මේක මෝඩයෝ ටික වගේ share කරන්න

on

මම මේ බ්ලොග් එක පටන් ගත්තු දවස් වල, අන්තිමේට හරක්මස් කැවෙමි කියල post එකක් දැම්ම. ගොඩක් වෙලාවට මගේ post වලට hits එන්නේ මම publish කරපු ගමන්, මගේ facebook wall එකෙයි, twitter account එකෙයි share කරන නිසා මගේ යාලුවෝ කියනවනවා. ඊට අමතරව sinhalablogger.com වලින් තමයි වැඩියෙන්ම hits එන්නේ.

මම ඔය උඩින කියපු පොස්ට් එක මේ බ්ලොග් එකේ අනිත් පොස්ට් එක්ක බැලුවම සැහෙන්න පරණයි, ඉතින් මේ එකපාරට දෙබරෙට ගල් ගැහුවා වගේ මේ ලිපියට දිගට හරහට comments, මොකද මේ එකපාරටම? මම ලගදි ඔය post එක share කරෙත් නැ, sinhalabloggers.com වල පරණ post syndicate වෙනවා කියල හිතන්නත් බැ.

මම ඊයේ පෙරේදා මොකද කරේ? නිතර දෙවේලේ facebook එකේ දකින්න ලැබෙන, එක එක ආගම අතර හොද හිත පලුදු කරන්න හදන දේවල් දැකලා මමත් පොඩි image එකක් upload කරා, සමහර විට එක නිසා වෙන්න ඇති මේ.

අපි දැන් facebook එන්නේ එක එක අපතයෝන්ගෙන් බන අහන්න, අහල ඉවරවෙලා එයාල කියන විදියටම share කරන්න, ගොඩාක් වෙලාවට ඒවා share කරන්න ඕන “තවත් මේ වගේ උන් නොයිපදෙවා”, “මුන්ට හෙන ගහපන්” වගේ සිතුවුලි හිතේ තියාගෙන. ගොඩාක් share කරන images වල තියෙන්නෙත් ඕවා.

කොහොම උනත් එක එක ජාතින් අතර තියෙන හොද හිත පලුදු කරන්න දගලන පිරිසක් ඉන්නවා, එයාලට online සැහෙන්න දෙයක් කරන්න පුළුවන්, වෙන මොකක් වත නිසා නෙමෙයි අපේ අයත් මෝඩයෝ වගේ share කරන නිසා.

12 thoughts on “මේක මෝඩයෝ ටික වගේ share කරන්න

  1. aniwarenma ban >> oya share karana eun sahenna piliwalata inna eun wennathi neda ??? masmalu thiya umbalakadawath nokana,,mara agamika silawath upasaka dial 😀

  2. මට නම් එපා වුනා ඔය ෆේස්බුක් කතන්දරේ.. නිකම් කාලෙ නාස්තිය විතරයි මචං,

    1. ඔව දැන් පුජකයෝනේ facebook එකේ ඉන්නේ, එකයි අවුල.

    1. අම්ම තාත්තා දාපු නමින් ඇවිල්ල comment කරන්න තමන්ට ලැජ්ජයි වගේ, එහෙම comment කරොත් approve කරන්නම්.

  3. Facebook මටත් එපා වෙලා, මමත් ඔය ආගම් බයිලා ගහන උන් දවසකට 7-8 බ්ලොක් කරනවා. අප්‍රියයි එවාගේ දේවල් පෙනකොට. වෙබ් සයිට් වලට ට්‍රැපික් එකක් ගෙන්න ගන්න තමයි මමත් ඔක තාම ඉන්නේ නැත්තම් මෙලාකට Account Delete කරලා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *