කෝච්චියේ හොරට ගිහින් මාට්ටුවීම – නෑ පැනලා යාම

on

අපේ ගෙදර ඉදන්, ඉගෙනගත්ත ඉස්කෝලෙට යනවා නම් බස් දෙකක වත යන්න ඕන. ඔක්කොම දුර කිමි 10ක් විතර. පොඩි කලේ ඉදල school van එකක ගිහිල්ල 4 වසරේ වගේ ඉදන් බස් එකේ යන්න ගත්තා. ඒ දවස්  වල කොයි වෙලෙත් try එක දවසට කියා කියා හරි එකතු කරගන්න. ඉතින් සල්ලි එකතු කරගන්න නොකරන දෙයක් නැ.

මුලින්ම බස් සීසන් එක ගත්තා. ඊළගට කරේ ගෙදරින් බස් එකට යන ගැන ඉල්ලගෙන සීසන් ඒකෙන යන ගමන ඒ සල්ලි එකතු කරගන්නවා. මම විතරක් නෙමෙයි මගේ වයසේ ගොඩාක් අය එහෙමයි. ඒ කාලේ CTB බස් එකක් දැක්කම නිකම් අම්ම අප්පා දැක්ක වගේ සතුටුයි. අයි සීසන් එක පෙන්නලා නිකම් යන්න පුළුවන් නේ.

ඊළගට සීසන් එක ලග තිබුනත්, සමහර වෙලාවට CTB බස් නොතිබෙන වෙලාවල් තියෙනවා, එතකොට ඉතින් private bus තමයි, හැබැයි private bus එකකට රු 2ක් 3ක් දෙන්නම හිතන්නේ නැ( ඒකාලේ ගණන් ඔහොමයි). ඉතින් එවලත් හොරට යන්න ගත්තා.

සමහර දවස් තිබුන හවස ගෙදර යන්න තියෙන සල්ලි වලින්, දවල්ට interval එකේදිම මොනවා හරි කාල ඉවරකරපු දවස්. ගොඩාක් වෙලාවට ඔය වගේ දවස් වලට හවස යන්න හදද්දී CTB එකක් වත අහුවෙන්නේ නැ. ඉතින් ඔය වෙලාවට private එකක හොරට යන එක තමයි එකම පිහිට.

කොහොමින් කොහොම 6 වසරට වගේ එද්දී දැනගත්ත අපේ ඉස්කෝලේ හරියෙන් කෝච්චියක් යන බව. අනික ඒ කෝච්චිය ඉස්කෝලේ ඉවර උනාම එතන තිබුන station ඒකෙන නවත්තලා ගල්ලටත් යනවලු. දෙන්නම් බැටේ කියල ඉස්කෝලේ ඇරුනම කෝච්චියට set උනා.

අපේ ඉස්කෝලේ ලග ඉදලා ගාල්ලට කෝච්චියේ full ticket එක රු 2යි, අපි ඉතින් කොට කලින්සං ඇදපු බග නේ, අපි රුපියලයි. ඒ වැඩේ ලාබ නිසා අල්ලලා ගියා, අනිත් එක තමයි කොච්චි වල ගියාම bus වල වගේ chater කන්න ඕන නැ. කෝච්චිය වී 3න් 4න්  ගාල්ලට යනවා. මොකද මග නවත්තන්නේ නැ නේ. බස් වල ගියාම අවුල තියෙන්නේ මගින් මගට මිනිස්සු ගන්න නවත්තනවා, ඉතින් කොට කොට ගාල්ලට යන්න වී25ක් වත යනවා.

ඊටත් වඩා අමාරුව තියෙන්නේ, මගින් බස් එකට නගින ජනතාව. අපි කොහොමත් දන්නා දෙයක් තමයි 6 වසර හෝ ඊට උඩ පන්තිවල ඉකොලේ යන කොල්ලෝ හොද ලස්සනට ඇදුම මැදලා හොදට කොන්ඩේ පීරලා තව perfume එහෙම ගහල තමයි ඉස්කෝලෙට එන්නේ. ඉස්කෝලේ ඉවරවෙලා ගෙදර යද්දිත් ඔය ඇදුම ඒ වගේම තියෙනවා, කුණු බින්දුවක් වත ගවෙන්නේ නැතුව. අන්න එහෙමයි කොල්ලෝ. ඒ උනාට බස් එකේ හවස ගෙදර යන්න ගියොත් මගින් නගින බට කොළ ඉස්කෝලේ කෙල්ලෝ තමයි කෙල්ලෝ, එයාල අතක් උස්සලා බස් එකේ උඩ තියෙන පොල්ලක් ඇල්ලුවම තමයි, හම්මේ නහය කඩාගෙන යන්න එන්නේ. මුන් ඉස්කෝලේ ගිහිල්ල ඉගෙනගන්නවද, set එක දානවද කියල හිතෙනවා. එච්චරට දාඩිය ගද. shutter එකක් ලග වැඩි උනොත් හොදයි මුණ එලියට දාගෙන යන්න පුළුවන්. නැත්නම් පොතෝ හුස්ම හිරවෙලා තමයි මැරෙන්නේ.

ඔන්න ඔය හේතු නිසා කෝච්චියේ යන්න ගත්ත හවසට. මුල් දවස් වල ticket ගත්තට මොකෝ, පස්සේ දැක්ක ගල්ලෙන් ticket එකතු කරන තැනට season කිවුවම නිකම් යන්න දෙනවා කියලා. මොකද ගාල්ලේ station එකේ ticket එකතු කරන මිනිස්සුන්ට ticket එකතු කරන්නයි, season එක ලග තියෙනවද කියල check කර කර ඉන්නයි වෙලාවක් නැතුව ඇති. ඕක දැනගත්ත වෙලාවේ ඉදල දිගටම ticket ගත්තේ නැ, season කියා කියා ගල්ලෙන් shape වෙලා යනවා.

ඔය season කතන්දරයත් ටික කාලයක් යනකම් විතරයි, හිටපු ගමන ගාල්ලේ station එකේ checkers (ටික්කො)  පනිනවා. අන්න එදාට තමයි season තියෙන ළමයි season පෙන්නලා යන්න ඕන. ගල්ලෙන් බැස්සට පස්සේ  ticket check කරන තැන ටික්කො ඉන්නවා කියල දැනගත්තම් අපිට යන කලදසාව හිතාගන්න පුළුවන් නේ. කොල්ලෝ නිකම් කරකවල අත්හැරිය වගේ. කරකියාගන්න දෙයක් නැතුව දසඅතේ කල්පනා කරනවා. ඔන්න ඔය වෙලාවේ තමයි මමත් පොඩ්ඩක් වටපිට බැලුවේ. platform එකක් මැද වැටිලා තියෙනවා පරණ කොච්චි ticket එකක්. කවුදෝ අපතයෙක් එකට බුලත් කෙලත් ගහලා, කමක් නැ වෙලාවේ හැටියට එකත කමක් නැ කියල ගත්තා. ටිකට් එකේ උඩ පැත්තේ බුලත් කෙල තිබුනට යට පැත්ත අලුත් වගේ තියෙනවා. ticket එකතු කරන මනුස්සයට්ට ඒ ticket එක දුන්න, වෙලාවේ හැටියට ඒ මනුස්සයට එක එක්කෙනාගේ ticket අරගෙන පිටිපස්සේ press කරලා තියෙන දිනයයි, අනිත් පස්සේ කොහේ ඉදන් කොහාටද යන්න ඕන කියන දෙයි බල බල ඉන්න වෙලාවක් නැ. ඉතින් ticket එකක් නේ ඕන. ඔන්න එක දීලා බේරුනා.

පහු වෙනිදා ඉස්කෝලේ ගියාම මට කල්පනා උන, කෝකටත් කියල season එකක් තිබුන නම් හොදයි නේද කියලා. මොකද මේ විදියට හැමදාමත් හොරට යන්න බැ නේ. පස්සේ season එකත අරගෙන එදා ඉදන් හොද ළමයෙක වගේ කෝච්චියේ විදිමත් විදියට යන්න ගත්තා. එකත වැඩි දවසක් නෙමෙයි, හරියටම මේ සින් එක උනේ, 9වසරේ ඉද්දි අප්‍රේල් මාසයේ දවසක්.

ඒ දවස් වල කෝච්චියේ season එක මුළු මාසයටම රු8යි. ඉතින් ලොකු ගණන් නෙමෙයි නේ. ඒ උනාට ඒ කලේ එකත හරියට වටිනවා. ඉස්කෝලේ යද්දී මාර්තු මාසෙට season එක ගත්තා. ඊලග අප්‍රේල් අවුරුදු නිවාඩුව එන නිසා අප්‍රේල් මාසේ සතියිද කොහෙද ඉස්කෝලේ තිබුනේ. ඉතින් ඒ සතියට මට රු8ක් දීලා season එක ගන්න නිකම් මොකක්ද මොකක්ද වගේ. කොහොමත් පරණ මාසේ season card එකත ලග තියෙනවා නේ. වැරදිලා වත හදිස්සියක් උනොත් එක පෙනන්න පුළුවන් නේ කියල වෙනද විදියටම season කියා කියා යනවා. හැබැයි දැන් හොරාට. මොකද අප්‍රේල් මාසේ season එක නොගත්ත නිසා.

එක දවසක් හිතාගන්න බැරි සින් එකක් උනා. ඒකාලේ ගාල්ලේ station එකේ කාකි ඇදුම ඇදගෙන ලස්සන උස අක්ක කෙනෙක් හිටියා, අපිත් ඉතින් ඒකාලේ එය ගැන හරි interest. දවසක් ගාල්ලේන් බැහැලා ticket එකතු කරන පෝලිමට කිට්ටුවටම එද්දී එ අක්ක අවා මම හිටපු තැනටම.මම එයාගේ ඉනගවට වත උස නැත්ද කොහෙද එතකොට, මම ඉස්සරහට ඇවිල්ල හිටගත්තම මමත් ඔල්ලුව උස්සල උඩ බැලුව, එතකොට එයා අහනවා “කෝ ටිකට්?” මත එක්ක අතිජාත යාලුවෙකුත් හිටියා මනෝජ්, උනම් හැමදාම ticket අරගෙන විදිමත් විදියට යන එකා. ඉතින් මම කිවුව season කියලා. ඒපර ඒ අක්ක කියානවා කෝ එහෙනම් season එක ගන්නලු බලන්න.

දැන් නම් ඉතින් එන පොට හොදනැ පුතෝ, මගේ සාක්කුවේ පරණ මාසේ season card එකත තියෙනවා, හැබැයි දැන් මේ අප්‍රේල් මාසේ යන්නේ, අර season card එකේ March කියල එක පැත්තක seal එකක් ගහලා තියෙනවත් එක්ක. මමත් හෙමිට සාක්කුවෙන් season card එක අරගෙන seal එක නැති පැත්ත හරවල ඒ අක්කට දුන්නා. ඒ පැත්තේ අයිත්කරයාගේ නමයි address එකයි sign එකයි තියෙන්නේ. දැන් මෙයා තව ටිකකින් ඔය card එක අනිත් පැත්ත හරවල බලනවා sure එකටම. අයෙ එකේ දෙකක් නෑ. ඉතින් මමත් හෙමින් අඩියක් දෙකක් තිය තිය මේ අක්කව පහු කරලා යනවා, හැබැයි එයාට එක තේරෙන්නෙත් නෑ, මොකද එයා එක හිතින්ම මගේ season card එක කියවනවා.මම හිමින් හිමින් ඉස්සරහට යන ගමන එය card එක දිහා බලාගෙනම වෙන්න ඕන, ඇහුව නම මොකක්ද කියල. මම “ඉසුරු”, ඊළගට ගෙවල් කොහෙද? මම “උණවටුන”.

දැන් හරි, ඊළගට card එක අනිත් පැත්ත හරවනවා, මමත් හිමින් හිමින් ඉස්සරහට ඇවිදගෙන යනවා, එත එක්කම ඒ අක්ක කියනවා “මේක මාර්තු මාසේ…” එච්චරයි කියන්න වුනේ, මම එය පහු කරලා අඩි 10ක් විතර ගිහිල්ල. මමත් එක පිම්මේ දුවන්න ගත්තා. ගාල්ලේ station එකට ආපු අය දන්නවා ඇති, කොහොම දිවුවත් ticket එකතු කරන තැන තියෙන පෝලිමත් එක්ක එතනින් දුවල බේරෙන්න බැ. හැබැයි ටිකක් එහාට වෙන්න වම් අතපත්තේ තියෙනවා කෝච්චියෙන් ගෙන බදු බාන්ඩ ගෙනියන්න ලොකු ගේට්ටුවක්. මම හැරුන ඒ පැත්තට දැන් දුවනවා හිටු කියලා. ඒ අස්සේ අර ගෑනිත් මගේ පිටිපස්සෙන් දුවගෙන එනවා “රාලහාමි රාලහාමි, මේ ලමයව අල්ලගන්න……” එකී බෙරිහන්දෙනවා. ඔන්න ඒ අස්සේ රාලහාමි කෙනෙකුත් දුවන්න ලේස්ති වෙනවා, මාව අල්ලන්නද? නැත්නම් මම යන්න කලින් අර ගේට්ටුව වහන්නද දන්නේ නැ.

කොහොම හරි, කාකි සුට්‌ ඇදපු රාළහාමිලට වඩා මම ඉක්මන් උනා, අන්තිමේදී ගේට්ටුවෙන් පැනගත්ත, පන්න කියල තාම නිදහස් නැ, මුන් පස්සෙන් දුවගෙන ඇවිල්ල අල්ලගත්තොත් මම ඒ ගැම්මටම දිවුවා ගාල්ලේ bus stand එකේ වක්වැල්ල queue එකට වෙනකම්. එතනටම දුවලා shirt එක උඩින දාගෙන bag එක පත්ටට දාගෙන අලුත් කොල්ලෙක් විදියට වෙස්වලාගෙන අයෙ ඇවිදගෙන අවා මාතර queue එකට. මුන් මව හොයනවද දන්නෙත් නැ නේ.

කොහොම කොහොම හරි මම පාන්නට පස්සේ, මගේ යාළුවව අල්ලාගෙන. කලින් කිවුව වගේ උ ticket අරගෙන යන නිසා අවුලක් වෙලා නැ. හැබැයි උගෙන් විනාඩි 10ක් විතර ප්‍රශ්නකරලා තිබුනා. හැබැයි එල කොල්ල කෙල බිදක් හෙලලා නැ. කෝකටත් කියල සතියක් විතර අයෙ කෝච්චියේ ගියේ නැ, මම නොගියට මොකෝ මගේ යාළුවව නම් හැමදාම අල්ලාගෙන උට සත්තම දාලා තිබුනා “ඔයාගේ යාලුවට කියන්න, එයාව අල්ලගන්න අපි ඉස්කෝලෙට එනවා කියලා”. ඇත්තටම මුන් එයි කියලා මම බයේ තමයි හිටියේ. මොකෝ මුන් ලග මගේ පරණ season එකත තියෙනවා. ගෙදර address එකත තියෙනවා. එනවා නම් එන්න බැරි කමකුත් නැ. හැබැයි උන පොඩි එකෙක් අල්ලගන්න බැරුව, රෙද්දක් ඇදගෙන ගෙවල් වලට ඒවි කියලා හිතාගන්න අමරුයි.

image:http://www.jacksons-camping.co.uk/kidstuff/peg-images/train1.jpg

16 thoughts on “කෝච්චියේ හොරට ගිහින් මාට්ටුවීම – නෑ පැනලා යාම

  1. යකෝ අපි හිතාන හිටියට මු විධිමත් විදියට වැඩ කරනවා කියලා . මු මටත් වඩා සාටර් නේ…. මටත් ඔව්වා නම් අනන්තවත් වෙලා තියෙනවා හික් හික් 😀

    P.S : කෝ බං අර උඹ ඊයේ නුවර ගිහින් සාටර් වෙච්ච කතාව ?

    1. පුළුවන් උනොත් හවසට ලියල දාන්නම්. එක ලිවුවම කියවන උන හිතාවි මට පිස්සු කියලා.

  2. Totally In-ethical…!!!

    බස් එකේ ගියාම දාඩිය දානවලු.
    දැන් එතකොට ගාල්ලෙ ස්ටේෂමේ ඉඳන් වක්වැල්ල කිව් එකට දුවල දාඩිය නාන්න ඇති නේ ද? හපොයි!

  3. අපෝ… මූ ඇටකිත්තා කාලේ කරල තියෙන වැඩ, ඒ කාලේ එහෙම නම් දැන් කොහොම ඇද්ද? 😛 😀

Leave a Reply

Your email address will not be published. Required fields are marked *