ලංකාවේ පරණම ඉංග්‍රීසි පන්තිය – සංඝාරාමය

on

නම කිවුව ගමන්ම ගම ගාල්ලේ කට්ටිය නම් දන්නවා ඇති, මේ කොහෙද මොකක්ද කියලා. සංඝාරාමය කියන්නේ පන්සලක්. තියෙන්නේ ගාල්ලේ චිනකොරටුවේ මැද පාරේ. ගාල්ලේ සනෙන්න මිනිස්සු මෙතනින් ඉගෙනගෙන තියෙනවා. ලංකාවේ වගේම පිට රටවල් වලත් කඩ්ඩෙන් ලොකු ලොකු දේශනා තියෙන ඕන ගාල්ලේ මිනිහෙක් ගත්තොත් සන්ඝාරමය් ගෝලයෙක්.

සංඝාරාමය මොනවටද ප්‍රසිද්ධ? ඉංග්‍රීසි වලට හා කුණු හරුප වලට. මම පොඩි කාලේ ඉදන් මැට්ටා නිසා මට හොදට මතකයි තාත්තා ඒකාලේ නිතරම කියන දෙයක්. “උබව රෑ පන්තියට දාලා ගත්ත දවසට තමයි උබ හැදිලා එන්නේ කියලා”. මොකක්ද මේ රැ පන්තිය, කොහෙද තියෙන්නේ කියල ඒ කාලේ ලොකු අදහසක් තිබුනේ නැ. මට හිතුනේ පට්ට කළුවර spot එකක නිදාගන්න නොදී වේවැලෙන් ගහ ගහ උගන්නනවා ඇති කියලා.

ඉස්කෝලේ 7වසරේදී තමයි සංඝරමයට ඇතුළු වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් අලුතින් ගන්නේ 7 වසරේ ළමයි. Register වෙන්න ගිය දවස හොදට මතකයි. ළමයි පන්සියක් විතර පන්සලක් ඇතුලේ ඉස්කෝලේ uniform එක අදාල ඉන්නවා. කෙල්ලොත් ඉන්නවා කොල්ලොත් ඉන්නවා. පන්සලේ ලොකු ලොකු ශාලා කීපයක් තියෙනවා ඒ ඕන තැනකට සපත්තු සෙරප්පු දාගෙන යන්නත් පුළුවන්. (500කගේ විතර සේරප්පු දොරකොඩ ගලවන්න කිවුවොත් මාර සින්  එක). අම්මත් මාත් එක්ක ආවා, සල්ලි ගෙවලා register උනා. මගේ නම ලියාගත්තේ I. Samarasinghe. එදා සිට හිරකාරයට වගේ කතා  කරන්නේ ඔන්න ඔය නම කියලා.

පස්සේ ටික දවසකින් සංඝාරාමය පටන්ගත්ත. මම තේරුනේ එතන තිබුණ අන්තිම hall එකට. ටිකක් විතර කළුවරත් එක්ක. රැ පන්ති තියෙන වෙලාව 5.15 ඉදන් 7.30 වගේ වෙනකම්. ඔය අතරේ interval නෑ. period තුනයි. දහම්පාසල් වල ඉන්නවා වගේ බැංකු තමයි කෝකටත් තියෙන්නේ. ඒ එක බැංකුවක සැමන් පැක් කරලා වගේ 8ක්   9ක් විතර වාඩි කරනවා. අපේ පන්තිය බාරව හිටපු ගුරුවරයා තමයි Silva Sir. තිබුන subjects 8ම වගේ කරන්නේ සර් තමයි.

සංඝරමයට යන්න කලින් ඉංග්‍රීසි කියන්නේ හීනයක් විතරයි. මට 7 වසරේ මුල alphabet එක ලියන්න පුළුවන් කමක් තිබුනා. සතියේ දවස් හත ලියන්න පුළුවන්. එකේ ඉදන් දොළහ වෙනකම් ලියන්න පුළුවන් එච්චරයි. එතන ඕන තරම් හිටියා alphabet එක වත් ලියන්න බැරි කොල්ලෝ. හිතාගන්න පුළුවන් නේ ගාල්ලේ තියෙන ලොකු ලොකු මහා විද්යාල වලට ගියත් අපේ තිබුන ඉංග්‍රීසි දැනුම. ගොඩක් වෙලාවට එක පාසලේ තිබුන දුර්වලකමක් තමයි. මොකද පන්තියකින් 50ක් ගත්තොත් 45කටම ඉංග්‍රීසි පොත කියවගන්න බෑ.

සංඝාරාමය සතියේ දවස් පහම දවසට පැය තුන ගානේ. alphabet එකේ ඉදල කියල දුන්න නිසා, හොදටම තේරෙන්න ගත්තා. අනික අපේ ඉස්කෝල වල හිටියවගේ සිංහල කතා කරගන්න බැරි sir ලා නෙමෙයි සංඝරමේ හිටියේ. හොදට සිංහලෙන් අපිට තේරුම කරලා දුන්න. බලාගෙන ඉද්දි ඉංග්‍රීසි පුළුවන් වෙන්න ගත්තා නිකම් ගින්දර වගේ. හරියට කතා කරගන්න බැරි උනත්, ඕන පොතක් පත්තරයක් කියවන්නත් පුළුවන්. ඉස්කෝලේ හැම subject එකටම 20 30 50 score කරන මට, ඉංග්‍රීසි වලට විතරක් 70ට එහා හැමදාම. මගෙත් එක්කම හිටපු සමකාලිනයෙක් තමයි හෂාන්. එල කොල්ලා ගුටි කවත් ගොඩක් දවස් වලට එකට.

ඉස්කෝලේ හොද වෙනියා එහෙම දාලා රගගෙන හිටපු කොල්ලොත් මෙතනටම ආව ඉංග්‍රීසි ඉගෙනගන්න. එත එතන තිබුන මොනවා හරි හේතුවක් නිසා උන්ට දිගට හරහට punishment ලැබුනා. අපි වගේ වචනයක් වත් බැරුව ගිය උන්ට විතරයි සංඝාරාමය සුර ලොවක් උනේ.

මොනවද මේකේ ඇතුලේ තිබුන නීති. සාමාන්‍යයෙන් එහා ඉන්න එක එක්ක කතා කිරීම තහනම්. හැමදාම වගේ homework දෙනවා. කරලා අවේ නැත්නම් දෙකේ දෙකේ වේවැල් පාරක, තමන් කැමති අතකට ඉල්ලගන්න පුළුවන්. නැත්නම් එදා දවසෙම දැනගහගෙන් ඉන්න පුළුවන්. තව කතා කරලා අහු උනාම අඩි 10ක් වගේ දුරක් දානගාගෙන ඇවිදින්න පුළුවන්. අයෙ ඒ ගියපු දුරම ඇවිල්ල එදා දවසේ දිගටම දැනගගෙන් එන්න ඕන. (එක පාරක් කරා, හරි සනීපයි).

අපි හිටියේ රැ පන්තියේ උනාට දවල් පන්තියේ විතරයි කෙල්ලෝ හිටියේ. ගොඩාක් වෙලාවට කොල්ලෝ බාගයයි, කෙල්ලෝ බාගයයි වගේ. දවල් පන්තියේ ප්‍රසිද්ද දඩුවමක් තමයි පන්සලේ වැලි මළුවේ දනගහන එක. එවෙලෙට හරි ශෝක. ice ගොඩක ඉන්නවා වගේ. කොල්ලෝ කෙල්ලෝ කියල වෙනසක් නැ. කාටත් දඩුවම පොදුයි.

කොටින්ම කිවුවොත් මේ ඉංග්‍රීසි පටමාලව හරියට චීනයේ පන්සල වලට ගිහින් නේවාසිකව sharolin-kungfu ඉගෙනගන්නවා වගේ. තව දෙයක් කුණු හරුප වලට ප්‍රසිද්දයි කිවුවාට් එහෙමට කියල කුණුහරුපත් නෑ. සර් ල නම් උබ බන් බොලන් වගේ තමයි කතා කරන්නේ. හාමුදුරුවෝ තමයි ඉතින් ඔය හිටපු ගමන් පොඩ්ඩක් කියන්න ගන්නේ. මට අද වගේ මතකයි හාමුදුරුවෝ මම කතා කරලා මාට්ටු වෙලා කිවුව, ඔය හුත්** පුතාල දෙන්න පලයන් එලියට, ගිහින් ගහපන් දන. කොච්චර කුණු හරුප කිවුවත් ගැහුවා, බැන්නත්, අදටත් ලංකාවේ වැඩි හරියකට ප්‍රශ්නයක් වෙලා තියෙන කඩ්ඩ, අපිට අවුරුද්දෙන් දෙකෙන් ගොඩ දැම්මට සංඝාරාමයේ හාමුදුරුවෝ බුදු වෙන්න ඕන!!!!

5 thoughts on “ලංකාවේ පරණම ඉංග්‍රීසි පන්තිය – සංඝාරාමය

  1. අවන්කවම මචන් හාමුදුරුවෝ ඒ දවස් වල වහකදුරු වගේ,ඇයි මචන් එන් නෑතුව ඉදලා බොරු මෙඩිකල් උස්සන් ගියපුවා,මොන දේ වුනත් ඉංගිරිසිය කුනුහරුප තරම්ම සුමටව හසුරවන්න සංඝාරාමයෙන් ලෑබුනු පිටුවහල නම් කියලා වෑඩක් නෑ.
    මට ඇත්තටම හිතෙනවා මචන් අපි දෑන් ඉන්න තත්වය තුල ඉංග්‍රිසි කියන්නේ ජීවිතේ ලොකු චෑප්ටර් එකක්,මේ චෑප්ටර් එක හරියට ලියන්න සංගාරාමයෙන් ලෑබූනු පිටුවහල අතිමහත්,

    මේ ලිපිය සංඝාරාමයටත්,උගන්වන ගුරුභවතුන්ටත්,විශේශයෙන් හාමුදුරුවන්ටත් උපහාරයක්ම වේවායි මම පතමි.

    ප.ලි = චීන කොරටුවේ ඕනම රස්තා ඩයල් එකකට ඉංග්‍රිසි නම් සුපිරි පුලුවන්,උන් ගොඩක් උන් කරන්නේ ටුවරිසම්,කොටින්ම සංගාරාමේ නිසා එදාවේල හොයන් කන සෑහෙන්න පිරිසක් ගාල්ලේ ඉන්නවා.

    1. අනිවා මචං. ලගදි දවසක් බස් එකකදී පොඩි ළමයෙක dictionary එකක වචනයෙන් වචනය පාඩම් කරනවා දැකලා තමයි මටත් මේක ලියන්න මතක උනේ. අපිත් ඒ තත්වේ හිටපු කාලයක් තිබුන නේද කියල.

  2. අම්ම ගහය් බැට් එකෙන්,, මතකද බන් ඒ කාලේ !! පිස්සු හැදෙනවා නේ 😉 මටනම් තාම මතකය් “D” එකේදී අපේ උප නායකයට නමක් කියල (ගුරුලේත්තු …. කා ) මායි ජයසේකරයය් සිල්වා සර් ගෙන් හොදට කෑවා 😀

Leave a Reply

Your email address will not be published. Required fields are marked *