මේ බ්ලොග් එකේ අඩුපාඩු තියෙනවද දන්නේ නැ?

on

මම මේ ලියන බ්ලොග් අඩවිය පටන් අරන් සති දෙකක් විතර. මිට කලින් ඕන තරම් එකේ එක්කෙනාගේ බ්ලොග් අඩවි කියවල තියෙනවා. එවල දැකපු සමහර දේවල් මේකටත් ඒ වගේම අඩංගු කරගෙන තියෙනවා.

මුලින්ම ටිකක් විතර කට්ටක් කාල මේ theme එක හොයාගත්තා, මොකද අනං මනං නැති, ටිකක් විතර පිළිවෙලකට තියෙන theme එකක් විදියට මට ලැබුනේ මේක නිසා. කියවන කට්ටියටත් කරදරයක් නැතුව post කියවගන්න පුළුවන් ඇති කියල මම හිතනවා. පල්ලෙහායින් තියෙන WooTheme logo එක ඉතින් අයින් කරන්න ගියේ නැ, සල්ලි නොගෙවා නිකම් බාපු එකේ ඕක හදපු මිනිස්සුන්ට පොඩි බක්තියක් දෙන්නත් ඕන නිසා ඔහේ තියෙන්න ඇරියා.

Right sidebar එකේ email subscription box එකක් හා තව links 3ක් දැම්මා, මොකද පවුද්ගලිකව මම email subscriptions පාවිච්චි නොකරත්, තවමත් එක පාවිච්චි කරන අය ඉන්න නිසා. අනික එක ඇත්තටම හොද service එකක්. මගේ inbox එක spam වෙන නිසයි මම බවිත නොකරන්නේ.

ඊළගට right sidebar එකේ පිලිවෙලින් තියෙනවා recent post, popular post සහ පුංචි twitter feed එකක්. ඔතනින් recent post කෙසේ වෙතත් මම ඕනෑම blog එකකටට් ගියාම බලනවා මේකේ hit වෙච්ච post මොනවද තියෙන්නේ කියලා. ඉතින් popular post දැම්මේ එක නිසා.

මේ බ්ලොග් එකට එන ගොඩාක් traffic, sinhalabloggers.com එන මිනිස්සුන්ට homepage එකට නොගිහින් recent post බලාගන්න තමයි recent post දැම්මේ. ඊට අමතරව මම ගොඩක් වෙලාවට කියවන බ්ලොග් පොස්ට් එකක් වැදගත් නම්, අදාළ author වා twitter හිටියොත් follow කරනවා. මොකද ඉස්සරහට ඒ මනුස්සයව තව ඕන වෙන්න පුළුවන් නිසා. ඉතින් මමත් එකවර tweets 2ක් විතරක් පෙන feed එකක් දැම්මා. මහා ගොඩාක් ඕන නැ නේ. තව tweet බලාගන්න ඕන නම්, twitter එකට ලොග් වෙලාම බලන්න බැරියැයි.

දැන් තමයි මට දැනගන්න ඕන හොදම හරිය තියෙන්නේ.

1) සිංහල ගන්න ලින්ක් එකක් ඕනද?

මට ඉතින් අහන්න තියෙන්නේ, සින්ඩියට එන්න පුළුවන්, මගේ බ්ලොග් title එක දැකලා click කරන්න පුළුවන්. හැබැයි machine එකේ සිංහල නැ, උබ බබා?

2) Social sharing

ලෝකේ තියෙන ඔක්කොම social network වලට share button ඕනද? මම නම් දැනට තුනක් දාලා තියෙනවා. Google+, Facebook සහ twitter. වෙන මොනවා හරි තැනක share කරන්නම ඕන නම්, ඔය උඩ තියෙන්නේ address bar එක. Link එක copy කරලා ගිහින් share කරන්න.

3) Clock එකක් ඕනද?

මම Windows 7, Ubuntu 10.4 දෙකේම වැඩ කරනවා. අවුලක් නැ os දෙකේම taskbar එකේ clock එකක් තියෙනවා. ඉතින් මගේ blog site එකටත් clock එකක් ඕනද? මිනිස්සු දු‍ර කතර ගෙවාගෙන මගේ බ්ලොග් url එක ටයිප් කරලා ඇවිල්ල වෙලාව බලල යනවානම් ඔන්න මමත් දැන්නම්.

4) Visitors flag ඕනද?

සිංහලෙන් ලියන අපේ බ්ලොග් සුද්දෝ කියවන්නේ නැති උනාට, පිට රටවල් වලින් ඕන තරම් visits එනවා. මොකද අපේ රටේම විදේශගත වෙච්ච කට්ටිය නිතරම සිංහල බ්ලොග් කියවනවා. ඒ මිනිස්සු ඉන්නේ කොහෙද කියලා කියන්න ඕනද? ගොඩාක් වෙලාවට සවුදි අරාබි රටවල් වලින් තමයි. ඕක අමුතුවෙන් දන්නා ඕනද?

5) Visitors map ඕනද?

ඔයා දැන් ඉන්න තැන ip එක detect කරලා ආසන්න වශයෙන් map එකක ඉන්න තැන පෙන්නන්න ඕනද? තමන් ඉන්නේ කොතනද කියල දන්නවා නේ. මම අමුතුවෙන් බ්ලොග් එකේ පෙන්නන්න ඕනද?

6) Courser එක පිටිපස්සට කාක්කෝ, මැස්සෝ, අනං මනං

ගොඩාක් ගනු ළමයිගේ බ්ලොග් වල තමයි මේක දකින්නේ, හරියට සුකුරුත්තම්. වෙලාවකට මටත් නොදනිම mouse එක එහාටයි මෙහාටයි ගසනවා, මේ courser එකේ ඉන්න මැස්සෝ ටික යවාගන්න. පස්සෙයි මතක වෙන්නේ මේ computer එකකගේ ඉන්නේ කියලා.

7) දකුණේ අයිනෙන් පුංචි chat එකක් ඕනද?

කීපයක් බ්ලොග් වල දැකලා තියෙනවා, දැනට මෙච්චර ඔන්ලයින් ඉන්නවා, මෙන්න එන්න chat කරන්න කියලා. ගොඩක් වෙලාවට තුන හතරක් තමයි ඔන්ලයින් ඉන්නත්. අනේ ඉතින් ඔය facebook තියෙද්දී chat කරන්න අතන මෙතන යන්න ඕනද?

ලිපියට තව අඩංගු වෙන්න ඕන මොනවා හරි තියෙනවා නම් කියන්න.

6 thoughts on “මේ බ්ලොග් එකේ අඩුපාඩු තියෙනවද දන්නේ නැ?

  1. මම කියන්නම් .. හැබැයි මට හිතෙන හැටි හොඳද? හරිම දේද කියන්න දන්නෙ නෑ…

    1. http://settdeco.bhasha.lk/si/ මෙතනට ගිහින් බැලුවම තේරෙයි සිංහල ඇතිනැති ඕන කෙනෙක්ට බලන්න පුලුවන් පහසුකම දැන් තියන බව. ඒක දාගන්න ඊටපස්සෙ අමුතුවෙන් සිංහල ඕනෙ නැත.

    මතක තියාගන්න බ්ලොගයට කට්ටිය එන්නෙ සින්ඩිවලින් විතරක් නෙමේ

    2. ඔය ඇති.. හැටහුටාමාරක්දාලා පලක් නෑ.. ඕනම තුන ඔයා දාලා තියනවා..

    3. ඔරලෝසු අපා.

    4. 5. දෙකම තේරුමක් නෑ.. ඕනනම් පොඩි හිට් කවුන්ටරයක් දාගන්න හිට්ගාන පේන විදිහට

    6. මම නම් දමා නැත..

    7. බ්ලොග් වලට එන්නෙ ලිපි කියවන්න මිසක් චැට් කරන්න නෙවෙයි..

    කැමතිනම් මගේ බ්ලොගය බලලා අදහසක් ගන්න. මට හොඳයි කියලා හිතෙන එව්වා දාල තියෙන්නෙ..

    http://dreamsofharee.blogspot.com

  2. මටත් කියන්න තියෙන්නේ Haree කියල තියන ටිකම තමා. blog එකක් උනාම සරල, ඉක්මන්ට ලෝඩ් වෙන, පහසුවෙන් කියවන්න පුලුවන් තත්වයේ තියෙන්න ඔනේ. එහෙම බැලුවම මේ දාල තියන විදිය හොදටම හොදයි.

    1. අනිවර්යෙන්, බ්ලොග් එක සරලව සහ ඉක්මනට ලොඩ් වෙන්න තියෙන්න ඔන. ස්තුතියි කමෙන්ටුවට.

  3. මට කියන්න ඕනේ කරන දේවල් ඔක්කොම පහන් අයියා මෙන්න මේ පොස්ට් එකේ දාලා තියෙනවා http://bit.ly/rjnMcx 😀

Leave a Reply

Your email address will not be published. Required fields are marked *