Dialog වලින් Etisalat වලට

on

අද දෙවැනි ලිපිය, නියමයි. අවුල තියෙන්නේ සිංහල type කරන්න linux වල සිට windows වලට මාරු වෙන්න වෙන එක. Photoshop හා Google Sinhala IME එක නැත්නම් මම මෙලහකටත් Windows format කරලා අවුරුදු ගානක්.

පහුගිය මාස 6යේ හතේ ඉදලා වගේ මම පාවිච්චි කරේ Dialog Broadband 2GB connection එකක් (3GB විතර දෙනවා). Internet ටිකක් විතර වැඩියෙන් පාවිච්චි කරන නිසා ගොඩක් වෙලාවට මාසේ දවස් 20ක් විතර යනකොට FUP වැටිලා slow වෙනවා. එත දුකක් නෑ ඒ පාවිච්චි කරපු කාලේ බයක් සැකක් නැතුව හොදට පාවිච්චි කරා නම්. මතක ඇති විදියට ඒකාලේ වැරදිලාවත් youtube video එකක් වත් බැලුවේ නෑ. එකට ඉතින් එයාලට බැනලා වැඩක් නෑ, මගේ budget එකට ගෙවාගෙන යන්න පුළුවන් උනේ ඔය connection එක විතරයි. හැබැයි නිතර දෙවේලේ 3G වලින් EDGE වලට මාරු වෙන ගතියකුත් තිබුනා. හැමතිස්සෙම නෙමෙයි. මාසෙට Rs600යි, එතකොට 1GB ට 200ක් විතර සෙට් වෙනවා. ඒ අතින් බැලුවම සැහෙන්න පාඩුයි. අනික web developing වගේ වැඩක් set උනොත් දවස් 10න් විතර ඕක ඉවරයි.

ලගදි දැනගත්තා Etisalat වල තියෙනවා කියලා University students ලාට 10GB package එකක්. මාසෙට බදු එක්ක 1220ක් විතර. එතකොට 1GB ට රු122ක් වගේ ගානක් නේ වැටෙන්නේ. අනික හිතේ හැටියට internet පාවිච්චි කරන්නත් පුළුවන්. කෝකටත් කියලා prepaid sim එකක් දාලා මම ඉන්න තැනට දවස් දෙක තුනක් speed test එකක් එහෙම කරලා බැලුවා අවුලක් නෑ. ගිහිල්ල Etisalat 10GB data connection එකක් ගත්තා. අවුලක් නම් නෑ. සැහෙන්න කාලෙකට පස්සේ නිසහසේ youtube videos එහෙම බලන්නත් පුළුවන්, ගන එච්චර සැරත්  නෑ. සැහෙන්න කාලෙකට පස්සේ ඊයේ torrent එකක් එහෙමත් බෑවා.

කොහොම කොහොම හරි මගේ dialog bill එක පටන්ගන්නේ හැම මාසෙම 5වෙනිදා. එක නිසා මේ මාසේ 4වෙනිදා මම ගිහිල්ල dialog එක disconnect කරන්න හිටියත් accident එක නිසා එදා වැඩේ කරගන්න බැරි උනා.

ඔන්න අද උදේ ගියා ගාල්ලේ තියෙන Dialog arcade එකට. කෝකටත් මම කලින් bill එක check කරලා බැලුවා කියාද කියල. රු1206යි. මම මේ මාසෙට එක පාවිචිචි කරෙත් නෑ. තාම මේ මාසෙට බිලක්‌ දාලත් නෑ. මට ප්‍රශ්නේ උනේ පාවිච්චි නොකර නිකම් මේ මාසෙත් බිලක්‌ ගෙවලම disconnect කරන්න කියාවිද කියන එක.

Token එක අරගෙන පොඩි වෙලාවක් ඉදලා ඔන්න මගේ වරේ ආවා. එතන හිටපු dial එක මගේම වයසේ වගේ කොල්ලෙක්, දැකලත් පුරුදුයි. ඊට එහාපැත්තෙ හිටියා මගේ ඉස්කෝලේ ගිය යාලුවෙක්, කොහොම හරි මම පොරට කිවුවා, මට මේක disconnect කරන්න ඕන, පොඩි ප්‍රශ්නෙකට තියෙන්නේ මම මේ මාසේ ඔයාලගේ service එක ගත්තේ නෑ. මේ මාසේ බිල අඩු කරලා ඉතුරු බිල ගෙවාගෙන මේක disconnect කරන්න පුළුවන් ද?

එතන හිටපු customer officer ගේ උත්තරය උනේ දැන් මේ මාසේ පටන් අරන් ඉවරනේ එක නිසා එහෙම කරන්න බැ කියලා. නිකම් එපා වාහෙට හොදි බෙදන්න වගේ කිවුවා. ඕක කොහොම හරි එහා මෙසේ හිටපු මගේ යාලුවටත් ඇහුනා. පොරත් පොඩ්ඩක් මැදට පැනලා කිවුවා, ඔව්නේ මචං rental එකක් නේ එන්නේ, එහෙම අයින් කරන්න බැ බන්.

මෙයාලත් එක්ක කතා කරලා වැඩක් නැති නිසා, මම මාව handle කරන්න හිටපු officer ට පොඩ්ඩක් ඉන්න කියලා එතනින් චුට්ටක් එහාට වෙන්න හිටපු manager ගාවට ගියා. Manager ගැහැණු කෙනෙක්. අවුරුදු 40කැ විතර පෙනුම. මම මේ tshirt කෑලි ගහලා short එක ඇදලා rubber දාලා ගියාම මුන් මාව තුටුවකට වත් ගණන ගන්නේ නැති බව මම අත්දැකීමෙන් හොදට දන්නවා. ඔය වෙලාවට තමයි කඩ්ඩ පාවිච්චි කරන්න ඕන. English හොදට නැත්නම් සොරීම් තමයි පුතා. එතන සිට දෙබස,

මම: Hi Gm, can I talk to you for a second?

Manager: yeah sure!! have a seat (සිංහලෙන් කිවුවා නම් මුන් ජීවිතේට වැඩි වෙන්න කියන්නේ නැ)

මම: I’m using this data connection, and I’m about to disconnect it. Can you please do me a favor,  the thing is, I didn’t use this package this months. Can you please reduce this month bill. Only for this month.

(Manager පොඩ්ඩක් කල්පනා කරනවා)

මම: As I haven’t used your service for this month, hope that won’t be an issue. So can you?

Manager: OK, who is handling you?

මම: That guy, කියලා අරුව පෙන්නුවා.

Manager: ABC මේ මහත්තයාගේ bill එක finalize කරලා දෙන්න.

හරි ඔන්න අඩු කරන්න බැ බැ කියපු rental එක ඉවරයි. මම අපහු ගියා අර පොර ගාවට. මම දැන් මුගෙන් ඇහුවා මම දැන් මේක disconnect කරන්න කියක් ගෙවන්න ඕනද කියලා. Outstanding එක රු1206ක් තියෙනවා කිවුවා. එක මම කොහොමත් කලින් ඉදලා දැනගෙන ගිය එකක්. මම පොරගෙන් ඇහුවා දැන් disconnect කරන්න කියක්  ගෙවන්න ඕනද කියලා. පොර කියනා 1206ක් ලු. සමහර විට ඔය කාට කාටත් අමතක වෙච්ච දෙයක් තමයි Dialog එකේ ඕනෑම connection එකකට deposit එකකට අමතරව පලවෙනි මාසේ අපෙන් මාස දෙකකට bill එකක් charge කරනවා. එතන හිටපු පොරට නම් එක අමතක වෙන්න විදියක් නෑ. මොකද එක උගේ job එක නේ. හැබැයි මට අමතකත් නෑ. මම පොරගෙන් ඇහුවා, මම මේ connection එක අරගෙන මාස 6ක් විතර වෙනවා. very first month, 2month bill එකක් pay කෙරුවා. ඒ කියන්නේ මම වැඩිපුර රු600ක් ගෙවලා තියෙනවා. එතකොට එක අඩු උනාම මම දැන් ගෙවන්න ඕන රු606යි නේද  කියලා. ආ ඔව් ලු. රු 606යි ලු ගෙවන්න ඕනා. අනේ ඉතින් මුගේ…..

බිල ගෙවුවා. දැන් Etisalat 10GB එකක් පාවිච්චි කරනවා. වරදක් නෑ. youtube videos එහෙම buffer වෙන්නේ නැතුව play වෙනවා. මේ තියෙන්නේ උණවටුනේ දී කරපු speedtest එකක්.

පාවිචිචි කරන්නේ Etisalat හැබැයි ads දාන්නේ Dialog. අනේ මුන්ගේ ads වලටත් කොහෙවත් තියෙන අපේ bandwidth පලි.

6 thoughts on “Dialog වලින් Etisalat වලට

  1. ඩයලොග් ඇඩ් ඉතින්, හොස්ට් එකෙන් බ්ලොක් කරලා දාන්න 😀 ( ආයෙ ඩයලොග් සයිට් එකට එහෙම යන්නේ නැත්නම් 😛 )

    1. එයාලාගේ mobile partner එක පාවිච්චි කරන නිසා නේ ඔය Ads. කෙලින්ම connection එකක් හදාගත්ත නම් ඔය ප්‍රශ්න නෑ. Ads කතාව නිකමට කිවුවේ 😀

  2. yeah machan the etilsat uni package is good enough, I am using a one too, and Dialog package is also good as a internet backup if anything happens to the Etisalat connection, ripen Etisalat is not always good like Dialog sometimes occur poor dns resolution problems :@

    1. for me, Dialog’s service is great. But a package is like 10GB not affordable for me. If we are using open DNS or Google DNS, hope that DNS errors won’t happen.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *