බාබකියු එකක් දාන්නේ කොහොමද? How to make a Chicken BBQ

on

පොඩි කලේ ඉදලා movies වල දැකල තියෙනවා සුද්දෝ මස් පුච්චගෙන කනවා. ඒකාලේ ඉදල මාර ආසාවක් තිබුන ඒ වගේ BBQ පාරක් දාලා chicken කැල්ලක් කන්න. මුලින්ම BBQ කන්න set උනේ 1st training period එකට කොළබ ඉන්න කලේ. ඒ Burgers King එකෙන්. BBQ chicken කැල්ලක් කනවා නම් අන්න spot එක. මතක හැටියට ඒ කලේ training වලින් ලැබුන සොච්චම් පඩියම ඉවරයි BBQ chicken කාලම. ( ඉන්න කලේ කාල බිල fun එකේ ඉන්න එපැයි 😛 ).

අද කියල දෙන්න යන්නේ ගෙදර ඉදන්ම සුපිරි BBQ එකක් දාගන්නේ කොහොමද කියලා. ඕන කරන දේවල් තමයි,

1) Grill machine එකක්

මේ තියෙන්නේ රු 4000 කට විතර ගන්න පුළුවන් එකක්. මේක නම් ඕන තැනක ගෙනියන්නත් ලේසි, suitcase එකක වගේ handle එකකකුත් තියෙනවා. එක පාරට ගෙවල මෙහෙම එකක් ගන්න පුළුවන් නම් සැහෙන්න වටිනවා, මොකද මේකේ හොදට ඉඩත් තියෙනවා.

barbecue oven

මේ තියෙන්නේ රු 500ට වගේ ගොඩක් foodcity වල ගන්න තියෙනවා පුංචි grill machine එකක්. නිකම් frypan එකක් විතර වට ප්‍රමාණයක් තියෙන්නේ. උඩ දැලක් තියෙනවා එච්චරයි. මෙයින් එකක් ගද්දි එක පාරක් BBQ එකක් දන්නා පුළුවන් තරමේ charcoal නුත් free ලැබෙනවා. ඒ අතින් ගත්තම සැහෙන්න ලබයි.

barbacue oven small

එහෙමත් නැත්නම් පරණ computer casing එකක් උඩ, oven එකක් ඇතුලේ තියෙනවා වගේ දැලක් දාගත්ත නම් එත් වැඩේ ගොඩ දාගන්න පුළුවන්.

computer case barbecue

grill machine එකක් කියල මහා ලොකු magic එකක් නැ, පල්ලෙහායින් ගල් අගුරු ටික දාලා උඩින් දැලක් තියාගන්න පුළුවන් නම් එච්චරයි. අන්තිම විදියට grill machine එකක් හැදුවොත් කොහෙවත් ගෙනියන්න බැ, ගෙනිච්චත් එක අයේ උස්සගෙන එන්න බැ, ගිය තැන රස්නේ පිටින් දල එන්න තමයි වෙන්නේ. අනික උඩින් තියන්න හොද දැලක් හොයාගන්නත් අමාරුයි. ගොඩක් යකඩ බඩු කඩ වල තියෙන්නේ මලකඩ කාපු දැල් නේ, එවල BBQ දැම්මොත් පිටගැස්ම තමයි ඉතින්.

2) Charcoal ගල් අගුරු

ගැස් වලිනුත් BBQ දන්නා පුළුවන්, එත් කවුරුත් කියන විදියට ගල් අගුරු වලින් දැම්මම තමයි පට්ට රස. සිරාවට. මෙයින් ගල් අගුරු පැකට් foodcity වල තියෙනවා. 3Kg packet එක රු400යි. එක packet එකකින් දෙපාරක් දන්නා පුළුවන්.

cha coal packet

3) Chicken හා Sausages

සොසේජස් නම් ඕන තරමක් ගන්න, චිකන් ගනිද්දී නම් drumstick ගන්න. Thighs එක්ක තියෙන ලොකු කැලි ගන්න එපා. සැහෙන්න වෙලවක් යනවා පිච්චෙන්න. අමතරව පෙති කපපු පාන්, බඩ ඉරිගු එහෙමත් ගන්න පුළුවන්.

4) BBQ mix packet එකක්

ගොඩක් foodcity වල Mas එකෙන් හදල මේ ජාතියේ packet තියෙනවා. මතක ඇතුව Barbecue කියල ගහලා තියෙන එක ගන්න. එක හොයාගන්නම නැත්නම් වෙන chicken curry වගේ ගහල තියෙන මොකක් හරි ගන්න. ඒ packet එක රු110යි.

SAMSUNG

5) BBQ sauce

මේකත් ගොඩක් foodcity වල ගන්න තියෙනවා. ගාන නම් රු240යි. මේක නැත්නම් ඉතින් නිකම් tomato sauce එකක් හරි කමක් නැ ඉතින්. මේකම ගන්න පුළුවන් නම් හොදයි.

SAMSUNG

බඩු ටික හරි දැන් වැඩ තමයි තියෙන්නේ, මුලින්ම chicken ටිකට අර BBQ mix packet එක කඩලා දාලා හොදට කවලම් කරගන්න. ඒ packet එක chicken pieces 18 කාට උනත් shape. එත් chicken pieces  ඊට වැඩ වැඩි නම්, තව packet එකක් දාන එක හොදයි. නැත්නම් නිකම්ම chicken පුච්චගෙන කෑවා වගේ. chicken ටික bbq mix එකක් එක්ක කවලම් කරලා season වෙන්න පැය කීපයක් තියෙන්න ඕන. පය 12 වගේ තියන්න පුළුවන් නම් එල. හැබැයි අපි අන්තිමට දාපු BBQ party එකේ නම් විනාඩි 30යි තිබ්බේ.

barbecue chicken sausages corn

ඊට පස්සේ තමයි අමාරුම වැඩේ. Charcoal නැත්නම් ගල් අගුරු ටික පත්තු කරගන්න එක. මුලින්ම charcoal packet එකෙන් බාගයක් විතර grill machine එකට හලාගන්න. අපි මේච්ච කල් කරේ නම්, වෙනම දුම් කබලකැ පොල් කටු ටිකක් බුමිතෙල් දාලා පත්තු කරලා, හොදට පත්තු වෙච්ච පොල් කටු කැල්ලක් ඒ charcoal ගොඩට දාලා හුලන් ගහලා, හුලන් ගහලා charcoal ටික පත්තු කරගත්තු එක. පැයක්, එකහමාරක් වත් කට්ට කන්න වෙන වැඩක්. හැබැයි මතක තියාගන්න charcoal වලට නම් බුමිතෙල්, පෙට්‍රල් හලන්න එපා, මොනම හේතුවකට වත්, කලබලේ නිසා එහෙම කරොත්, අන්තිමට chicken වල බුමිතෙල් රහ එනවා. නිකම් විසි කරන්න වෙන්නේ. එක නිසා මොනවා හරි කරලා එක පොල් කටු කැල්ලක්, හරි දෙකක් හරි දාලා වැඩේ ගොඩ දාගන්න.

cha coal

එකට අනිවාර්යයෙන් පිබින්න බටයක් දෙකක් ඕන වෙනවා, plastic අවානක් වගේ එකක් ගෙනියන්න පුළුවන් නම් ඉක්මනට වැඩේ ගොඩ දාගන්න පුළුවන්, නැත්නම් ඔය tv repair කරන shop වල තියෙනවා වගේ electric blower එකක් තිබුන නම් විනාඩි 15න් වගේ වැඩේ හරි. අපි ලදී දාපු BBQ එකේ නම් charcoal ටික පත්තු කරගත්තේ, ඒ බෝල බෝල වගේ ඒවා 5ක් විතර gas ලිපට විනාඩි පහක් විතර අල්ලාගෙන ඉදලා, ඒ ටික පත්තු උනාම grill machine එකේ තැන තැනට දාලා, ඊට පස්සේ හුලන් ගහලා.

හුලන් ගහද්දි නම් අනෙක විද වචන අහන්න පුළුවන්, “කෝ යකෝ හෙට උදෙටද BBQ කන්න වෙන්නේ”, “මචන් අපි කඩෙන් කොච්චුවක් වත් කමුද?” වගේ දේවල්, සැලෙන්න එපා, තව තව හුලන් ගහල පත්තු කරගන්න. Grill machine එකෙන් බාගයක් වත් මෙහෙම පත්තු උනාම, ඒ ටික අනිත් ඒවත් එක්ක කවලම් කරන්න. හරියට පත්තු උනාම මේ වගේ තියේවි.

hot-charcoal

පත්තු වෙච්ච ගමන් වගේ මුලින්ම රස්නේ අඩු නිසා sausages, පෙති කපපු පාන් ටික එහෙම දාගන්න. පාන් නම් එච්චර වැඩකුත් නැ, නිකම් දෙපැත්ත කර වෙලා toast කර වගේ එන්නේ. හැබැයි sausage ටික පිච්චිලා අවම පට්ට.

sausages on barbecue oven

sausages එක තට්ටුවක් බලා ඉවර උනාම chicken ටික දන්නා පටන් ගන්න. මේකට පාන් අල්ලන වගේ අඩුවක් තිබුන නම් ලේසි, මම නම් හැම දේම කරේ ගැරප්පු දෙකකින්.  chicken ටික එක පැත්තකින් අනිත් පැත්තට මාරු කරනවද කියල බලාගන්නේ ඒවා පිච්චිලා තියෙන තරමෙන්. පහල තියෙනවා වගේ තෙල් පට වෙන්න ඇවිල්ල නම්, නිකම් තෙල් වලින් බැදලා ගත්තා වගේ තියෙනවා නම් අනිත් පැත්තට හරවන්න. පුළුවන් නම් කොයි වෙලෙත් ගරප්පු වලින් chicken කැඩෙන්නේ නැති වෙන්න, හිල් වෙන්න ඇන ඇන ඉන්න. එතකොට ඇතුලට රස්නේ ටිකක් හරි යනවා, නැත්නම් අන්තිමට අතුල හරියට තැම්බිලා නැ.

chicken bbq on grill machine

චිකන් එක පැත්තකින් අනිත් පැත්තට හරවද්දී, හරවන්න කලින් ඒ පැත්තට BBQ sauce ටිකක් දාලා ඉන්න. එතකොට sauce ටික chicken වල තියෙන ගමන්ම පිච්චෙනවා නේ. sauce එහෙම charcoal වලට වැටුනට ගනන් ගන්න එපා.

දෙපැත්තම දෙපාර දෙපාර වගේ රස්නේ එන පැත්තට හරවල හොදට තෙල් පට උනාම බාගන්න, කළු වෙලා කර වෙනකම් තියෙන්න දෙන්න එපා. ඔය වගේ chicken ටික set කීපයකට දාගන්න, sausages එක්ක මාරුවෙන් මාරුවට.

ඊට පස්සේ plates වලට දාලා, BBQ sauce දල coca cola එකක් ගහන ගමන් කන්න තියෙන්නේ. මේ තියෙන්නේ කට්ටියගේ මුන්ගේ facial expressions. හි හි  😀

migel in action

Beach එකක් අයිනේ වගේ නම් තව ගිනිමැලයක් ගහලා, bongo පාරක් ගහල dance පාරක් දාලා හොද fun එකක් ගන්න පුළුවන්. කොහොමත් මේ වගේ ඒවා ගෙදර දාලා හරියන්නේ නැ, beach එකක් වගේ තැනකය ගිහින් හවස් වරුවේ දන්නා ඕන. Budget එක ගැන කතා කරොත් හය දෙනෙක්ට එකෙක්ට chicken කෑලි 4යි sausages 4ගානේ වගේ දන්නා පුළුවන් ඔක්කොම රු2500කින් විතර. එකෙක්ට රු400ක් වගේ යන්නේ. බඩ පැලෙනකම් කන්නත් පුළුවන්.

dance with barbecue

මතක තියාගන්න, beach එකක් ලගට එහෙම ගිහින් හවස 6ට විතර charcoal ටික පත්තු කරන්න පටන් ගත්තොත් රැ 7.30 වගේ වෙද්දී පලවෙනි set එක කන්න පුළුවන්. උඩින් කියපු කලමන වලට අමතරව ඕන කරන දේවල් තමයි ගිහිපෙට්ටියක් (මතක ඇතුව), දුම් කබලක් එක්ක බුමිතෙල් දාපු පොල් කටු, හුලන් ගහන්න අගලේ අගලේ පයිප්ප බට, ප්ලාස්ටික් අවානක්, paper plates (foodcity වල ඇත, ලබයි), ගැරප්පු දෙකක් හරි පාන් අල්ලන gadget එකක් හරි. ඉතුරු ජාති ඉතින් දන්නවා ඇති නේ. 😉

Happy BBQ party එහෙනම්

10 thoughts on “බාබකියු එකක් දාන්නේ කොහොමද? How to make a Chicken BBQ

    1. දාන වෙලාවක කියන්නම්, ඇවිත් සම්මාදම් වෙලා කාල යමු 😀

  1. මතක හැටියට මාත් කාවද කොහෙද දෙහිවල ගිහින් 😀 😀

Leave a Reply

Your email address will not be published. Required fields are marked *