බලු සුරතල්

on

අපේ ගෙදර තියෙන්නේ හරියටම ගාල්ල මාතර පර අයිනේ නිසා අපි කිසි දවසක බල්ලෙක්, පුසෙක් හදන්න තිය හිත්වේ වත් නැ. කොයි වෙලෙත් පාරේ එහා මෙහා යන වාහන ගොඩ දැක්කම, නිතර දෙවේලේ පර මාරුවෙන්න ගිහින් මැරෙන සත්තු දැක්කම කොහොමටත් හදන්න හිතුනේ නැ. Highway එක දැම්මට පස්සේ දැන් යන වාහන කන්දරාවේ හැටියට අපිට පාර මරුවෙන්නත් විනාඩි 5ක් විතර බලාගෙන ඉන්න ඕන. ඉතින් සත්තු ගැන කවර කතාද.

අපේ ගෙදර සත්තු නොහැදුවට මේ ලිපිය ලියන්න යන්නේ මම අදුරන ගෙදරක ඉන්න බල්ලෙක් ගැන. පැත්තක ඉදන් බලාගෙන ඉන්න මට ඒ බල්ලව හදන හැටි පෙන විදිය ගැන. අදාල ගෙදර ඉන්නවා අම්මයි තාත්තයි, ගනු ළමයි දෙන්නයි. කාලයක් තිස්සේ මේ ගෙදර හිටියා දේශීය බල්ලෝ තුදෙනෙක් (වල් බල්ලෝ කියන එක හරි නැනේ). ඒ බල්ලෝ තුන්දෙනවා නම් හොදට හදලා තිබුනා. ගෙදර ලොකු වත්තක් තියෙන නිසා කොයි වෙලෙත් බල්ලෝ ටික එළියේ තමයි හිටියේ. දොරවල් ඇරලා තිබුනත් ගේ ඇතුලට එන්න සපුරා තහනම්. හොදට පුරුදු කරලා තියෙන නිසා උන එන්නෙත් නෑ. කන්න බොන්න දෙන නිශ්චිත වෙලාවක් තිබුනා, කුඩුවෙන් එලියට දාන වෙලාවක් තිබුනා. තිබුනේ කුඩු දෙකක් නිසා කොයි වෙලෙත් දෙන්නෙක් ඇතුලේ, එක බල්ලෙක් වත්තේ සක්මන් කරනවා. Shift එකටද කොහෙද මාරු වෙන්නේ.

ඔය බල්ලෝ තුන්දෙනාගෙන් එකෙක් විතරක් හොද මුර බල්ලෙක්. හොදට තේරෙනවා. අනිත් උන දෙන්න කමකට නැ. ගෙදර ගේට්ටුව අරගෙන කවුරු හරි අවොත්, ඒ බල්ලෝ දෙන්න කරන්නේ, අපු මිනිහත් පෙරලගෙන පාරට දුවන එක. උන්ගේ නිසහස හොයාගෙන. එකට අනිත් බල්ලා නියමෙට job එක කරනවා. ඇත්තටම එකනේ බල්ලෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නේ. කොහොම කොහොම හරි එල බල්ලා මැරුණා. ඊට පස්සේ අනිත් උන දෙන්නත් තියාගෙන වැඩක නැති ගානට පත්වුණා.

ඔය අතරේම ගෙදරට ගෙනාවා posh බල්ලෙක්. වෙන මොකෙක් වත් නෙමෙයි German Shepherd කෙනෙක්. ඉන්න අපත බල්ලෝ දෙන්න එක්ක මුව දැම්මොත් මේ පැටියත් නරක වෙන නිසා, හිටපු බල්ලෝ දෙන්නගේ අසව ඉෂ්ට කරන්න ගත්තා. කොහොමත් උන කැලෑ පනින්න නේ බලාගෙන ඉන්නේ. දෙන්නවම ලග තියෙන අදුරන ගෙවල් දෙකකට දුන්න. උන ඒ දවස වලත් ගේට්ටුව අරිය ගමන අදාල ගෙවල් වලට තමයි දිවුවේ.

දැන් තමයි කතාව හරියට පටන් ගන්නේ. අලුත් බලල බ්රුනෝ (Bruno). ටිකක් විතර posh බල්ලෙක් නිසා කලින් හිටපු උන්ට වඩා මුට සැප, පොඩි කලේ ඉදලම හැදුනේ ගේ ඇතුලේ විතරයි. මොකද දොස්තර කියල තියෙනවලු තනිකරන්න එපා වගේ කතාවක් (හරියට sure නෑ). කොහොමත් මේ වගේ පොඩි බලුපැටියෙක් එළියේ කුඩුවක දන්නා බැනේ. මුත් කොච්චර හොද සෙල්ලම් සේන කෙනෙක්ද කිවුවොත් මොනවා හරි හැපුවොත් හපගත්ත ගමන්මයි. කොටින්ම denim එකේ එල්ලුට්නොත් අයෙ කූදෑල්ලා වගේ. ගෙදර ඉන්නෙත් කෙල්ලෝ දෙන්නෙක් නිසා, අක්කයි නංගියි එක්ක මු තවත් හොද හුරතලේට හැදෙනවා. සමහර වෙලාවට කෙල්ලයි, බල්ලයි දෙන්නම් පුටුව උඩ, දෙන්නම tv බලනවා. නැත්නම් බල්ලා කෙල්ලගේ උකුල උඩ. නිකක් අලුත ඉපදුන බබෙක්ට වගේ තමයි මුට සලකන්නේ.

හරි දැන් මාස 4ක් උනා, තම මුගේ හපන පුරුද්ද නම් ගිහිල්ලා නැ. දැන් දතුත් යන්තම් උල් වගේ ඇවිල්ල තියෙනවා. මු සෙල්ලමට කකුල හැපුවට උට තම measurement එකක් නැ, සෙල්ලමට කියල කොච්චර pressure එකකින් හපන්න ඕනද කියලා. සමහර වෙලාවට හිල් වෙන්න කකුල පනවා. ඊළගට ගෙදර අය කරන තව දෙයක් තමයි කද්දී පිගේනේ තියෙන එක එක ඒවා බල්ලට දෙන එක. දැන් මනුස්සයෙක් කෑම පිගන අරගෙන අවම, බ්රුනෝ එනවා පස්සෙන්. ඇවිල්ල කට දිහා බලාගෙන ඉන්නවා. නැත්නම් එපා පුටුවේ වැඩි වෙලා පිගන දිහා බලාගෙන ඉන්නවා.

මේ අතරේ දොස්තර කියල තියෙන තව දෙයක් තමයි කෑම කන්නේ නැත්නම් අතින් අනලා කවන්න වෙයි කියලා. කරදර මදිවට කරදර, බ්රුනොට අතින් අනලා කවන්නත් වෙලා. ගොඩාක් වෙලාවට කෑම කවලා අන්තිම ටික කවද්දී පොඩි ළමයි අම්මේ ඇති ඇති කියනවා වගේ, බ්රුනොටත් අන්තිම ටික කවද්දී “කුන් කුන්” ගානවා. එවෙලෙට පොඩි එකට කරන theory එක මෙතනට දන්නා බැරි නිසා, බත් ගුලි හදලා කට ඇරලා කටට දාලා කට තද කරගෙන ඉන්නවා, මු කනකම්. ඊළගට වතුර, කිරි බජනෙකට දාලා දුන්නම මුට තවම බොන්න බැ පෙරලගන්නවා. ඉතින් බිලා ඉවර වෙනකම් ගොඩාක් වෙලාවට කලින් කිවුව අක්ක හරි නංගි හරි කිරි බජනේ කට ලගට අල්ලාගෙන ඉන්නවා. එතකොට නිතරම වගේ ඇහෙන දෙබස් “බ්රුනෝ පැටියා, මේක බොන්න”, “අනේ බ්රුනෝ මල්ලි මේක බොන්නකෝ”. මට නිකමට හිතුනා මේ අක්කයි නංගි දෙන්නට මල්ලියෙක් හිටියනම් කොහොමට සලකාවිද කියලා.

හරි දැන් බ්රුනොට මස 7යි. හෙන සයිස් බල්ලෙක්. ගෙදරට ගියපු ගමන දුවගෙන ඇවිල්ල අගට පනිනවා, හපන්න නෙමෙයි සෙල්ලම් කරන්න. බ්රුනෝ හිටගෙන ඉස්සරහ කකුල් දෙක පපුවෙන් තියන්න තරම් උසයි. හිතාගන්න අහකිනේ size එක කොහොමද කියලා. පල්ලෙහා තියෙන 4to එකේ sizeම තමයි.

ඊළගට ගෙදර දොරකොඩ ඉදලා සාලෙට යන ටිකට හතර පස් පාරක් විතර ඇත හපන්න පනිනවා. නැත්නම් ඇදගෙන ඉන්න tshirt එකේ කොහෙට හරි එයාගේ කකුල් දෙක තියල එකාගේ රබර් මුද්‍රාව ගහනවා. ඊළගට ඔය කියන ගෙදර හරියටම tv එක ඉස්සරහ තියෙනවා tv room එකක තියෙන ජාතියේ පුටු දෙකක්. හැම තැනම cushion තියෙන ජාතියේ එකක්. බ්රුනෝ දුවලා ගිහින් එකෙන් එකකට පැනලා හොදට හරිබරි ගැහිලා වැඩිවෙනවා. ඊළගට මගේ මුණ දිහා බලාගෙන ඉන්නවා නිකම් “මචන් tv එක on කරලා ඇවිල්ල මෙතනින් වාඩිවෙයන් වගේ” look එකක් දාගෙන.

වැරදිලා වත් බ්රුනොට එකපත්තේ තියෙන පුටුවෙන් වැඩි උනොත්, ඊළගට තමයි එයා shake hand කරන්නේ. මුලින්ම එයාගේ ඉස්සරහ එක කකුලක් දෙනවා අපිට අල්ලගන්න. බල්ලෙක් කොහොමත් එක කකුලක් ඉස්සරහට දික් කරගෙන ඉද්දි ඕන කෙනෙක් “අනේ ෂෝයි බව්වා” කියාගෙන අනිවා උට ඇත දික් කරනවා, now here is the time dog get tricky, ඇත දීපු ගමන මු හපනවා, සෙල්ලමට උනාට ටිකක් විතර රිදෙනවා. හපද්දීත් නිකම් නෙමෙයි හපන්නේ හොදට කෙලගගා තමයි හපන්නේ. කෙල ගන්නෙත් නිකම් වතුර වගේ නෙමෙයි, පාප්ප ගානවා වගේ, කෙල තෑම්බවල් ගන්නේ. ඔය වෙලාවට watch එක හරි පිරිත් නුලක් හරි මුගේ dracula දත් වලට අහුනුත් අයෙ ඇත ගලවාගෙන ඉවරයි. කොහොම හරි ඇත ගලවගත්ත කියමුකෝ, දැන් අතේ තියෙනවා පෙන පෙන වගේ හොද කෙල තට්ටුවක්.

පිළිගැනීමේ කතාව ඔහොම ඉවරවෙද්දි, ඊළගට පටන් ගන්නවා දිවා අහාර පිලිගනිවිම. ගොඩක් වෙලාවට කවුරුත් කෑම බෙදාගෙන සලේටම එනවා tv එක බල බල කෑම කන්න. කලින් කිවුවා වගේ කෑම කද්දී, බ්රුනොට කෑම දාලා (අක්කයි නංගියි) ඇති කරපු හොද පුරුදු නිසා බ්රුනොත් කන මිනිස්සුන්ගේ කට දිහා බලාගත්ත ගමන්මයි. කමක් නැ සතෙක්නෙ ඕක අමතක කරන්න පුළුවන්. හැබැයි ඉවසන්නම බැරි ඩේ තමයි කද්දී පිගානට ඉව කරන්න එන එක. එවෙලෙට පිගන ඔලුව උඩට උස්සගන්න ඕන. ඉලට කෑගහන්න ඕන “බ්රුනෝ යන්න, බ්රුනෝ යන්න” (කවුරුවත් පලයන් කියන්නේ නැ, එච්චර ආදරෙයි). මේ වෙලේට අක්ක හරි නංගි හරි හිටියොත් ඒ කවුරු හරි “ආ බ්රුනෝ එන්න අයිස් කැටයක් දෙන්න” කියල කන එක පැත්තක තියල කුස්සියට ගිහිල්ලා බ්රුනොට අයිස් කැටයක් දෙනවා. උ  tile පොලවේ එක එක්ක පොර බැදලා පොර බැදලා කටේ දාගෙන හපන්න යද්දී ගොඩක් වේලට කාල ඉවරකරන්න පුළුවන්. අක්කයි නංගි තවත් පාවිච්චි කරන trick එකක් තමයි බල්ලාගේ පිටට කකුලක් තියලා “බ්රුනෝ නිදාගන්න පැටියෝ, දොයි….. දොයි දොයි….. දොයී….. දොයි දොයි…..” විනාඩියක් විතර කන එක පැත්තක තියල මේක කිවුවම බ්රුනෝ බිම දිගාවෙලා ඉන්නවා. එතකොටත් නිවී සැනසිල්ලේ කන්න පුළුවන්.

අපි සාමානයෙන් කියමනකට කියනවා “සතෙකුට උනත් කද්දි කරදර කරන්න එපා” කියලා. ඇත්තටම මෙතන එකේ අනිත් පැත්ත නේද වෙලා තියෙන්නේ. බල්ලෙක් ජිවත් වෙන කලේ එක්ක බැලුවම මාස 7ක් කියන්නේ අවුරුදු 5ක ළමයෙක වගේ දැනුමක් තියෙන කෙනෙක්. එපා කිවුවොත් එක නොකර ඉන්න ඕන. ගෙදරකදී අම්මා තාත්තා කද්දි අවුරුදු 5ක (මොන්ටිසෝරි වයසේ)  පොඩි එකෙක් මෙහෙම කරදර කරනවා නම්, මෙච්චර බල බල ඉන්නේ නැ නේද? දෙකක් දෙනවා, එතනින් ඉවරයි.

ඊළගට බල්ලව හුරතල් කිරීම, මමත් බ්රුනොගේ ඔලුව අතගානවා. මේ වෙලාවට කොයි බලලත් හරි අහිංසක විදියට වාඩිවෙලා ඉන්නවා. කිසි හා හුවක් නැ. හැබැයි මෙයාව අතගගා ඉන්න ගමන එක මොහොතකට හරි වෙන පැත්තක බැලුවොත් ටික වෙලාවකින් අතට පොඩි වේදනාවක් දැනෙනවා. මු කොයිවෙලෙත් ඉන්නේ “කොයි වෙළෙද අත හපන්නේ, කොයි වෙළෙද මේකා අනිත් පැත්ත බලන්නේ” කියන මානසිකත්වයෙන්. බ්රුනෝ කොච්චර නලා හිටියත් මොකද මම මොන බල්ලව අතගැවත් ඊළගට ගිහිල්ල හොදට සබන් දාලා අතහොදගන්නවා. කොහොමත් සතෙක් නේ. එකට කලින් කිවුව ගෙදර අයට බ්රුනෝ ඇල්ලුවද කියල මතකත් නෑ. ඒ ගැන නම් කතා කරලා වැඩක නැ.

සමහරවිට ඇදලා පුද්ගලයෝ මේක කියවනවා නම් හිතාවි, අනේ ඔහේ බල්ලෝ හදල නැ නේ, ඉතින් මේවට කට නොදා ඉන්න කියාලා. සල්ලි දීලා බල්ලෙක් ගෙනල්ලා හැදුවේ නැති උනාට, දැන් අවුරුදු කීපයකට කලින් පාරේ යන දේශීය බැල්ලියෙක් (ගැනු සතෙක්) අපේ ගෙදරට කෑම හොයාගෙන අවා. දන්නා කියන විදියට අහල පහල ගෙදරක සතෙකුත් නෙමෙයි, කවුරුවත් නාවල කවල පොවලා ගෙදරක තියාගත්තේ නැති උනත්, මාර පිරිසිදුයි, නිකම් හාවෙක් වගේ. අපි මේ සතට නම තිබ්බා “බව් බව්” කියලා. ගේ ඇතුලට අවත් නෑ, අපි කාලා ඉවර උනාම, තව බත් ටිකක් එක්ක අනලා පත්තර කොලෙකට අනල දානාවා. කුඩු කරගෙන හිටියෙත් නැ. කළා ඉවරවෙලා අයෙ පාර දිගේ යනවා. හිටපු ගමන එනවා. වත්තට වෙලා ඉන්නවා. ඊට වඩා ලොකු සැලකිලි දෙන්න වෙලාවකුත් නැ, විදියකුත් නැ.

කොහොම උනත් ඒ සතා අපේ ගෙදරින් කන්න බොන්න දෙන නිසා මාර බක්තිය, හැමදාම උදේට අම්මයි තාත්තයි වහනයෙන් යන්න ගියාම මු පාරට පැනලා යන එන හැම වහනේටම බුරලා නිකම් ඇමති කෙනෙක්ගේ වහනයක් පාරට දාද්දි ආරක්ෂකයෝ බහිනවා වගේ හොද හොද සෙල්ලම් දන්නේ. ඊළගට කියන්නම ඕන දේ තමයි අපේ ගෙදරට සුනාමි අපු දවස වල අපි හිටියේ කොළබ. ගෙදර තිබුන දොරවල් ඔක්කොම කැඩිලා ගිහිල්ල තිබුනා. හැබැයි ගෙදර බඩු ටික ඇතුලේමයි. මිනිස්සු නැති ගෙදරක දොරත් නැ කිවුවම, අපේ අයත් හිතන්නේ මොනවද කියල දන්නවනේ. හැබැයි “බවු බවු” එහෙම නෙමෙයි ඉස්සරහ ගෙදර මනුස්සය ඇවිල්ල තිබුනා දොර උස්සල අයෙ උළුවස්සට හේත්තු කරන්න, පොරගේත් කකුල කාල තමයි එළවලා තිබුනේ. අන්න එච්චරට බක්තිය.

මේක ලියන මගේ අදහස නම්, උඩින කිවුවා වගේ බල්ලයි කොල්ලයි දෙන්න එක පුටුවේ වැඩි කරන්න තරම් බල්ලා හුරතල් කරන්නන එපා කියන එක. තමන්ගේ අදහස වෙනස් නම් comment එකක් දාලා යන්න.

පාලි:

මාස 7 ක බල්ලෙක් අවුරුදු ක ළමයෙක්ගේ බුද්දියට සමාන කරේ, මට නිකමට හිතුන නිසා. ගොඩාක් ම වෙලාවට හැසිරීම අතින්. නිතරම සෙල්ලමට බර නිසා. එක අතිශය වැරදි අර්තදක්විමක් වෙන්න පුළුවන්. ගණන් ගන්න එපා. 🙂

4 thoughts on “බලු සුරතල්

  1. matath oya kiyana baby doglawa pennanna ba.leda beth salakili iwarayak na.balla rata unath wal unath balla ballama thama.ara kiyapu wal ballo gana kiyanawanam un koitharam thamanta kanna dena gedarata adareida kiyala mamath athdakeemen dannawa.un ape samahara minissuntath wada hodai.

    1. ගොඩක් දෙනෙක් කියන කතාවක් තමයි, ගෙදර මුර කරන්න හදනවා නම් හොද හොද ජාති වල බල්ලෝ නැතුව, පන්සල ලග, පාරේ අතන මෙතන දාල ගිය බල්ලෙක් ගෙනල්ල හදන්න කියලා. මොකද ඒ බල්ලෝට ලොකු වියදමක් නැ, ඊටත් වැඩ කන්න බොන්න දෙන ගෙදරට සැහෙන්න ලෙන්ගතුයි.

  2. අම්මෝ ඔයා බව්වා ගැන දාලා තියෙන විස්තරේ අක්කලා දැක්කා නම් තමා හොද,,

    මම හරිද වැරදිද මන්දා..මාස හතක බල්ලෙක් කියන්නේ අවුරුදු පහක ලමෙක් ගානද..මම අහලා නම් තියෙන්නේ අවුරුදු 10 ක බල්ලෙක් කියන්නේ අවුරුදු හතක ලමයෙක්ගේ තරම් බුද්ධි මට්ටම තියෙනවා කියලා..මට මතක නැහැ..මම වැරදි නම් සමාවෙන්න.

    අපෙත් දිහා බව්වෙක් නම් ඉන්නවා..එයා නිදියන්නෙත් නම් අපිත් එක්ක..මොකද පොඩි කාලේ ඉදන් තියෙන පුරුද්දක් එක..හැබයි ඉතින් ඔය කිව්වා වගේ කෙල ගාගෙන ඔය වගේ සෙල්ලම් නම් නැහැ..එයාට වෙලාවට කන්න දෙනවා..හුරතල් කරනවා..මොකද බල්ලෙක් කියන්නේ එයාගේ අයිතිකාරයාට පුදුම විදියට ආදරේ සතෙක්.මේ ලඟකදි මම මොකකදත් මන්දා දැක්කා.මිනිස්සු වෙච්හ්චි අපිට සෙල්ලම් කරන්න..සින්දු අහන්න කතා කරන්න මේ හැමදේම පුලුවන් එත් බල්ලෙක්ට තමන්ගේ හිමිකාරයා තමා හැමදේම කියලා..

    මේකත් බලන්නකො..

    10 Things Your Dog Would Tell You…. (This made me cry)

    1. My life is likely to last 10 to 15 years. Any separation from you will be painful: remember that before you get me.

    2. Give me time to understand what you want of me.

    3. Place your trust in me- it is crucial to my well being.

    4. Do not be angry at me for long, and do not lock me up as punishment.

    5. You have your work, your entertainment,and your friends. I only have you.

    6. Talk to me sometimes. Even if I don’t understands your words, I understand your voice when it is speaking to me.

    7. Be aware that how ever you treat me, I will never forget.

    8. Remember before you hit me that I have teeth that could easily hurt you, but I choose not to bite you because I love you.

    9. Before you scold me for being uncooperative,obstinate,or lazy, ask yourself if something might be bothering me. Perhaps I might not be getting the right food, or I have been out too long, or my heart is getting to old and weak.

    10. Take care of me when I get old; you too will grow old. Go with me on difficult journeys. Never say: “I cannot bear to watch” or “Let it happen in my absence.” Everything is easier for me if you are there, even my death.
    Remember that I love you

    1. අනිත් සත්තු වගේ නෙමෙයි බල්ලෝ කියන්නේ තමන්ගේ ස්වාමියට ගොඩාක් ආදරේ අය. මම කලින් මේ විස්තරේ කියවල තිබුනේ නැ, කියවල තිබුනානම් මේ ලිපිය මිට වැඩ සැහෙන්න වෙනස් වෙන්න තිබුනා. බොහොම ස්තුතියි අදහසට. It really made me cry.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *