මදුරුවන් එලවන gadget එක – eBay

on

eBay එකේ සැරිසරන වෙලාවක අහම්බෙන් වගේ දැක්ක දෙයක් තමයි Pest Repeller කියන gadget එක. ගොඩාක් වෙලාවට chinese බඩු වෙච්ච මේවා, සැහෙන්න ලාබෙට ගන්න තියෙනවා. මේ තියෙන්නේ මම ගත්ත එක.

http://www.ebay.com/itm/120830231378?var=420054969338&ssPageName=STRK:MEWNX:IT&_trksid=p3984.m1439.l2649

මේකේ තියෙන විදියට නම්, මදුරුවෝ, මියෝ, මකුණු අරුන් මුන් හැම එකම අධි සංකයත ශබ්ද තරංග වලින් එලවනවා ලු. මෙතනින් මට වැඩක තියෙන්නේ මදුරුවෝ එලවගන්න එක තමයි. මොකද මගේ කාමරයේ net එකක් තිබුනට, එකේ තියෙන හිල් නිසා හැමදාම මදුරුවෝ කොහොම හරි ඇතුලට රින්ගගන්නවා. ඊළගට උදේ වෙද්දී ඇති වෙනකම් ලේ බොනවා. උදේ නැගිට්ටම තමයි දකින්නේ කාක්කෝ size මදුරුවෝ set එකක් net එක ඈතුලේ ඉන්නව කියල. ගොඩාක් වෙලාවට පරක්කු වෙලා නැගිට්ටෝත් net එක එහෙම්මම තියලා campus ගිහින් අයෙ හවසට ඇවිල්ල net එක ඇතුලේ ඉන්න උන් ඔක්කොම් මරලා තමයි යන්නේ, නැත්නම් මොන වැඩේ තිබුනත් උදේටම මදුරුවෝ ඔක්කොම මරනවා. ඔන්න ඕක තමයි හිල් වෙච්ච net එකක් පාවිච්චි කිරීමේ ආදීනව.

උඩින කියපු gadget එක ගත්තෙත් ඕක නිසාම තමයි, අලුතින් net එකක් දන්නා ගියොත් බර ගානකට තට්ටු වෙනවා, ඊට අමතරව net මහා වදයක්, මේක ඒ වගේ නෙමෙයි current එකට ගැහුවා මදුරුවෝ ගියා, එච්චරයි.

ඊයේ උදේ තමයි ඕක අතට හම්බුනේ. ඊයේ රැ මේක test කරන්න කියල හිතාගෙන නිදාගන්න කලින් net එකත අකුලලා මේක plug කර ඇද ලග තියෙන plug point එකට. හැබැයි මේ gadget එක current එකට ගහද්දීත් මට තේරුනේ අතේ මදුරුවෙක් වහල ඉන්නවා කියලා, ඉතින් වැඩි හොදට මේකත් current එකට ගහලා net එකත දාගෙනම නිදා ගත්තා.

මේකේ තියෙන පොඩි අවුලක් තමයි නිල් පට LED එකක් පත්තු වෙන එක. මල කරදරේ නින්ද යන්නෙත් නැ. කොහොම කොහොම හරි එක තියෙන්නේ current එකට ගැහුවා කියල indicate කරගන්න වෙන්න ඕන, මොකෝ අඩි සංක්යත තරංග අපේ කනට ඇහෙන එකක් යැ. කොහොම ක්හොම හරි මේ light එලිය නිසා රැ 2ට විතර ඇහැරුනා, ඇහැරෙද්දි තමයි තේරුනේ වෙනද වගේම මදුරුවෝ net එකේ damage වෙච්ච තැන්වලින් මදුරුවෝ අතුල  රිංගල ලෙසට ලේ බොනවා. හොද වෙලාවට net එක දැම්මේ, නැත්නම් උන් මව උස්සගෙනත් යනවා.

මෙත් එක්කම මතක උනා, මිට කලින් ඔය වගේම වෙච්ච දෙයක්. දැන් අවුරුදු 10කට විතර කලින් පාරේ යන sales rep ළා වගේ කෙනෙක්ගෙන් රු 600කට ගත්තා මේ වගේම මදුරු gadget එකක්. ඒකාලේ හැටියට 600කියන්නේ දවස් 3නැ 4ක් කන සල්ලි. එක නිකම් රෝස පට සබන් පෙට්ටියක් වගේ, පිටි පස්සේ current එකට හයි කරන්න jack එකක් තිබුන, ඉස්සරහ පොඩියට හිල් විදලා තිබුනා මේ වගේම නිකම් sound එකක් එලියට එන්න buffel set වල තියෙනවා වගේ. දැන් අපිත් මේක current එකට ගහලා තියෙනවා මාස ගානක්. හැබැයි ලොකු වෙනසක් නැ, යනවා කියපු මියෝ ගියෙත් නැ, මදුරුවොත් ගිහින් නැ හැමෝම වෙනද වගේ ගෙදර ඉන්නවා. අන්තිමේට මම මේක ගලවල බැලුවා,  Current wire එකේ live එකයි neutral එකයි මැදට resistor එකක් දාලා තිබුනා එච්චරම තමයි. ඒ resistor ඒකෙන වෙන්න ඕන අඩි සංක්යත ශබ්ද තරංග පිටකරන්නේ. LOL

මම මේ eBay gadget එකත ලියුම් කරය ගෙනත් දීපු ගමන් කරේ ගලවලා බලපු එක, මේකේ ඇතුලේ හම piezo plate එකක් තිබුනා, හැබැයි තිබුන circut එකේ හැටියට නම් අනුමාන කරන්න අමාරුයි මේකේ අඩි සංක්යත ශබ්ද එලියට දෙනවා කියලා, piezo plate එකකින් එච්චර දෙයක් කරන්නත් බැ, circuit ඒකෙන කරන්නේ, 230v වලින් 5v හදාගෙන නිල් පට LED එක පත්තු කරන එක විතරයි වගේ.

12 thoughts on “මදුරුවන් එලවන gadget එක – eBay

  1. ඉතින් මල්ලි ඔයාට දැන් නිකන්ම නයිට් ලෑම්ප් එකක් හමබවෙලානේ.. ඒ ගැන වත් හිතල සතුටු වෙන්න LOL

  2. මරු වැඩේ මලේ…,

    කාලෙක‍ට ඉස්සර ලාබදායී Hand held AC එකක් ගැන පලවෙලා තිබ්බ ඔයවගේ දැන්වීමකට අනුව ඒවා ගෙන්නාගත්ත ඇත්තන්‍ට ලැබිලාතිබුනේ අර ජපං නෝනලා පාවිච්චි කරන ආකාරයේ කඩදාසි අවානක්ලු

    1. Hand held AC වචනෙන්ම තේරෙනවනේ AC එක කොයිවගේද කියලා LOL

  3. හොද වෙලාවට කිව්වේ.මමත් ඕකක් ගන්ඩ හිතන් හිටියේ.මම ගත්තේ නැත්තේ ඕකෙන් අපේ කනට හානියක් වෙයි කියල හිතුන නිසා

    1. සමහර විට හොදට වැඩ කරන ඒවා ඇති, හැබැයි මෙච්චර ලාබෙට හම්බවෙනවා නම් අනිවා ලබා බඩුවේ හිලක් තියෙන්න ඕන

  4. මේ ටික කියෙව්වද?

    After plugging the power on the wall, you can see the blue indicator light and the machine begin to work, Also you can hear electronic scanning sound from high frequency to low frequency, the frequency selected power is on the left side, when you turn it to “H” , it can lustrate mosquito, black beetle etc small vermin, when you turn to “L”, it can lustrate mouse,….

    තව ‘Main Caution’ කියන ටිකත් කියවලා, ඒ කියන විදියට පාවිච්චි කරලා බලන්න. මේකේ කියන විදිහට මුලදී මදුරුවෝ වැඩි වෙනවලු. හරි ගියොත් e-mail එකක් එවන්න. ගොඩක් පිං. good luck.

    1. ඔය ටික නම් කියෙව්වුවා, කෝකටත් තව ටික දවසක් try කරලා හරියටම විස්තරයක් කියන්නම්.

  5. අයියෝ සල්ලි ! ඊ බේ මට එපා උනෙත් ඔය වගේ සීන් නිසා තමා.මගේ 6800 ක් අහක ගියා මෝඩම් එකකට කෙලවිලා

    1. මේ වගේ වෙලාවට ඉතින් කියල සල්ලි refund කරගන්න එක තමයි හොද.

Leave a Reply to Isuru Cancel reply

Your email address will not be published. Required fields are marked *