මොබයිල් development සහ ශ්‍රීNews v5 Released

on

අද (26)උදේ නිකුත් කරපු ශ්‍රීNews Android app එකේ අලුත් version එකත් (5)  සමගම අදාලා version එක ගැන කියන්නයි, Mobile development වල පොඩි පොඩි tac tics ටිකක් ගැන කියන්නයි බ්ලොග් ලිපියක් දාන්න හිතුනා.

ශ්‍රීNews Android app එක ගැන දන්නේ නැති අය ඉන්නවා නම්, ඒ app ඒකෙන කරන්නේ internet එකේ තියෙන සිංහල  News sites කීපයක news පෙන්නන එක. දැන් කට හරි හිතේවි ඉතින් app එකක් මොකටද? ඕක browser ඒකෙන බලාගන්න පුළුවන් නේ කියලා. App එකක් ඕන වෙන්නේ Android වල සිංහල හරියට render වෙන්නේ නැති අල ගලවන්න සහ, අඩු data usage එකකින් News ටික බලාගන්න.

ශ්‍රීNews වල නව විශේෂාංග ටික මම මේ විදියට පෙලගස්වාන්න්ම්.

1) කලින් තිබුණු News feeds 2 වෙනුවට අලුතින් 4ක් එකතු කර ඔක්කොම News feeds 6ක් බවට පත කිරීම

තව වැඩිපුර News feeds  එකතුකරන්න කියලා app එකේ ratings page එකේ දාලා තිබුන නිසා තමයි මේ විදියට අලුතින් News feed එකතු කරේ. දැනට තියෙන ඔක්කොම News feeds ටික තමයි

6 News Feeds has added

Gossip9, Gossip Lanka News, Lakbima, Lanka e Gossip, Lankapuvath හා Lanka Views

News.lk වගේ official News feeds තිබුනත්, ඒ sites වලින් හරියට rss feed එකක් නොදෙන නිසා ඒ News feed එකතු කරගන්න බැරිවුනා. තව තව algorithm ලියලා ඒ site වල News මොනවා හරි කරලා ගන්න පුළුවන්කම තිබුනත්, අවසානයේ app එක slow වෙන නිසා ඒ අදහස අතෑරියා.

2) Refresh button එක වෙනුවට Pull to Refresh

මේ feature එක Twitter, Facebook වගේ Android app වල අනන්තවත් දැකලා ඇති. ලස්සන හා userfriendly feature එකක් නිසා ශ්‍රීNews වලටත් එකතු කරන්න හිතුනා. මම පාවිච්චි කරේ opensource කරලා තියෙන Pull to Refresh project එකක්.

Pull to Refresh Implementation

3) Sinhala rendering engine එක server එකට තල්ලුකිරිම

Android වල සිංහල හරියට render කරගන්න මම සහ ගොඩක් developersලා පාවිච්චි කරන්නේ sett-sinhala rendering engine එක. කලින් version එක්දි Android app එක අතුලේදීම අදාල News feed වල තියෙන සිංහල අකුරෙන් අකුර sett rendering engine එකට අනුව phone එක අතුලේදීම replace කරනවා. හැබැයි smartphone එකක් කියන්නේ ගොඩක් වෙලවට 1GHz processor එකක් 510MB RAM එකක් තියෙන computer එකක් වගේ කියන්න පුළුවන්. අපිට පුළුවන් ඒ slow computer එකකට තව තව වැඩ දෙන්නේ නැතුව, කවුරු හරි very very speed computer එකකට කියලා ඒ වැඩ ටික කරලා දෙන්න පුළුවන් නම්, app එක සැහෙන්න speed කරගන්න පුළුවන්.

Used Google Appengine as Serverside

Server machines කියන්නේ කොහොමත් යක්කු වගේ  computers නේ, අනික ශ්‍රීNews වල server side application එක j2EE web application එකක්, host කරල තියෙන්නේ Google Servers වල. Google server වල speed ගැන ඉතින් කවර කතාද? version 4 වලදී වැඩිය version 5 වලදී News refreshing සැහෙන්න speed වෙලා තියෙනවා. වෙන මොකක් වත් නෙමෙයි News feed server ඒකෙන එද්දිම sett algorithm එක run කරවලා මේ වගේ characters replace කරවලාමයි එවන්නේ. Phone එකට තියෙන්නේ display කරන්න විතරයි. Sett font replace algorithm එක ගැන මම ලිවුවා ලිපිය කියවන්නත් පුළුවන්.

4)වල් පල් ඉවත්කිරීම 

Mobile development වල වැදගත්ම දේ තමයි (mobile web development හෝ application development) mobile එකට අනවශ්‍යදේ ගවගන්නේ නැතුවම ඉන්න එක. ගොඩක් වෙලවට internet සම්බන්දව දේවල් වලදී හරියට පරිස්සම් වෙන්න ඕන. පුළුවන් තරම් low data usage එකකින් වැඩේ ගොඩදාගන්න try කරගන්න ඕන.

කලින් කියපු News feed හරි වෙන ඕන Blog එකක් rss feed එකක් ගත්තෝතින් rss tag එක පටන් ගනිද්දී තියෙනවා අදාලා rss version එක ගැන විස්තරයක්. මේ විස්තරේ වැදගත් වෙන වෙලාවල්, මේ විස්තරේ පාවිච්චි කරන applications තියෙනවා. හැබැයි අපි ලියන්න යන mobile application එකට මේවා ඕන නැ, ඒ ටික හලලා දැම්මොත් තව Bytes ටිකක් ඉතුරු කරගන්න පුළුවන්. ඊට අමතරව ගොඩක් rss feeds වල feed එක ලස්සනට පෙනෙන්න ඕන නිසා, හැම tag එකකටම පස්සේ news line character එක තියෙනවා (ASCII = 10), අපි rss feed එක කෙලින්ම userට පෙනන්නේ නැ නේ, ඉතින් ඔය news line characters ටික හලගත්තා කියන්නේ තවත් Bytes ටිකක් save කරගන්න පුළුවන්.

XML structure manipulation

ඊළගට rss items  tag එකක් ඇතුලේ අපි නිතරම පාවිච්චි කරන හා නොකරන tag කීපයක් තියෙනවා, guid, medialink අරව මේවා ශ්‍රීNews එකට ඕන නැ, ඕන නැත්නම් server ඒකෙන phone එකට ගෙන්නගන්න ඕනත් නැ. ගෙන්න ගන්නවා කියන්නේ තත්1 ක් හරි තව refreshing slow වෙන එක. ශ්‍රීNews server side application ඒකෙන ඔය ඔක්කොම හලලා මේ විදියේ feed එකක් තමයි එවන්නේ.

Output of character replaced cleaned XML strucutre

අනිත් දේ තමයි කලින් version එකේදී News items එක්කම published date and time display කරපු එක. ඇත්තටම ඉක්මනට news එකක් බලන්න ගියාම එක ටිකක් විතර කරදරයක්. අනික අඩුමතරමේ මම වත් ඔය date and time දිහා බලන්නේ නැ. “වල් පල් ඉවතට” short n sweet වෙන්න ඕන නිසා date එකත් අයින් කරා. කැමති නම් description page එකේදී ඕක බලාගන්න පුළුවන්.

5) Android imageview වෙනුවට webview

Replacing Android ImageView from WebView

පෙනෙන්න තියෙන News items වල තියෙන පින්තුරේ වෙනම download කරලා image එකක් විදියට දෙන්නත් පුළුවන්. එතකොට අදාලා News එක කියවන්න ගියාම ඒ image එක අපහු සැරයක් browser ඒකෙන download කරනවා. එකම image එක mobile phone එකකින් දෙපාරක් download කරන්න ගියාම යන වෙලාව,   data cost එක අපරාදේ නිසා imageview එක webview එකක් විදියට වෙනස් කරලා තියෙනවා. එතකොට News item වල image එක download වුනාම එක browser chache එකේ save වෙලා තියෙනවා. News description එක බලන්න ගියාම අර කලින් download වෙච්ච image එකම පෙන්නනවා. එක ගලින් කුරුල්ලෝ දෙන්නයි.

6)අත්‍යවශ්‍ය දේට වැඩි පරාසයක්, ඉඩක් දීම

Users ලට වැඩි ඉදින් News එක කියවගන්න පහසුකමක් දිමනේ description view එකේ අරමුණ වෙන්න ඕන. කලින් version එකේදී නම් අදාලා News source  එකේ නම උඩින් පොඩි bar එකක් දාලා පෙන්නුවා. දැන් එක News feed author ගේ නමත් එක්කම පෙන්නන්න ගන්නවා. පොඩ්ඩක් හරි ඉඩ ඉතුරු වෙනවා නේ. ඊට අමතරව Android app ඒකෙන උඩ තියෙන වෙලාව battery level එක display වෙන status bar එක වුනත් ආක්‍රමණය කරන්න පුළුවන්, හැබැයි News app එකකින් එක කරන එක තේරුමක් නැති නිසා එක ඔන්න ඔහේ තියෙන්න ඇරියා.

Titlebar removed

ශ්‍රීNews application එක download කරගෙන පාවිච්චි කරල බලලා rate කරලා යන්නකෝ. Comments තියෙනවා නම් මෙතන හරි මට email එකක් දාලා හරි දැනුම දෙන්න isuru137[@] gmail[dot]com

Click here to Download via Google Play

Download ශ්‍රීNews

9 thoughts on “මොබයිල් development සහ ශ්‍රීNews v5 Released

  1. හොද වටිනා ලිපියක්, මේක පාවිච්චි කරල බලන්නම්..

        1. ඔව් ඔය කියන්නේ Gossip Lanka News සහ Lanka E Gossip ගැන වෙන්න ඕන. ඒ site දෙකෙන්ම unicode වෙනුවට එයාලගෙම font එකක් පාවිච්චි කරන්නේ. එක නිසා සමහර අකුරු හැලෙනවා. එක known bug එකක් 🙁

Leave a Reply

Your email address will not be published. Required fields are marked *