සනත් ජයසුරියගේ dance එක එච්චරටම චාටර් ද?

on

ලගදි බ්ලොග් කීපයක හා gossip sites කීපයක සනත් ජයසුරියගේ dance එකක් හරි හරියට දාලා තිබුනා. අදාළ බ්ලොග් වල gossip sites වල තියෙන comments දැක්කම වෙලාවකට දුකත් හිතෙනවා

“බැරි වැඩ නොකර හිටපන්”

“cricket ගහගෙන හිටපන්”

ඔය වගේ ඕන තරම් comments දාලා තිබුනේ මෙන්න මේ dance එකට. බලපු ගමන නම් තේරෙනවා. ඒ video එක දැක්කම නම් පේනවා dance කරන්න ලොකු හැකියාවක් නැ කියලා. (just 47 secs)

හැබැයි අපේ අය කට අරගෙන බලාගෙන ඉන්නෙත්, මේ මිනිහා බැරි වැඩ කරන්න ගිහල්ල කොයි වෙලේද ඇනගන්නේ, කොයි වෙලේද ඇනගන්නේ කියල නේ. ඉතින්  අපේ අයට ඒ dance එකේ වැරදි විතරක් පේනවා ඇති. පහලින් තියෙන Krish movie එකේ රිතික් රොෂාන්ගේ dance එක බලන්නකෝ.(just first 20 secs is enough)

රිතික් රොෂාන් කියන්නේ දක්ෂ නළුවෙක්, අනිවාර්යයෙන් මේ dance එකත කාලයක් තියෙන්නේ හොදට practice කරලා, shots කීපයක් අරගෙන හොද ටික එකතු කරලා හදපු එකක්. නටන්නෙත් රිතික් රොෂාන් නිසා අපේ අයට නම් මේක සුපිරි dance එකක් වෙන්න ඕන. මේකේ අඩුපාඩු නැ. හැබැයි රිතික් රොෂාන් වෙනුවට මේකේ ලංකාවේ මිනිහෙක්ගේ මුණ තිබුනානම් අනිවා අපේ අය අහවි,

“මු මේ නටන්නේ සින්දුවකටද, කවියකටද” කියලා.

ඇත්තටම මේ dance එක හැමෝටම සුපිරි වුනාට, එච්චර ගතියක් තියෙන එකකුත් නෙමෙයි නේ.

අපේ මිනිස්සුන්ගේ වැඩ අගය කරන්නේ නැති අයට, ලගදි සනත් ජයසුරිය හොද උත්තරයක්‌ දීලා තිබුනා. අදාළ competition එකේම අලුත් dance එකක්. බලන්න කොච්චර සුපිරිද කියලා. විනිශ්‍ය මණ්ඩලයේ අය කතා කරන විදිය බලන්න, ලොකු ලොකු හින්දි නළුවෝ පවා කතා කරන්නේ “සනත්”, “සනත් ජයසුරිය” කියල නෙමෙයි SIR කියලා. “බැරි වැඩ නොකර හිටපන්” කියලා  අතන මෙතන comment කරන අපේ අයියලට වඩා ඒ මිනිස්සු “සනත් ජයසූරියට” සලකනවා.

අපු එකේ මේ dance එකනම් බලලම යන්න ඕන. විනාඩි 6යි තත්පර 15යි. ඒ වුනාට බලන්නම ඕන.

ප.ලි.:

සනත් ට කඩේ ගියේනම් නැ. මම එච්චර ක්‍රිකට් ලෝලියෙකුත් නෙමෙයි නේ.

ගොසිප් කට්ටිය නම, මේ video ටික කොහෙන් හරි හොයාගෙන youtube upload කරලා, post ලියලා සැහෙන්න වෙහෙසක් ගන්නවා කියලනම් පේනවා.

4 thoughts on “සනත් ජයසුරියගේ dance එක එච්චරටම චාටර් ද?

  1. හැක හක් හක්,, රිතික් රොෂාන්ට වඩා සනත්ගෙ නැටුම් හොදා කියලනෙ උබ අමාරුවෙන් කියන්න හදන්නෙ,,
    හැක හක් හක් හැක හක් හක්,, හොදා හොදා,,

  2. සිරාවටම මමත් 100%ක් එකගයි මේ කථාවට, සනත්ගේ මේ අන්තිම ඩාන්ස් එක එයාගේ මට්ටමෙන් බැලුවම සුපිරි මට්ටමක තියෙනවා, අනික ජජ් කරන අය සනත්ට “සර්” කියල කථාකරන එක ගැන ලංකාවේ මිනිස්සු විදිහට අපි කොච්චර ආඩම්බර වෙන්න ඕනද.

    1. අපේ අය ගරු නොකරට, ඒ මිනිස්සු සැහෙන්න ගරු කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *