. නොදන්නා ගොඩක් දේවල් දැනගත්තා. මට මේ දේවල් ගොඩක් ප්‍රයෝජනවත්. මොකද මමත් තව මාස දෙකකින් විතර ට්‍රේනින් යන්න ඉන්න නිසා….

    1. සුබපතුම්, හොද training place එකක් හම්බවෙන්න කියලා ප්‍රර්තනා කරනවා

  2. මචන් බොහොම ස්තුති බන්.මෙක ගොඩක් ප්‍රොයොජනවත් බන්. මාත් මෙ මාසෙ training යන්න ඉන්නෙ බන්.

  3. patta machn post eka …mewage dewal liyawenawa nam kochchara hodaida..godak aya mewage dewal hoyanawa.ath sources tiyenne aduwen uba industrial inna kale gatta experiance ekak share kalaa nam godak watinawa..oya field ekata enna inna kattiyata..mona wage dewalda software engineer kenekgen organization ekak expect karanne..danata yana developing methode like agile base methode..industyata yanna isselaa mona wage dewal qualified wenna onada..etc wage dewaluth share kara nam godak watinawa…gud luck brother ..:)

    1. තව ටිකක් මෙ ගෑන ලිවුවොත් හොදයි කියලා මටත් හිතුනා. මොකද මම වගෙම මෙ subject එකට interest අය ගොඩාක් ඉන්නවනෙ. ඉස්සරහට තව post එකක් දාන්නම්.

  4. Ado …….උබේ අදහස් බෙදා හදා ගත්තට ස්තුතියි……ගොඩාක් වැදගත් බන්….

  5. බොහෝම වටින ලිපියක්. ඇත්තටම මමත් පොඩි කාලේ ඉදලම හිතාගෙන හිටියේ, කවදා හරි දවසක සොෆ්ට්වෙයා ඉංජිනීය(ර්) කෙනෙක් වෙන්න​. ඒ නිසාම 6-7 වසර වල ඉදලම කම්පියුට(ර්) ක්ලාස් ගියා, කම්පියුට​(ර්) ගැනම හෙව්වා. සාමාන්‍ය පෙළ කරා, උසස් පෙළට මැත්ස් කරා…. ජාවා කෝස් කරා, (ඒ අතරතුර පොඩි පොඩි ජොබ් දෙක තුනකුත් කලා..) බීඅයිටී කරන්න පටන් ගත්තා…..,

    ඒත්…., මගේ ඇත්තම අරමුණ​, මට ඇත්තටම වෙන්න ඕනේ, ‘සොෆ්ට්වෙයා ඉංජිනීය​(ර්)’ කෙනෙක්මද කියන ප්‍රශ්නෙ දැන් මට ඇතිවෙලා තියෙනවා….

    ඔයාගෙ ලිපිය බොහොම වැදගත් එකක්…. ඒකෙන් ‘සොෆ්ට්වෙයා ඉංජිනීය​(ර්)’ කියන දේ සැබෑ ලෝකයේ පවතින්නෙ කොහොමද කියන එක ගැන අදහසක් ගන්න පුලුවන් උනා. තව විස්තර දාන්න පුලුවන් නම් මේ ගැන​, අපි බලන් ඉන්නවා කියවන්න​..

    1. අනිවර්යයෙන්, මෙ ගෑන තව ලිපියක් ලගදිම ලියන්නම්.

  6. තෑන්කූ මචං..අපිත් ගොඩක් කැමතියි මේ වගේ ඒව ලියනව නම්..මටත් ඉතින් අනිත් හැමදේටම වඩා කම්පියුටර් වලට තමයි කැමති..programming පැත්තට අත ගහල නැති උනත් වෙබ් ග්‍රැෆික් පැත්තට වෙන්න තමයි මම වැඩියෙන් ඉන්නෙ..programming ඉගෙන ගන්නත් ගොඩක් ආසයි..

  7. ගොඩක් දේවල් ගන්ඩ තියන ලිපියක් මමත් තාම trainee විදිහට වැඩ කරනව මමත් ගොඩක් දේවල් ඉගෙන ගන්වෙ මෙතනින් තමයි

  8. niyamai ayya. mama blog kochchra kiyewwath me wage artcl ekak hambunema ne. mata me wage artcl ekak kawda danne kiyala bala bala mama hitiye. hugak welawata podda kale blog liwwata loku aya unama kattiya blog eka thaherala danwane. ethakota ithin oya wage artcle ekak dakinna wenawa harima adui. mamanm programming wada godak kemathi web development (html css js php ajax mysql etc……) pethtthta thama. But mama kochchra kemathi unath ewata software development peththata enna inne economic scn nisa. a kiwwe web develop karana kenekta 50kata wada wedi padiyakata yanan sehena amaruine. a unata kemathi de athaharinne nethiwa innath hithenawa eka welawakata.

    1. පුංචි දෙයක් කියන්න ඕන, මම training කලේ හැමදාම වගේ කලින් ගෙදර ගියා කිවුවනේ, හැබැයි කිසි දවසක වැඩ අතපසු කරලා නෙමෙයි, ඔක්කොම වැඩ ඉවර කරලා. මම නම් හිතන්නේ හේතුව වෙන්න ඇත්තේ මම ගොඩාක් ඒ subject එකට ආස නිසා වෙන්න ඕන. එක නිසා තමන් කැමති දෙයක් විතරක් කරන්න. නැත්නම් කාලයක් යද්දී job එකකට යාම එපාවෙයි.

      1. Ow ayya matath oya kiyapu de hithuna nisa thamai salary ekapeththakata dala mata karanna asa hithena eka karanna hithanne. mama intenet awath hoyanne web development walta adala tutorials withrai wage. ( Facebook ehama athaherala mama kiwwe :-D). thwath adupaduwak thamai lankwe kisima thenak nene web development peththen high stdy karanna thenak. degree ekakwath karanna thenak nene.

        1. Web developing වලට කියලා වෙනමම degree දෙන්නේ නැ. මොනවා හරි IT degree එකක් තමයි කරන්න වෙන්නේ. Degree එකක් කරලා highers studies වලට යනවා නම්, ඔයාට ඔය web වලට ඇදලා මොනවා හරි specialize කරන්න පුළුවන්. මතක තියාගන්න degree එකක් කරන්නේ පඩිය හදාගන්න මිසක්, තමන් කැමති දෙයක් ඉගෙනගන්න නෙමෙයි. මොකද degree එකක් කියන්නේ ගොඩක් වෙලාවට සැහෙන්න පරසෙකට විහිදුන subjects ගොඩාක් පොඩ්ඩක් පොඩ්ඩක් ඉගෙනගන්න විදියක්. තමන් කැමති දෙයක් වැඩි දුර ඉගෙනගන්න පුළුවන් higher studies වලදී විතරයි.

          1. Malli oyata web witarakma karanna one nam Dan wenama BSc tiyanawa..ath man hitanne SE kenekta anek platform walath knowledge eka onaa…Oya APIIT , NIBM ahanna ewaye oyaa expect karana widihata web designing idala development pattama dan degree tiyanawa gud luck

  9. “ඔය software කෙරුවාව දිගටම ඇදගෙන යන්නත් බැ, මොකද architect ලා උනාම සැහෙන්න stress, එතකොට තියෙන්නේ හෙමිට lecturing වගේ දෙයක් කරන්න ගන්න එක. වැඩිය stress ඇත්තෙත් නැ, දවසට presentation එකක් දෙකක් කරා. හැම අවුරුද්දෙම එකම presentation ටික…….”

    ඒකනෙ අපිට මෙහෙම වෙලා තියෙන්නෙ…:D

    BTW.. nice article mchn….keep doing better work…:)

  10. කොච්චර ආස උනත් ඒකත් ලේසි වැඩක් නෙමේ වගේනේ

  11. මට ඇත්තේන්ම යාඑවා සයිට් 1 මාර වැදගත් උනා මම software ස්ටුඩන්ට් කෙනෙක් සුභපැතම් මගෙන්

  12. ijts eke java digree coruse eka hodaida ayye ? eka karama hoda job ekakata yanna puluwanda ? mat asa softwear engineer kenek wenna , softwear engineer kenek wenna digree ekak karanna hodama thena mokakda ayye?

    1. IJTS degree karanna epa. SE walata hoda degree ekak ganna puluwan, Moratuwa Computer Eng. degree eka and UCSC eken. E than dekema hodai. E wagema free education 🙂

      1. ගොඩක් අයට වැදගත්වෙන හැමෝම නොලියන දෙවල් ටිකක් තියෙන නිසා ලිපිය හරිම වැදගත්. (Industrial training කරන කාලෙ කියන්නෙනම් අපිට හෙනම වැදගත් කාලයක් තමයි). ස්තූතියි ලිපියට.
        …
        …වරදවා හිතන්න එපා. මේක Ad එකක් නෙවෙයි. Software Engineer කෙනෙක් වෙන්න බලන් ඉන්න කාටහරි වැදගත් වෙයි කියල හිතල මේ විස්තරය මම පහලින් දාන්නම්.
        …
        …ලoකාවෙ අලුත්ම Software Engineering degree එකක් තියෙනව විවෘත්ත විශ්ව විද්යාලයෙ. Faculty of Engineering එකේ Department of Electrical & Computer Engineering එකෙන් තමයි කරන්නෙ. BSE [Bachelor of Software Engineering] කියලයි කියන්නෙ.
        …
        …(http://www.ou.ac.lk/eng/elec/index.php/en/prog/undergraduate/bse)
        …
        …අවුරුදු 4 ක Engineering degree එකක්. ටිකක් අමාරුයි.
        …IEEE standards වලට අනුව SLASSCOM [Sri Lanka Association of Software Service Companies] එකෙන් තමයි degree එක design කරන්නෙ.
        …
        …මේක අනෙක් degree වලට වඩා ටිකක් වෙනස්. 70%ක් විතරම Industry එකෙන් තමයි විශය නිර්දේශය හදනෙත් , උගන්වන්නෙත්. ඒ නිසාම degree එකේ tag line එක තියෙන්නෙ “Ever first industry oriented software engineering degree in Sri Lanka ” කියල.

  13. nice post Bro!..
    i totally agree with this review -> “ඇයි මේ හැමතැනම degree එකක් ඉල්ලන්නේ?”.
    good luck!

  14. බොහොම ස්තුතියි අයියේ මේ ගැන දැනුවත් කලාට SE කෙනෙක් වෙන්න ආසාවෙන් ඉන්න අපිට මේක හුගක් වටිනවා

  15. Mchan ai IJTS eke karanna epa kiyanne…eke hoda nadda?Moratuwa bit eka ita wada hodaida?Mata hithaganna baruwa inne mokakda karanne kiyala…IJTS eke aya kiyanawa eyalage Proffetional Knowledge eka wadiii…eke nisa eyalata karanna puluwan wada wadii kiyala…mn dan na mewage aththa mokakda kiyala…matath hithenne moratuwa bit hodai kiyala…Mata udaw karanna me prasnaya wisadaganna..mama mona course eka karana ekada Wada hoda?….

    1. අවිවාදයෙන් මොරටුවේ BIT හොදයි, මොකද එක degree එකක්. කවද හරි කසාදයක් බදින්න ගියත් ඔන්න එයින් එකක් තියෙනවා නම් නියමයි. IJTS අයගේ යම්කිසි සිමා වෙච්ච පරාසයකට හොද technical knowledge එකක් තියෙනවා. කැමතිම නම් එකත් කරලා දන්නා. ගෙවන්න වෙන ගන නම් සැරයි, එකට හරියන්න නම් දෙයක් ඉගෙනගන්න ලැබෙන්නේ නැ. හැබැයි BIT තමයි අනිවාර්යයෙන්ම කරලා තියෙන්න ඕන.

  16. එල මචන්…software engineer කරන්ඩ ලංකාවේ හොඳම institute එක මොකද්ද කියනවද පොඩි උදව්ක් විදිහට..

    1. Institute වල නම් quality එක අඩුයි, පුළුවන් නම් කැම්පස් එකකට යන්න.

  17. UCSC BIT එකයි, මොරටුව BIT එකෙයි තියෙන වෙනස මොකක්ද
    මම BIT එක කරන්නේ UCSC එකේ. මොකක්ද හොද එක.

  18. UCSC BIT එකයි, මොරටුව BIT එකෙයි තියෙන වෙනස මොකක්ද
    මම BIT එක කරන්නේ UCSC එකේ. මොකක්ද හොද එක.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *