100% සිංහල render වෙන Android Google Reader

on

ලංකාවේ Android phones ගන්න හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි phone එකේ inbuilt සිංහල එන්නේ නැති කම. මමත් Android phone එකක් ගත්ත ගමන මුලින්ම කලේ root කරලා සිංහල install කරපු එක.

මම සිංහල install කරගත්තේ මේ ලිපිය බලලා. හැබැයි ලගදි දැක්කා ඉංග්‍රීසියෙන් ලියපු ලිපියකින් ඊට වඩා ටිකක් විතර ලේසි ක්‍රමයකිනුත් කරලා තියෙනවා.

මේ ක්‍රම දෙකෙන්ම කරන්නේ phone එකට සිංහල අඩංගු වෙන unicode font එකක් copy කරන එක. හැබැයි තවම Android වලට complex script rendering වගේ දේවල් හරියට කරගන්නේ නැති නිසා පොඩි පොඩි අවුල් තියෙනවා.

 

උඩ රුපයේ පෙන විදයට “මාමේ” කියන එක කොම්බුව දෙවැනි මයන්නට පිටිපස්සට ගිහිල්ල හල් පිල්ලත් වැරදි එකක් යෙදිලා තමයි Android වල පෙන්නන්නේ. හැබැයි ටික කාලයක් පුරුදු වුනාම අමාරුවෙන් හරි ඕක කියවගන්න පුළුවන්. ඕකට විසදුමක් විදියට තමයි Bhasha.lk ඒකෙන character replace කරන පොඩි algorithm එකක් ඉදිරිපත් කලේ. ඒකෙන කරලා තියෙන්නේ පරණ සිංහල unicode font එකේ අගට අලුතින් අකුරු වගයක් එකතු කරපු එක.

Algorithm ඒකෙන කලේ උඩ රුපයෙන් පෙන්න තියෙන විදියට කොම්බුව, මයන්න හා හල් පිල්ල යෙදෙන තැනක තියෙනවා නම්, ඒ තුනම අයින් කරලා එයාලගේ font එකේ තියෙන තුනම එකට දාලා හදපු character එකකින් අර තුන replace කරන එක. සිංහල හරියට render වෙලා පෙන ගොඩාක් Android applications වල පාවිච්චි වෙන්නෙත් ඔය ක්‍රමයම තමයි.

උඩින් දීලා තිබුන ලිපි වල සාමාන්‍ය සිංහල unicode font එකක් phone එකට install කරන විදියක් තමයි පෙනන්නේ. හැබැයි අපි මේ කියන font එක install කලොත් තව තව rendering ගැටළු කීපයක් මගහරවාගන්න පුළුවන්.

Step 1: Phone එක root කරගන්න

Google කරලා තමන්ගේ phone එක root කරගන්න හැටි හොයල, තනියම කරගන්න. (root කිරීමෙන් warranty නැති වෙන්න පුළුවන්)

Step 2:

DroidSansFallback font එක download කරගන්න. Extract කරලා phone එකේ sdcard එකේ root එකට DroidSansFallback.ttf කියන font file එක copy කරගන්න.

Step 3:

Root Explorer app එක download කරගන්න. Extract කරලා phone එකේ sdcard එකේ root එකට Root Explorer.apk කියන application file එක copy කරගන්න.

 Step 4:

තමන්ගේ phone එකේ තියෙන file manager ඒකෙන ගිහිල්ල Root Explorer.apk එක install කරගන්න. Install කරද්දී මොනවා හරි permission errors එනවා නම් Phone එකේ settings->Application Settings->Unknown sources එකට tick එකක් දාන්න.

Step 5:

Root Explorer install කරගෙන අපිට තියෙන්නේ කලින් copy කරපු font file එක phone එකේ /system/fonts/ කියන තැනට copy කරන්න. Root Explorer open කරගෙන් අදාල font file එක හොයාගන්න. /sdcard/ කියන location එකේ font එක ඇති. එක උඩ click කරගෙන hold කරන හිටියම menu එකක් ඒවි copy කරන්න.

Copy select කරලා phone එකේ /system/fonts කියන තැනට එන්න. ඒ location එකට read access විතරයි තියෙන්නේ. අපි අලුතින් font file එකක් copy කරන්න යන නිසා අපිට write access ඕන කරනවා. එකට Mount R/W button එක click කරලා Paste කරන්න.

දැන් phone එකට සිංහල font එක install කරලා තියෙන්නේ. Phone එක reboot කරලා බලන්න සිංහල display වෙනවා, එත් තවම rendering ගැටළු තියෙනවා.

මම blog post එහෙම කියවන්න පාවිච්චි කරන්නේ Google Reader එක. ඊට අමතරව phone එකේ gReader කියන app එක පාවිච්චි කරනවා. gReader app එකත් කරන්නේ Google Reader එකේ තියෙන blog post ටිකම පෙන්නන එක. සිංහල බ්ලොග් ලියන හැමෝම වගේම එක එක font replace කරන්න එක එක javascript පාවිච්චි කරත් ඇදලා blog එකේ rss feed එකට කිසිම බලපෑමක් වෙන්නේ නැ. එක නිසා තමයි තවමත් phone එකේ සිංහල අවුල්. අපි මේ rss feed එකේ characters ටික replace කරගත්තා නම් වැඩේ ගොඩ.

අපිට පුළුවන් මේ url එක අගට අදාළ rss feed එක දුන්නම, characters ටික replace කරලා අලුත් rss feed එකක් හදාගන්න. කරන්න තියෙන්නේ දැනට Google Reader  එකේ තියෙන හැම feed එකකම feed url එක හොයාගෙන එක ඉස්සරහට

http://sri-sinhala.appspot.com/?url=

කියන කොටස එකතු කරලා ඒ අලුත් feed එකට අපහු Google Reader ඒකෙන subscribe වෙන එක.

උදාහරණයක්‌ විදියට මම දැනට subscribe වෙලා ඉන්නවා

http://feeds.feedburner.com/isuru137 කියන මගේ blog feed එකට.

feed url එක හොයාගන්න පුළුවන් පහල තියෙන විදියට.

ඊළගට එක ඉස්සරහට

http://sri-sinhala.appspot.com/?url=http://feeds.feedburner.com/isuru137 මේ සම්පුර්ණ කොටස දාලා ආයේ මේ url එක දීලා subscribe වෙනවා. මෙතනින් හැදෙන අලුත් rss feed ඒකෙන characters ටික replace වෙනවා, ඒ වගේම phone එකේ gReader හරි Google Reader හරි වෙන ඕනෑම app එකකින් සිංහල 100% render වෙලා පේනවා.

 

සාමාන්‍ය unicode font එක තිබුන විට 
characters replace කල පසු

ප.ලි:

උඩින් කියපු url එක අගට ඕනෑම සිංහල unicode අඩංගු web url එකක් දැම්මම characters ටික replace වෙන නිසා, phone එකේ කොහොමත් font එක install කරලා තියෙන නිසා, කැමති browser එකකින්, 100% rendering එක්ක ඕනෑම වෙබ් අඩවියක් කියවන්නත් පුළුවන්.

Google reader එකේ එකම blog අඩවිය දෙපාර දෙපාර පෙන නිසා, කැමති නම් පරණ subscription ඒකෙන unsubscribe වෙන්න. අලුත් එක කොටු කොටු පෙන්න හේතුව අපේ computer එකේ අදාල font එක නැති කම නේ. phone එකට install කරපු font එක computer එකත් install කරගන්න. Simple 😀

7 thoughts on “100% සිංහල render වෙන Android Google Reader

  1. Thanks macho meyke google reader akatawitharak nemy 4n akey seyrama text hariyata wada karanna hadanna barida..ahema hadannako loku deyak 🙂
    good luck

    1. Android වල complex script engine එක හරියට හැදුව නම් ඕන තැනක සිංහල හරියට පෙන්න ගන්නවා. එක ගොඩ දාගන්න පුළුවන් නම් හරි.

    1. ඔව් මම දන්නවා. ඔය browser එක recommend කරන්න පුලුවන්, වැඩි වැඩ නැති short n sweet browser එකක්.

  2. download Mozilla fire fox for android and there’s a addon for android sinhala addon for mozilla install it then all working wel inside the browser only

  3. මගෙ sony xperia j phone එක රුට් කරලා සිංහල font එක දැම්මා reboot කරා නමුත් සිංහල පෙන්නන්නෙ නැනේ help එකක් දෙන්න පුලුවන්ද

Leave a Reply

Your email address will not be published. Required fields are marked *