මෝටර්බයික් ඇක්සිඩන්ට්

on

කාලයක් තිස්සේ එක එක නම් වලින් එක එක Blog site වල post ලියලා ලියලා මටත් හිතුනා මගේම නමින් බ්ලොග් ලිව්වා නම් හොදයි කියලා. මේක මේ බ්ලොග් අඩවියේ පලවෙනි ලිපිය වෙන්න පුළුවන්. එත මගේ බ්ලොග් ලිවිල්ලේ නම් පලවෙනි ලිපිය නෙමෙයි.

ලගදි වෙච්ච අමතක නොවන සිදුවීමක් එක්ක මේ ලිපිය ගොඩක්ම ලියන්න හිතුනේ.  දිනය හා වෙලාව පහුගිය සිකුරාදා (4) දවල් 12.30 ට විතර ජුල්ගස් හන්දියේ. කැම්පස් එකේ තිබුන exam එකක් ඉවරවෙලා මම හපුගල ඉදලා බයික් එක පැදගෙන ආවා. ජුල්ගස් හන්දියට එනකොට, හන්දියට ටිකක් කලින්  ත්‍රිවිල් එකක් තිබුනා පාර මැද. මම යන පැත්තටම. ත්‍රිවිල් එක පර පාරෙන් අයිනට යන ගමන් තිබුනේ. කොටින්ම කිවුවොත් පිටිපස්ස පාර මැද හරියේ වගේ. ඉස්සරහා පාර අයිනට වෙන්න. Signal මුකුත් දාලා තිබුනේ නැ. ඈත ඉදන් එන ගමන් මට දැක්ක ගමන් click උනා පොර වාහනේ අයින් කරන්න යන්නේ කියලා. මමත් ඉතින් පොඩ්ඩක් විතර slow කරලා පොරව overtake කරා. කොහොමත් පාර අයිනට යමින් තිබුන වහනය නේ.

දැන් තමයි හොදම හරිය. මෑන්ස් අයිනට කරලා තියෙන්නේ U turn එකක් ගහන්න වෙන්න ඕන. මිනිහා කිසිම ගේමක් නැතුව පිටිපස්සෙන් වාහන එනවද කියලා බලන්නෙත් නැතුව U එක ගැහුවා. ගැහුවා කිවුවට ගහන්න ලැබුනේ නැ. මම ත්‍රිවිල් එකට දකුණු පැත්තට වෙන්න. මගේ වම් පැත්තයි ත්‍රිවිල් එකේ දකුණු පැත්තයි හොදට වැදුනා.

හැප්පෙන මොහොත හරියට තේරුනේ නැ. මොකද මම දුර තියලම හිතාගෙන අවේ මේක overtake කරනවා  කියලා. ත්‍රිවිලර් කාරයා U එකක් ගහවි කියලා හීනෙන වත් හිතුනේ නැ. එක්කෝ signal දාපන්කෝ දෙයියනේ.

හැප්පෙන මොහොත ජිවිතයේ අමතකම නොවෙන අවස්ථාවක්. ත්‍රිවිල් එක ඇවිල්ල මගේ වම් කකුලෙයි වම් අතෙයි වැදුන වෙලාව මට හොදට මතකයි. එවෙලේ ඔක්කොම slow motion වෙච්ච් බවත් මට හොදට මතකයි (seriously). මුළු වටා පිටවේ හැම දේම එක තැන නැවතිලා තිබුනා. කිසි දෙයක් හෙල්ලෙන්නේ නැ. මම කෙලින් බලාගෙන ඉන්නේ කොහෙද කියලා මට පේනවා, හැබැයි ඉතුරුව නිකම් බොද වෙලා වගේ. ඒ ඉතා පුංචි  කාලයේ මම පාර දිහා බලාගෙන ඉදලා දෙපාරක් මගේ අගේ හැපෙන ත්‍රිවිල් එක දිහා බැලුවා. කොටින්ම කිවුවොත් Enter the Mateix film එකේ Neo වගේ. එහෙම දෙයක් කොහොම උනාද කියන්න දන්නේ නැ. හැබැයි වටපිටාව ඔක්කොම එක තැන නැවතිලා. මට සිහිය නැති උනේ නෑ.

ඒ විදියට වැඩි වෙලාවක් තිබුනේ නැ. ලොකු සද්දයක් එක්ක bike එක බිම වැටුනා. වැටිලා ටික දුරක් පොළවත් එක්ක හිරිගෙන දිගටම ගියා. මම හැප්පුන තැන බිම වැටුනා. සිහිය හොදට තිබුනා. එතනම තිබුන ත්‍රිවිල් පාක් එකේ මිනිස්සු මම ලගට දුවගෙන එද්දී මම නැගිට්ටා. තාමත් සිහිය හොදට තියෙනවා. මම නැගිට්ට නිසා ඒ මිනිස්සු මාව පොඩ්ඩකට අමතක කරලා, bike එකයි ත්‍රිවිල් එකයි ගන බැලුවා. ඒ ත්‍රිවිල් එකත් ඒ පාක් එකේම එකක්.

මගේ වම් අතට හා කකුලට විතරයි තුවලා. බෙල්ල පොඩ්ඩක් හරවන්න අමාරුයි. හැබැයි වෙන තුවාල නම් නෑ. වම් අතේ වේදගිල්ලෙන් ලේ එනවා. ටැප් එකක් ඇරියා වගේ ලේ ගලනවා. පස්සේ දැක්කේ වැදිච්ච පාර ඒ ඇගිල්ලේ නියපොත්තයි හමයි අතර තුවාල වෙලා. නියපොත්ත ඉස්සෙන්න ඇති. දබර ඇගිල්ල හොල්ලන්නා වත් බෑ. එකේ දෙනවනි පුරුක ඇතුල් පැත්තෙන් තුවාල වෙලා.

මට මගේ ලේ දැක්කට ගේමක් නැ. එත එදා ඇගෙන් ලි යනවා කියල මට හොදට තේරුනා. මම නැගිටලා එතන තිබුන bus halt එකේ කණුවක් අල්ලගත්තා. (halt එකේ හිටපු කෙල්ලෝ වගයක් අනේ පව් හලෝ කියනවා නම් ඇහුනා 😀 ). නිකම් faint වෙයි කියන වගේ අදහසක් ඔලුවට අවා. දුවගෙන අපු ත්‍රිවිල් අයියලත් එතකොට ලගට ආපු ගමන්. අමාරුද කියලා ඇහුවා. මම කිවුවා කොහේ හරි වැඩි කරවන්න පුලුවන්ද කියලා. පස්සේ බිම එකක් එහෙම බිව්වා. එත එක්කම බලාගෙන ඉද්දි වම් ඇත ඉදිමෙන්න ගත්තා. පස්සේ දැනගත්තේ ඇතුලේ තියෙන අස්ථි වල crack එකක් අවම තමයි එකපාරට ඉදිමෙන්නේ කියලා.

කකුල නම් වැදිච්ච අමාරුවයි තව පොඩි තුවාල ටිකක් විතරයි. ගෙදර කට්ටියටත් call එකක් දීලා එන්න කිවුවා. මොකද ඔය insurance, police වැඩ  ගැන ලොකු දැනුමක් නොතිබුන නිසා, හා වම් ඇත හොල්ලගන්න ටිකක් අමාරු නිසා. ගෙදර කට්ටියත් අවා. insurance කට්ටියත් අවා. Full option නිසා ගේමක් නෑලු. ඒ උනාට මේ exam අස්සේ වම් ඇත හොල්ලගන්නත් බැ. මම ලියන්නෙත් වමෙන්. එක තමයි එකම අවුල. ත්‍රිවිල් එක එලවපු මනුස්සයත් නිකම් අපේ තාත්තගේ වයසේ. මගේ වයසේ කොල්ලෝ දෙන්නෙකුත් ඉන්නවලු. මිනිහට නම් ගානක් වත් නැ. අනේ අම්මපා.

කොහොම කොහොම හරි එක දෙයක් ඉගෙනගත්තා, මම නිතරම විදිමත් විදියට technique එකටම පාරේ bike එක පදිනවා. අනිවා signal දානවා. මොකද පිටිපස්සේ එන මිනිහට මගේ හිත කියවන්න බැරි නිසා හා මම ඊළගට කරන්න යනදේ ඒ මිනිහට දැනුම දෙන්න ඕන නිසා. හැමෝම එහෙම නැ කියලා නම් මම කොහොමත් දැනගෙන හිටියා. ඒ උනාට ඉස්සරහ තියෙන්නේ ත්‍රිවිල් එකක් නම් සැහෙන්න පරිස්සමින් දාවනය කරන්න ඕන කියන පාඩම මම ඉගෙනගත්තේ එදා.

නිතර දෙවේලේ මම අහලා තියෙනවා, මේ ත්‍රිවිල් කාරයෝ නම් පාරේ යන විදිය ගන්න දෙයක් නැ කියලා, ඒ උනාට එක මම එදා හොදටම ඇතදැකපු දෙයක්.

මට හොද සිහිය තියෙද්දිත්, වට පිටාව ඔක්කොම එක තැන නැවතිලා තියෙනවා දැක්ක කියන කතවා කවුරුවත් පිළිගන්න දෙයක් නම් නෙමෙයි. හැබැයි ඇත්තටම එහෙම දෙයක් උනා. කොහොම උනාද කියන්න නම් දන්නේ නෑ.

5 thoughts on “මෝටර්බයික් ඇක්සිඩන්ට්

  1. අඩේ අෆ්ෆේ මෙන්න මෙයත් දැන් බ්ලොග් ලියනවා ….. ග්‍රීටින්ග්ස් මචන් !!!
    ඔය ත්‍රිවිල් එවුන් ඔහොම්මමයි බං.බයික් වල යනවා කියන්නේ කොහොමත් රිසක් එකක් නේ….සල්ලි සල්ලි කියල බලන්නේ නැතුව ගනින්කෝ රෝද හතරක් …

    1. එක තමයි බන, රෝද 4ක් බැරිනම් රෝද 3ක් හරි ගන්න ඕන. කොහොමද මගේ ප්‍රථම බ්ලොග් පොස්ටුව නියමයි නේ. 😀

  2. එල එල මල් 7 යි …දිගටම ලියාගෙන යන්න… ඔයා කොලොම්පුරේ ඇවිල්ල ලබපු අත්දැකීම් එහෙම ලියන්න පුළුවන් නම් තවත් හොඳයි

  3. අම්මට සිරි බන්..මේ ලගකදිනේ…ටුක් ටුක් කාරයො ඔහොම්මමයි…උන්ගේ ඉස්සරහ තියෙන හොටේ දාගත්තහම හිතන්නේ මුලු වාහනේම එතනින් යන්න පුලුවන් කියල.ඔහොම කරල අපේ තාත්තවත් දවඩක් හැප්පුව ටුක් ටුක් කාරයෙක්

    1. ඔව් බන්. උන්ගෙන් සැහෙන්න පරිස්සම් වෙන්න ඕන.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *