6 pack Abs හදාගමුද?

on

මේක නම් කොල්ලොන්ට නිතරම වගේ තියෙන ප්‍රශ්නයක්. මට මතකයි බ්ලොග් ලියන අක්ක කෙනෙකුත් එක එක බඩවල් වර්ගීකරණය කරලා ලිපියක් ලියල තිබුනා. එකේ තිබුන විදියට නම්

  1. රා බඩ
  2. මුදලාලි බඩ
  3. Driver බඩ
  4. IT බඩ – අලුත් එකක්

කියල බඩවල් වර්ගීකරණයක් කරලා තිබුනා. මට අදාල blog එක මතක තිබුන නම් link එකක් දානවා. උඩින කියල තියෙන බඩවල් ගැන මම අමුතුවෙන් විස්තරයක් කියන්න ඕන නැතිවෙයි නේ. දැක්කම තේරෙනවා නේ.

කෝකටත් කියලා මම අන්තිම එක ගැන කියල ඉන්නම්. IT කරන ගොඩාක් පිරිමින්ට ලොකු බඩක් එනවලු. ඉතින් එන්න එපයි දෙයියනේ දවසෙන් වැඩි හරියක් හොද කුෂන් කරපු පුටුවක වාඩිවෙලා ඉද්දි කොහොමත් බඩක් එන්න ඕන. මම software company එකක training ගිය මුල් කලේ මහා අමුතුම අත්දැකීමකට මුණ දුන්නා, ගොඩක් වෙලාවට එකම project group එකේ එහාපැත්තෙ ඉන්න එකට උනත් අපිට පණිවිඩයක් කියන්න ඕන නම් chat එකෙන් එවන්නේ. මොකද කෑගහන්න කියල දේකුත් නැ, අඩි දෙකක් තුනක් එපා පැත්තේ නේ ඉන්නේ. ඊලග දේ තමයි project team එකේ කට්ටියට මොනවා හරි discuss කරගන්න ඕන නම් හැමෝම එක මේසයක් ගාවට set වෙනවා, හැබැයි මම ජීවිතේට දැකල නැ, කට්ටිය එතන වට වෙලා හිටගෙන් ඉන්නවා. කවුරුත් තමන් ඉන්න පුටුව රෝද වලින් තල්ලු කරගෙනයි එන්නේ. එකත නිකම් rowing පදිනවා වගේ පුටුවේ වැඩි වෙලා කකුලෙන් සැහෙන්න අයසයක් දාලා තමයි තල්ලුකරගෙන එන්නේ.

හිතාගන්න අහකිනේ IT කරන කස්ටිය අස්සේ කොච්චර කම්මැලි පුසෝ ද ඉන්නේ කියලා. ඉතින් බලාගෙන ඉද්දි පුටුවේ හැදෙටම බඩ එනවා. ඔය කවුරු කවුරුත් හැමදාම හවසට ගෙදර ගියාම gym එකට ගිහිල්ල set එක දන්නා බලාගෙන ඉන්නවා. ඒ උනාට මම හිතන්නේ නැ කවුරුවත් කරනවා ඇති කියලා.

කොයි කොල්ලත් පොඩි කලේ ඉදලම කන්නාඩිය ඉස්සරහට ගියාම අනිවා බලනවා බඩේ 6 pack තියේද කියලා, ඊළගට arm එක තියේද බලනවා. හැබැයි අවුරුදු 18 පස්සේ වගේ තමයි යන්තම් හරි පෙන්න තියෙන 6 pack එක මැකිලා බඩ ජොල් වෙන්න ගන්නේ. දවසෙම වැඩි හරියක් පුටුවෙම ගත කරන මටත් එහෙම්මමයි. AL කරන කලේ කුංෆු අරව මේවා කරපු නිසා කොයි වෙලෙත් 6ක් නොතිබුනත් කෑලි 4ක් නම් පෙන්න තිබුන. පස්සේ campus එහෙම යන්න ගත්තම ගොඩක් වෙලාවට එතනත් දවසෙම lecturer room එකේ වාඩිවෙලා ඉන්න එකමනේ කරන්නේ. අර තිබුන 4ත් කොහේ ගියද කියල නැ.

මේ කලේ වෙද්දී කොල්ලෝ ඉන්නවා ඉන වටේ tire දෙක තුන දාගෙන ඉන්න අය. උන්ට පොඩි හරි නොන්දියක් දැම්මම උන කියන්නේ මොකක්ද?

යකෝ tie එකක් උනත් හරියට දන්නා බඩක් තියෙන්න ඕන. පිරිමියෙක් උනාම බඩ ඩිංගක් තියෙන්න ඕන යකෝ.

ඉතින් ඔය වගේ එක එකාගෙන් කුණු කතා අහද්දී තමයි gym එකකට යන්න හිතෙන්නේ. වියදම් කරත් gym එකට ගියාට මොකෝ, ගොඩක් වෙලාවට අපි exercise කරන්නේ නිකම් gym එකේ අයිතිකර අයියගෙන් ණයක් අරන් එක ගෙවන්න යනවාවගේ. උට බන බන ඔය තියෙන යකඩ කලි ටික උස්සනවා. ඒ ටික උස්සල ඉවර වෙද්දී බඩට exercise කරන්න තියා පාන් කියාගන්න වත් පන නෑ.

ගොඩක් වෙලාවට wedding එක කිට්ටු උනාම කොල්ලෝ හරි හරියට gym එකට එනවා. ප්‍රදානම අවශ්‍යතාවය තමයි බඩ බැස්ස ගන්න. මම නම් දන්නේ නැ, බඩ තිබුනම බැන්දට පස්සේ මොනවා හරි අවුලක් තියේද කියල. LOL

හරි දැන් මාතෘකාවට බහිමු,

මේ video එක මට අහම්බෙන් ලැබුන එකක්, internet එකේ තියෙන exercise වලින් තවත් එකක් කියල නම් හිතන්න එපා. මේකේ ratings එහෙම සැහෙන්න හොදයි. අනිවා සැහෙන්න effective. මම කරපු නිසා කියන්නේ.


P90X.DISC.12.Ab.Ripper by inquisitiveman

Download කරගන්න පුළුවන් keepvid.com වලින්

මේ exercise ටික කරන්න පුළුවන් නම් එල, කෝකටත් කියල මුල දවසේ set 15 ගානේ කරන එක අගට ගුණයි. මම dial එක වගේ පලවෙනි දවසේ 25 set ගහන්න ගිහිල්ල දවස තුනක් ඇවිදගන්න බැරුව හිටියා. Seriously.

අපිට මහලොකු body builders ල වගේ 6 pack එක නිකම් අල අල වගේ ඉලිප්පිලා තියෙන්න ඕන නැ නේ. Bodyfit tshirt එකක් අදින්න පුළුවන් ගානට shape නම් එච්චරයි. නැත්නම් මේ වගේ තමයි තියෙන්නේ.

මෙත් එක්කම රැට නිදාගන්න කලින් green tea එකක් බොන්න පුළුවන් නම් හොදයි. මොකද එකට අගේ තියෙන fat සැහෙන්න පිච්චේනවලු. ඔය fat ටික පිච්චුනම කොහොමත් 6 pack එක නිකම්ම පෙන්න ගනීවි.

ලංකාවේ මිනිස්සුන්ගේ 6pack කියල නාමයක් නැත්තේ, තුන්වේලටම බත් කන නිසාලු. මොකද බත් එක්ක අරව මේවා හරි හරියට තෙල් කෑම කැවෙනවා නේ. ඉතින් කොහෙද fat නැතිවෙන්නේ. තව තව එකතුවෙනවා මිස.

images:
http://funandfit.org/wp-content/uploads/2010/12/drawn_on_sixpack.jpg
http://rlv.zcache.com/keg_belly_t_shirt-p235102900208450401zz1zl_400.jpg
http://www.emoda.com/blog/wp-content/uploads/2012/05/g-tshirt.jpg

4 thoughts on “6 pack Abs හදාගමුද?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *