කුංෆු පන්ති Kung-fu class and Jeet Kune Do

on

මේ කතාව ලියන්න මුලාශ්‍රය වුනේ, මගේ ජීවිතයේම එක්තරා කලෙක අත්දැකීමක්. පොඩි කලේ ඉදලා වැලි වලට බර කොල්ලෙක් නොවෙච්ච මට, නිතර නිතර stunt films එහෙම බලලා ඒ ගැන ඉගෙනගන්න නම් සැහෙන්න උවමනාවක් තිබුනා. මුලින්ම ඉස්කෝලේ 6 වසරේ ඉද්දි, කොහේ හරි තාප්පයක තිබුන “වූෂු” පන්තියක poster එකක් දැකලා සෙනසුරාදා දවසක අම්මගෙන් රු 150/= ඉල්ලගෙන ගාලු කොටුවේ තිබුන පන්තියක් හොයාගෙන ගියා.

වයසින් බාල නිසාද දන්නේ නැ, පන්තියට ගියාම කිසිම පිළිගැනීමක් තිබුනෙත් නැ, එතන උගන්නන්න හිටපු මාස්ටර්ගේ හා අපේ අසහස් එච්චර පහිමක් තිබුනෙත් නැති නිසා මස දෙකක් දෙකහමාරක් වගේ කාලෙකින් ඒ පන්තිය නැවතුනා. මහලොකු දෙයක් ඉගෙනගන්න වුනෙත් නැ.

පස්සේ කොහොම හරි AL class එකට අවට පස්සේ 12 වසරේදී set උනා අතිජාත මිත්‍රයෙක්. නමින් “පාත්තයා”. ටිකක් විතර වලියට බර කොල්ලෙක් වුන පාත්තයා ඒ කලේ මොනවා හරි කරටි class එකකටත් යන බව මම දැනගෙන හිටිය. ටික දවසකින් පාත්තයා උස්සගෙන අවා ඉස්කෝලේට බෙදන්න leaflet වගයක්. එකේ තිබුනේ “දිපික් කාරියවසම්” කියලා ගාල්ලේ හිටපු ප්‍රසිද්ද master කෙනෙක්ගේ “Jeet Kune Do” කියලා සටන් කළා පන්තියක් ගැන. බෲස්ලිගේ පින්තුරයක් එහෙම දාලා ලස්සනට හදලා තිබුන ඒ leaflet එක දැක්කම මොනවා හරි කරලා ඒ පන්තියට යන්නයි හිතුනේ. අනික මගේ එහා පැත්තේ ඉන්න යාලුවත් කොහොමත් class යන එකේ පොරත් එක්කම ගියා.

එදා සිකුරාදා දවසක්, ඉස්කෝලේ ඉවරවෙලා මිනුවන්ගොඩ rail gate එක ලග texas building එක එහාපැත්තෙ දිපික් සර්ගේ ගෙදරට ගියා. ටිකක් විතර baggy වෙච්ච කලිසමකින් හා tshirt එකකින් සැරසිලා හිටපු මනුස්සයෙක් යද්දීම ගේට්ටුව ලග හිටියා. එන හැමෝම හොද හිනාවකින් පිළිඅරගෙන “ආ පුතාලා ඇතුලට ගිහිල්ල වාඩිවෙන්න” කියා කියා කිවුවා.

පාත්තයා ටිකක් පරණ ගෝලයෙක් නිතා පොර පිටිපස්සට වෙන්න වැඩිවුනා, මම හා තවත් අලුත් විසි දෙනෙක් විතර ඉස්සරහ බැංකු වල වැඩිවෙලා. ඔන්න ටික වෙලාවකින් ගේට්ටුව ලග හිටපු මනුස්සයම ඉස්සරහ පුටුවක් තියාගෙන වැඩි වුනා. එතකොට තමයි දැනගත්තේ එය තමයි “දිපික් කාරියවසම්” කියන්නේ කියලා. අපි කිවුවේ “දිපික් සර්”.

කැම්පස් එකට ගියාම සින්නො තෙල බෙදනවා වගේ, සර් නුත් Jeet Kune Do (ජිට‍ කුන් ඩො) ගැන අතිට්‍යයේ ඉදල කියන්න පටන්ගත්තා.

කවුරුත් අහල තියෙන බෲස්ලි ආරම්බ කරපු සටන්කලාවක් තමයි Jeet Kune Do කියන්නේ. බෲස්ලිගේ ජිවිත කතාව එක්කම Jeet Kune Do කියන්නේ මොකක්ද කියල තේරේවි. බෲස්ලි පුංචි කලේ ඉදලා Wing Chung (වින් චුන්) කියන සටන් කලාව හදාරලා Yip Man (යිප් මෑන්) කියන ඇති දක්ෂ ගුරුවරයාගෙන් ඉගෙනගෙන තියෙනවා.

Wing Chung කියන්නේ චීනයේ ගොඩාක් ඉස්ස්සර කවුරු හරි ගැහැණු කෙනෙක් හොයාගත්ත සටන් කලාවක්. ඒ ගැහැණු කෙනාට හිත්ච්ච දෙයක් තමයි තමන්ට වඩා ශක්තිමත් පුද්ගලයෙක් එක්ක පොර බදන්නේ කොහොමද, එහෙම කෙනෙක් සටනට අවොත් ජීවිතය බේරාගන්නේ කොහොමද කියලා. ඕක ගැන කල්පනා කර කර ඉද්දි එයා දැකලා තියෙනවා කොකෙක් සහ නයෙක්ගේ සටනක්. නයා කොයි වෙලෙත් එහාට මෙහාට යමින් කොකාට දරුණු විදියට දෂ්ට කරනවා, හැබැයි කොකා කිසි මහන්සියක් නැතුව එක අත්තටු පාරකින් නයාගේ ඉලක්කය එහෙම්පිටින්ම වෙනස් කරනවා. ඔන්න ඔය technique එක පදනම කරගෙන බිහිවෙච්ච Wing Chung කලාව කියන්න අතිශය ප්‍රබල සටන් කලාවක්. ගොඩක් වෙලාවට කාන්තා පාර්ශවය අත්මරක්ෂවට ඉගෙනගන්න කලාවක් වෙච්ච මෙය, පිරිමි දැනගෙන හිටිය කියල කිසිම වරදක් වෙන්නේ නැ. 😀

ලී dummy එකක් සමග Wing Chung පුහුනුවෙන ආකාරය
ජුඩෝ

දැන් බ්රුස්ලි මේ Wing Chung කියන එකත ඉගෙනගෙන ඊට පස්සේ පිර රටකට ඇවිල්ල Savate (ප්‍රංශ බොක්සින්), Judo (පොර බැදීම), සහ තවත් කීපයක් දේවල් ප්‍රගුණ කරනවා. අන්තිමට බෲස්ලි කරපු දෙයක් තමයි, මොන සටන් කලාව කරත් ගහන්න වෙන්නේ මේ ඇත දෙකෙනුයි, කකුල් දෙකෙන්යි. ඉතින් එක එක සත්තුන්ගේ රංගන, කෙලින් කටින් ඉන්න බැරි විකාර රුපි ඉරියවු වලින් ඉදගෙන සටන් කරන්නේ නැතුව හොදා හිටගෙන වැඩි වැඩ නැති සටන් කලාවක් හොයාගත්තු එක.

Jeet Kune Do ගැන Bruce Lee ලියපු පොත

Jeet Kune Do හෙවත් විදුලි වේගී සටන් කලාව කියපු මේක, දැනට ලෝකයේ තියෙන වේගවත්ම සටන් කලාව කියල discovery channel වලත් එහෙම දැකල ඇති. Jeet Kune Do හදන්න, බෲස්ලි Savate වලින් ඉගෙනගත්ත පාද චලන පාවිච්චි කරලා තියෙනවා, Judo වලින් ඉගෙනගත්ත පොර බැදීම, උස්සලා පොලවේ ගැසීම, ගැට දැමීම, වගේ දේවල් එක්කම වැඩි හරියක් Wing Chung වලින් අරගෙන තියෙනවා.

ඒ Jeet Kune Do ගැන, දැන් අපි යමු Kung fu පන්තියේ පලවෙනි දවසේ ඉතුරු ටිකට,

සර් ඔන්න ඉතිහාසය ටිකක් කියල දිලා ඊළගට අහනවා “මෙතන 60kg ට වඩා වැඩි පුතෙක් එහෙම ඉන්නවද?” කවුරුවත් කිසි හා හුවක් නැ.

සර් ඔන්න එකපාරට කොල්ලෙක්ට ඇගිල්ල දික් කරලා උගෙන් බර අහනවා (ස්කන්දය වෙන්න ඕන), පොර කියනවා “67යි සර්”

“හරි ඔය පුතා ඉස්සරහට එන්න”

දැන් ඒ කොල්ලත් ඉස්සරහට ගිහිල්ල හිටගෙන ඉන්නවා. සර් දැන් අගේ තියෙන නිල රේකා ගැනත් කියල දීලා, ඉනේ බ්‍රමණය කියල technique එකකුත් කියල දීලා වැඩේ පටන්  ගන්න යනවා.

මහලොකු දෙයක් නෙමෙයි අර කොල්ල සර්ගේ ඉස්සරහ හිටගෙන ඉන්නවා, සර්ගේ අල්ල පොරගේ පපුවේ ඉදලා හරියටම අගලක් දුරින් තියෙන්නේ. මේකට කියන්නේ one inch punch කියලා. හැබැයි සමානයන් නම් ඕකට ඇත ගුලි කරලා පාවිච්චි කරන්නේ, හැබැයි presentation එකක් නිසා සර් අල්ල පාවිච්චි කරනවා. දැන් වෙනදේ හිතාගන්න පුළුවන් නේ. දැන් දෙන්නට දෙන්න මුනට මුණ බලාගෙන ඉන්නේ, සර්ගේ අල්ල අර කොල්ලගේ පපුවේ ඉදලා අගලක් දුරින් තියෙන්නේ. එකපාරටම අර අලුතින් අපු කොල්ල විසි වෙලා ගියා, හරියට cartoon එකක වගේ, පොලවේ ඉදල  පොඩ්ඩක් උඩින පොරගේ කකුල් දෙක බිම ගවී නොගැවී අහසේ පාවෙලා යනවා. පොරත් මර ලතෝනි තිය තියා අත්දෙක දෙපැත්තට දාගෙන මොකක හරි එල්ලෙන්න බලනවා. ආදී දහයක විතර ඇතට ගියාම ඔන්න බුවා අල්ලගත්ත ඒ ගෙදර තිබුන curtain එකක්. යන්තම් එකේ එල්ලිලා එකත කඩාගෙන බිමට වැටුනා.

පස්සේ පොරව නැගිට්ටලා බැලුවා, කිසි අමාරුවක් නැ, බයටද කොහෙද පොඩි කැස්සක් තිබුනා. වුනේ මොකක්ද කිවොත් සර් කරේ තමන්ගේ ඉනෙන් උඩ කොටස විතරක් අංශක 30 ක විතර කරකවපු එක විතරයි. එතන ඇතිවෙන බ්‍රමණය නිසා අතේ සැහෙන්න චාලක ශක්තියත් ඇතිවෙනවා. හැබැයි ඉතා කුඩා වෙලාවක්.

අපරාදේ කියන්න බැ, සර්ට AL physics උනත් හොදට පුළුවන්, වෙච්ච දේ රුපසටහනක් අදාල පෙන්නුවා, මමත් AL maths කරපු නිසා සර්ගේ ඔප්පුකිරීමේ වරදක් දැක්කෙත් නැ, අන්තිමට ඒ කොල්ලගේ පපුව මත ඇති වෙච්ච බලය car එකක් ඇවිල්ල පපුවට සමානයි, අල්ල නොතියා ඇත ගුලි කරලා තිබ්බ නම් පර්ශු කුඩුව කුඩුවෙන්නත් තිබුනා.

එයින් පස්සේ දිගටම practice තමයි, ගොඩක් වෙලාවට දවසට පැය 3ක වගේ උගන්නනවා. පැය එකහමාරක්ම වගේ exercise තියෙන්නේ. ඒවත් යොගා වගේ දේවල් එක්ක සම්මිශ්‍රයනක් තිබුනේ. හැම exercise එකක් අගටම පොඩි විවේකයක් වෙනුවට හම්ම්බවුනේ knuckle push ups (ඩිප්ස්) 10 ගානේ ගහන්න.

ඊළගට පැයක වගේ වෙලාවක් අලුතින් මොනවා හරි kicks, punches වගේ දේවල් උගන්නලා අන්තිම විනාඩි 15, 30 වගේ හොද දේශනයක් දෙනවා. එක ගොඩක් වෙලවට kung fu ගැනම නෙමෙයි. ඉගෙනගන්න ඕන හැටි, ජිවත් වෙන්න ඕන හැටි. සිගරට් බොන්න ඕනද, අරක්ක්කු බොන්න ඕනද වගේ දේවල් තමයි.

කාලෙන් කාලෙට අලුත් දේවල් ඉගනගන්නවා වගේම exercise උනත් දරන්න බැරි ගානට අමාරු වුනා. ගියපු දවසේ ඉදලම knuckle push ups ගහල ගලාම අත කළු ගල වගේ වෙනවා කියල තමන්ටම දැනෙන්න ගත්තා. බිත්තියක් ලගට ගියාම මේක කැඩෙන්න දෙන්න පුළුවන් කියල මාර fit එකක් තියෙනවා, කඩෙන නොකැඩෙන එක වෙනම දෙයක්, එච්චරටම moral up කරලා තියෙන්නේ. ටිකෙන් ටික knuckle push ups උඩ පැන පැන ගහන්න වුනා, අත ගිහිල්ල සිමෙන්ති පොලවේ වදිද්දී අතේ ලෙලි නෑ. ඊළගට අතේ ඇගිලි 5 තියලා push ups, ඇගිලි දෙකක් විතරක් තියලා push ups. අන්තිමට මහපට ඇගිල්ල විතරක් තියලා push ups. මේක කරන්න පුළුවන් කම තිබුනේ ඒ කලේ හිටපු ගයන්ත කියල එක අයියා කෙනෙකුට විතරයි. හිතාගන්න පුළුවන් නේ, අගේ බරෙන් සැහෙන්න කොටසක් තමන්ගේ අතේ මහපට ඇගිල්ලට එනකොට. කැමති නම් ඇගිලි 5ම තියලා පොඩ්ඩක් try කරලා බලන්න, කොච්චර සනීපද කියලා.

කාලයත් එක්ක හැමදාම අලුත් shot එකක් උගන්නනවා. එදාට එක තමයි කෝකටත් තයිලේ වගේ පාවිච්චි කරන්නේ. මොකද ගොඩක් වෙලාවට අලුතින් උගන්නන එක මෙච්චර අවුරුදු ගණක ඉගෙනගත්ත හැම එකකටම වඩා සුපිරි එකක්.

කොච්චර හොදට ඉගැන්නුවත්, තමන්ගේ fitness කොහොම හොදට හැදුනත් කාලයක් හද්දී ගොඩාක් අය හැලෙන්න ගත්තා, මොකද Jeet Kune Do වලට tournament තිබුනේ නැ, පාරේ ඇදගෙන යන්න සර් tshirt ගැහුවේ නැ, ඉනේ බදින්න පටි දුන්නේ නැ, පුතා ගෙදර තියෙන මොකක් හරි බොටමක් ඇදගෙන එන්න කියල කිවුවේ.

එන අය ආස වුනා, මොනවා හරි tournament වලට සහබාගි වෙන්න, job එකකට යන්න certificate ලග තියාගන්න. සර් එකටත් හොද හේතුවක් දුන්න. අපි ගොඩක් වෙලාවට කවුරු හරි ගහ මරාගන්න එනවා නම් මුලින්ම ඉලක්ක කරන තැන කීපයක් තියෙනවා. මුලින්ම ඇස දෙකෙන් එකක් පොට්ට කරන එක, ඊලග පුළුවන් වුනොත් උගුරු දණ්ඩට මොනවා හරි කරන එක, ඒ දෙකටම කැමති නැත්නම්, ඇදලා පුද්ගලයාගේ පරම්පරාව එතනින් අදුරු කරලා දුවන එක. කැමති නම් අත හපලා, කෙල ගහල වුනත් කමක් නැ, පන බේරාගෙන ගෙදර දුවන්න පුළුවන් නම් අන්න එක තමයි නියම Martial Artist කෙනෙක් කියන්නේ. හැබැයි අපි ඔය පාවිච්චි කරපු එක shot එකක් වත් tournaments වල පාවිච්චි කරන්න දෙන්නේ නැ. ඉතින් බාවිතා කරන ගොඩාක් පාරවල් තියෙන්නේ ගැහුවා, පැනල යන්න වගේ දේවල් නිසා tournaments වලට යන එක තේරුමක් නැතිවෙයි කියන මතයේ තමයි සර් හිටියේ.

ඊළගට අපිට තිබුන ප්‍රශ්නේ තමයි films වල ඉන්න නළුවෝ කොහොමද මේ පැය ගණන දුසිම් එක්ක ගහගන්නේ කියලා. හරියට කතා කරොත්, අපි practice කරන වෙලාවට fighting දානවා කියල දෙයක් කරනවා. ගොඩක් වෙලාවට අපිට වඩා senior කෙනෙක් එක්ක විනාඩියක් හෝ දෙකක් එක දිගට නවත්තන්නේ නැතුව ගහගන්න ඕන. senior ට පුළුවන් අපි සීමිත shots ටිකක් විතරක් පාවිච්චි කරන්න, අපිට කැමති විදියටකට ගහන්න පුළුවන්. ගොඩක් වෙලාවට පලවෙනි තත්පරයේදී මම ගහනවා, senior cover කරගන්නවා, ඊලග තත්පරේ උ ගහනවා මම cover කරනවා, කැමති නම් දිගටම නෙලාගෙන නෙලාගෙන යන්නත් පුළුවන්. මෙහෙම විනාඩියක් එක දිගට ගහගත්තම, ඔන්න උස්ම ගන්න අමාරු වෙනවා, මැරෙන්න වගේ හති, නවත්තන්නත් බැ, අරු දිගටම ගහනවා, senior කෙනෙක් නිසා අනිවාර්යයෙන් මට වඩා fitness වැඩි. විනාඩි දෙකක් ගියා ගියන්නේ උටත් හති, මම මැරිලා වගේ. හරියට ගහගන්නවා නම් ඔන්න ඕකයි තත්වේ. Film වල වගේ එකක් ගැහුවම වැටෙන්නෙත් නැ, පැය ගහන් ගහගන්නත් බැ.

14 thoughts on “කුංෆු පන්ති Kung-fu class and Jeet Kune Do

  1. ඇත්තටම දීපික් සර් කියන්නෙ නියම ගුරුවරයෙක්…!!!! නේද අය්යේ…

  2. මේ දේවල් මේ වගේ හරියට උගන්නන සර් කෙනෙක්ගෙන්ම ඉගෙනගන්න ඕන, නැත්නම් ඉතින් අම්බානෙක කන්න තමයි වෙන්නේ..
    ඉස්කෝලේ යනකාලේ ඔය වගේ ක්ලාස් එකකට ගිහින් පොර වගේ හිටපු එකෙක් අපේ පන්ති වල හිටිය, දවසක් අපේ එකෙකුයි අර පොරයි වලියක් ගියා, අපිට පැත්තක් ගන්නත් බෑ දෙන්නම යාලුවෝ නිසා ඉතින් අන්තිමට ගුටිකාලා වැටෙන එකාගේ පැත්ත ගන්නම් කියල හිටිය, හැබැයි අන්තිමට උනේ අර ක්ලාස් ගිය එකාට අතක් උස්සගන්න දෙන්නෙ නැතුව අනිත් එකා ගහපු එක, අපිට හැමපැත්තෙන්ම හිනා..

    1. ඔයහා සමාන කතා නම් එමටයි, class යනවා නම් හොදම වැඩේ කටපියාගෙන ඉන්න එක, මොකද කොයි වෙලේ ගුටිකන්න වෙයිද කියල අපිටත් කියන්න බැ, class නුත් ගිහිල්ල ගුටිකවා කියන්නේ වසලැජ්ජාව නේ

  3. අඩෝ!! උබ වූෂු ත් කලාද බන්?? පට්ට නේ!! මාත් කලා…දන්නවනේ බෲස්ලිගේ වගේ ඇග…

  4. Ado patta ahh.. obata sadayak dannath dan bayay… meke thine wisthara tika kalin danegena hitiye naa mach .. thnx.

    1. ඔව ගොඩක් අය Jeet Kune Do ගැන දන්නේ නැති නිසා තමයි ලිවුවේ

  5. අන්න නියම පෝස්ට් එකක්,, දාන්නකෝ ඔය ගැන තව ටිකක්..
    මමත් ඉස්සර ඇගිලි 5 තියල ඩිෆ් ගහල තියනව,, කෝකත් කාලයක් පුරුදු උනොත් කරන්න පුළුවන් ඇති.

    1. තව ලියන්න ගියොත් මේ ලිපිය දිග වැඩි වෙයි කියල හිතුනා. ඉතිහාසය ගැන වෙනම ලිපියක් දැන්නම්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *