තායිලන්ත සංචාරිය – Thailand Tour

on

ඉස්සර ඉදල තිබුන අමාරුවක් තමයි, plane එකක නැගලා, වෙන රටකට ගිහිල්ල full fun එකක් අරගෙන එන්න ඕන කියන එක. අපේ budget එකේ හැටියට ලාබෙට යන්න තිබුන රටවල් ටික තමයි, ඉන්දියාව, මාලදිවයින සහ තායිලන්තය. ඉන්දියාව මුල ඉදලා ඇල්ලුවේ නැ. මාලදිවයිනත් ඉතින් මුහුද විතර නේ. උණවටුනේ ඉන්න අපට තව මුහුදු මොකටද? ඉතින් යන්න තියෙන්නේ තායිලන්තයේ විතරයි. Personally මට පොඩි කලේ ඉදලා roller coaster එකක යන්න අමාරුවක් තිබුනා. එහෙම එකක් තියෙන්නෙත් Thailand Tour එක විතරයි, ඔය උඩින් කියපු රටවල් වල.

අපේ සෙට් එකේ 4යි. සිරා කොල්ලෝ හතර. මම, චලිදු, දර්ශණ හා රන්දීර. ඔතනින් දර්ශණ කලින් දෙතුන් පාරක් Thailand ගිහිල්ල තියෙනවා. මම ඇතුළු අනිත් දෙන්නගේ පලවෙනි පාර. අපි මුලින් trip එක plan කරා. එක එක Tour packages අරගෙන යන්න උවමනාවක් තිබ්බේ නැ, මොකද එතකොට එකටම කොටු වෙනවා. අනික උන් වැඩි හරියක් පන්සල්මයි යන්නේ. පන්සල් යන්න ඕන නම් පිට රට යන්න ඕනද? මෙහෙ ඇති තරම් තියෙන්නේ.

මුලින් දවස් 4කට යන්න වගේ හිටියේ. පස්සේ බැලුවා, යන්න දවස් බාගයයි. එන්න දවස් බාගයයි ගත්තම වෙන දෙයක් කරන්න වෙන්නේ නැ. නිකම් උදේ කතරගම ගිහිල්ල දවල් වෙද්දී වැදලා හවස ගෙදර එනවා වගේ. 4ක් මදි, යමන් 16ක්. මේ එකෙක් කියපු කතාවක්. අපි කරන රස්සාව එක්ක දවස් 16ක් නිවාඩු ගියා කියන්නේ, වෙන රස්සාවක් හොයාගන්න වෙනවා sure. එක නිසා දාගත්තා දවස් 8කට.

Passport හැදුවා. Flight tickets book කරා. තුන් දෙනෙක් Sri Lankan airlines එකෙක් Thai Airways. එකත් එහෙම උනේ, Findmyfare.com website එකේ credit card වලට officer එකක් තිබුනා. හැබැයි අන්තිම දවසේ book කරන්න යද්දී, Sri Lankan airlines වල website එකේ තියෙනවට වඩා වැඩි ගණන් Findmyfare.com එකේ පෙනන්න ගත්තා. පැයක් දෙකක් තුනන් විතර බැලුවා, මුන්ගේ price refresh වෙන පාටක් පෙනන්නේ නෑ. අන්තිමට තුන් දෙනෙක් Sri Lankan airlines වලින් Tickets ගත්තා, එක්කෙනෙක් Thai Airways වලින් ගත්තා. Findmyfare.com එකේ offers බලාගෙන book කරනවා නම්, අදාළ airline website වලත් පොඩ්ඩක් බලන්න.

ඊළගට Thailand visa. Passport එකට අමතරව, Flight tickets වලට අමතරව, අදාළ රටට ඇතුල් වෙන්න පුළුවන් කියන ලියවිල්ල තමයි මේ. ඕක ගන්න තව දවස් 5ක් විතර යනවා. ලංකාවේ තියෙන Thailand Embassy එකට call එකක් දීලා ඇහුවා, හැමෝම එන්න ඕනද, නැත්නම් application ඔක්කොම එක්කෙනෙක්ගේ අතේ එවන්නද කියලා. Fill කරන්න ඕන applications ඔක්කොම උන්ගේ website එකේ තිබුනා. එක නිසා, ඔක්කොම තිතට පුරවලා, දර්ශන අතේ යැවුවා. කරුමේ කියන්නේ, මොකක් හරි එක form එකක් අපිට miss වෙලා තියෙනවා. දර්ශන එතනට ගියාට පස්සේ තමයි දන්නේ මේක අඩුයි කියලා. අවුලක් නැ, කොල්ලා ගොඩ දාලා. අපි වෙනුවට උ form ටික පුරවලා, අපේ අත්සනත් හොරට ගහලා. හොරට ගහලා මු ඇවිත් කියනවා, මචන්, අවුලක් නෑ. චලිදුගේ අත්සන පොඩි. එක එලටම ගැහුවා. උබේ අත්සන පොඩ්ඩක් දිගයි. හැබැයි අවුලක් නැ. එකත් shape එකේ ගැහුවා.

අපි යන්න හිටියේ පෙබරවාරි 20. Visa අතට හම්බ වෙන්න තිබ්බේ, පෙබරවාරි 15. මොනවා හරි case උනොත් යන්න වෙන්නේ නැ. දර්ශන සුපුරුදු විදිහට ගිහින් තිබ්බ, passport ටික අරගෙන එන්න. කොටින්ම visa අරගෙන එන්න. මු call කරලා කියනවා, මචන් තුන් දෙනාගේම visa reject ලු. හේතුව තමයි, ගහලා තියෙන අත්සන් වෙනස්.

මේ තියෙන්නේ, මු, හරියටම ගැහුවා කියපු, චලිදු ගේ අත්සන.

Chalidu's Signature

මේ තියෙන්නේ, මු අමාරුවෙන් ගැහුවා කියපු මගේ අත්සන.

My Signature

මේ අත්සන් වල හරි වැරදි හොයන්න මහා ලොකු system ඕනද? ඕන අත දරුවෙකුට පේනවා අත්සන් දෙක දෙකක් කියලා. ආතල් ම seen එක තියෙන්නේ, දැන් දර්ශනගේ visa reject උනේ කොහොමද කියන එක. මොකද අනිත් දෙන්නට මු හොර අත්සන් ගැහුවට, මුගේ අත්සන මු නේ ගැහුවේ. මම ඇහුව, මුගෙන් උබට මොකෝ උනේ, කියල?

මු කියපි, මචන්, මගේ passport එකේ තියෙන්නේ, දිග අත්සන, හැබැයි මම visa form එකේ ගහලා තියෙන්නේ කෙටි අත්සන ලු. මෙහෙම උන් එක්කනේ අපි Thailand යන්න දාගත්තේ. කොහොමද රටක් විදියට ඉස්සරහට යන්නේ කියපන්.

හරි දැන්, 20 යන්න වෙන්නේ නැ. Fligt tickets 28 වෙනිදට දාගත්තා. එකට වෙනම ගානක් ගෙවන්න ඕන. Sri Lankan Airlines නම්, අඩුම රු7500ක් වත් ගෙවන්න ඕන. හැබැයි Thai Airways නම් රු5000යි. ඒවත් හොද පාඩම්, ගන්න අපේ දේ කියලා book කරා මදැයි. හරි දැන් Flight tickets එහාට දාගෙන අයෙ ගියා visa apply කරන්න. මේ පාර දර්ශන වගේ බුවාලා අතේ යැවුවේ නැ. හැම එකාම  ගියා. කොහෙද මුන්ට වගකීමක් දෙන්න පුළුවන් ද? දෙවැනි පාර visa හරි අවුලක්ම නැ. දැන් යන්න තමයි තියෙන්නේ.

චලිදු හා මම, Flight එකක යන පලවෙනි පර. අපි හිතාගෙන හිටියේ, Sri Lankan Airlines වල air hosters ල කිවුවම ලංකාවේ ඉන්න පට්ටම කැලි ටික එකේ තමයි ඉන්නේ කියලා. හැබැයි දැන් ඉහතින් එක එක contacts වලින් කෙල්ලෝ එන නිසා, එහෙමට සිර කියන්න තරම් කෙල්ලෝ නැ. සමහර විට business class වල නම් ඇති. අපි ඉතින් economy නේ. ගිහින් Bangkok වල suvarnabhumi airport එකෙන් බැස්සා. Airport එකේ ඉන්න officers ලා වැඩි හරියකට හරියට ඉංග්‍රීසි බැ. ඒ හැරෙන්න තාක්ෂනය අතින් සැහෙන්න දියුණු airport එකක්. කොටින්ම ලංකාවේ කටුනායක එකත් එක්ක ගත්තම, නිකම් කොත්තු කඩයකුයි KFC එකයි compare කරා වගේ  වෙනසක් තියෙනවා.

අපේ tour එක දවස් 8යි. අපි මුල දවසේ නවතින්න ගෙන හිටියේ, Bangkok වල Pratunam කියන තැන Hotel එකක. යන්න කලින් book කරලා ගිය එකම දේ, ඔච්චරයි. ඉතුරු හැම දෙයකම Flexible, Tour packages වලින් ගිය වගේ, එකක් ඉවරවෙද්දි එකක් දුවගෙන දුවගෙන යන්න දෙයක් නැ. ඕන තරම් වෙලාව තියෙනවා. Double room එකකට, AC එක්ක, Breakfast එක්ක එකෙක්ට දවසකට රු 2000ක් වගේ. බම්බලපිටියේ බඩු පොට් වලටත් වඩා ලබයි. පහල තියෙන්නේ, හිටපු එක room එකක photos.

Our hotel in Pratunam

පලවෙනි දවසේ rest කරා. මහන්සිත් නිසා ගියා Traditional Thai massage එකක් දාගන්න. බඩු seen නෙමෙයි හොදේ. අපිට select කරගන්න පුළුවන්, කොල්ලෙක්ද කෙල්ලෙක්ද ඕන කියලා. අපි ගත්තා කොල්ලෝ ටිකක්. ගනුන්ට වඩා උන්ට හොදට හයිය වත් ඇතිනේ. එක එක්කෙනාව, බිම මෙට්ට වල හාන්සි කරවල දැම්මා massage එකක්. හම්මේ. ඊට පස්සේ අනිත් පැත්ත හරවල, පහල photo එකේ තියෙන විදියට අද්දා. අපේ කොල්ලෝ කැගහනවා “ඇති ඇති යකෝ” කියලා. උන් දන්නා සිංහලයක් නැනේ. උන් තව අදිනවා. පිටේ ඇට නිකම් කිටි කිටි ගලා කැඩෙනවා ඇහෙනවා.

Thai Massage

දෙවැනි දවසේ ගියා Dreams World. Website එකක් හම්බුනා, online book කරන්න පුළුවන්. කොටින්ම cab එකක් ඇවිත් උදේ 9ට hotel එක ලගින් අපිව pick කරනවා. Dreams World වලට ගෙනිහින් දානවා. අයෙ ඉවර උනාම Hotel එකට ගෙනත් දානවා.  මම නම් කොටින්ම Dreams World ගියේ roller coaster එකක යන්න. කලින් කිවුව වගේ එක තමයි එකම අමාරුව. Dreams World එකේ තිබුන, අන්තිම ride එක තමයි, Tornado. වැඩිය සෙනගත් නැ. අපි හිතුවේ machine එක කැඩිලා කියලා. බැලින්නම් කවුරුත් එකට එන්නේ නැ. එච්චරට අවුල්. පහල video එකේ තියෙන්නේ Tornado එක. එක roller coaster එකට වැඩ පට්ට. ගිහිල්ලම බලන්න ඕන.

අපි තුන්වෙනි දවසේ ගියා Pattaya beach. නම කියපු ගමන් කට්ටිය කියන්නේ, හා බඩුම තමයි එහෙනම් කියල. Bangkok වල ඉදලා Pattaya වලට cab එකකින් පැය එකහා මරකින් වගේ යන්න පුළුවන්. අපි ගිහින් බැස්සේ දවල් දෙකට විතර. මෙලෝ රහක් නැ. නිකම් ඇදිරිනීතිය දාපු දවසක පිටකොටුවේ හරස් විදි ටික වගේ. Pattaya වල strucutre එකත් පිට කොටුව වගේමයි. කොටුවේ station එක beach එක කියලා හිතුවොත්, station එක ඉස්සරහ පාර තමයි beach road එක. පිටකොටුවේ හරස් විදි වගේ පොඩි පොඩි හරස් විදි බර ගොඩක් තියෙනවා. එවල තමයි bar ටික තියෙනේ. ඒවා තමයි කොටින්ම red light streets. අපි ගිය වෙලේ full loss. කිසි hapenning එකක් නැ. අපේ hotel එකත් තිබ්බේ, අර කලින් කියපු red light street එකක තමයි. ගිහින් පොඩි නින්දක් දන්නා හදද්දී, හවස 5, 6 වගේ වෙද්දී, ඔන්න DJ සද්ද ඇහෙනවා, Live band කාරයෝ drum set එකට තට්ටු දානවා. කෙල්ලෝ එකා දෙන්නා පාරට බහිනවා. රැ 7 වගේ වෙද්දී, ඒ කියපු අතුරු පාරවල් වල ඇගිල්ලක් ගහන්න ඉඩ නැ. කොටින්ම පිටකොරුවේ හරස් විදි වල වෙළෙන්දෝ වගේ. වෙළෙන්දෝ වෙනුවට ඉන්නේ, bar girls ලා.

කොටින්ම පාරේ, කොල්ලයි කෙල්ලයි, couple එකක් ගියත්, කොල්ලගේ අතින් අදිනවා. අරෙහෙට මෙහෙට තට්ටු දානවා. තනියෙන් ගියොත් එන්න නෙමෙයි. අපි ගියේ කොල්ලෝ හතර දෙනෙක්. මුල් තුන්දෙනා ඉසරහින් යද්දී පොඩි පොඩි තට්ටු දානවා විතරයි, පිටිපස්සේ එනඑකට හෙන කරදරේ. උව කෙල්ලෝ දෙන්නෙක් විතර එකතු වෙලා අල්ලගන්නවා. ඒ අල්ලගන්නෙත් නිකම් thug mode එකෙන් නෙමෙයි, නිකම් හුරතලේට වගේ. උ බෙරිහන් දෙනවා, ඒ මව බෙරගනින්. අඩෝ යන්න එපා හිටපන් පොඩ්ඩක්.

ඊළගට Pattaya වල beach road එකෙත් අඩියෙන් අඩිය ඉන්නේ කෙල්ලෝම විතරයි. ඒ හැරෙන්න beach activities වලට එහෙමත් Pattaya ප්‍රසිද්දයි. Jetski පදින්නත් පුළුවන්, හැබැයි, එතන පොඩි මාෆියාවක් යන බව අපි කලින්ම දැනගෙන හිටියා. Jetski කියන්නේ වතුරේ යන moter bike එක වගේ එක. එක පැද්දට පස්සේ, එක එක damages පෙන්නලා සල්ලි කඩාගන්නවා. ඒ හැරෙන්න sky diving, අහසේ ඉදලා පැරෂුට් එකක් එල්ලගෙන පනින එකත් සැහෙන්න අඩුවට තිබුනා. රු 40,000කට වගේ. වෙන රටවල් එක්ක බැලුවම, Pattaya වල ඒවා සැහෙන්න ලබයි.

Pattaya වල තියෙන අනිත් එක තමයි, Walking Street එක. හැම රටකම වගේ කෑම ජාති තියෙනවා. පොඩි පොඩි Magic shows අනන් මනං නැති දෙයක් න. පහළ video එකේ තියෙන්නේ තුරිකියේ ice cream කරයෙක්ගේ වැඩ ටිකක්.

අපි Pattaya වල දවස් තුනක් ඉදලා, අපහු Bangkok වලට අවා. ඇවිත් ගියා Siam Water Park එකට. එකත් කොටින්ම Dreams World වගේමයි, නමුත් Dreams World එකට වඩා තියෙන machines පරණයි, හැබැයි, එකේ නැති Water activites වගයක් තියෙනවා. හැබැයි Dreams World තරම් fun නැහැ. එකේ හැබැයි dreams world වලට වඩා දිග roller coaster එකක් තියෙනවා. එක පට්ට.

එදා රෑම ගියා 4D movie එකක් බලන්න. කොටින්ම 3D movie එකට අමතරව, seat එක හෙල්ලෙනවා, වතුර විදිනවා, හුලන් පාර වැඩෙනවා අනන් මනං. අපි movie එක බලන්න ගියේ රැ 10:40ට. ඒ වෙද්දී නිදිමතත් එක්ක. හැබැයි බලන්න ඕන නිසා ගියා. බලපු movie එක තමයි. Gods of Egypt කියන එක. වැඩි වෙලා ගියේ නැ, නින්ද ගෙන එනකොට, movie එකේ, එකෙක් තව එකෙට පිහියෙන් අනිනවා. seat එකේ පිටිපස්සෙන් ඇවිල්ල මොකක්ද පිටට අනුනා, ඒ වෙලේ ඉදලා අරෙහෙන් ඇනෙනවා, මෙහෙන් ඇනෙනවා, එක බින්දුවක් නිදාගත්තේ නැ, full marvalous.

ඊට පස්සේ දවස් ටික ගිය shopping. ලංකාවේ හැමෝම මොන මොනවා හරි බලාපොරොත්තු වෙනවා ඇති නේ. Big C කියල super market එකක් තියෙනවා. නිකම් Arpico වගේ. Chocolate එහෙම duty free එකට වඩා එහේ ලබයි. තව shampoo සහ වෙනත් cosmetic බඩු ලීටර් එකේ වගේ බෝතල් ලංකාවට වඩා බාගෙට බාගයක් අඩුවට ගන්න පුළුවන්. Electric බඩු, TV වගේ ඒවත් පට්ට අඩුයි. මගේ යාලුවෙක්ගෙ resturant එකට රු 56,000 blenders දෙකක් ගත්තා, එකක් රු 9000 වෙන්න. ඇත උඩ ලබයි.

ඔය ඔක්කොන්ටම වඩා හොදම වැඩේ තමයි, super market එකේ cosmetics section එකේ ඉන්නවා හොද ලස්සන කැලි. වැඩ කරන අය නෙමෙයි, බඩු ගන්න අපු අය. එයාලට කිවුවම අපි ලංකාවෙන් අවේ. අම්මට ගෙනියන්න shampoo එකක් බලලා දෙන්න කිවුවම් වගේ, පැනලා උදවු කරන්නේ. හොදට ඇදලා පලදලා ගියොත්, හරියට talk කරොත්, කිසි කරදරයක් නැතුව ගොඩ දාගන්නත් පුළුවන්. වැඩිය කඩ්ඩ දන්නා ගියොත් අවුල්. එහෙ වැඩි දෙනෙක්ට ඉංග්‍රීසි බැ. Me Sri Lanka. Shampoo mother. You help? ඔහොමයි අහන්න ඕන. 😉

Chocolate, Electric බඩු, cosmetics වගේ item ටික Big C එකෙන් ගත්තා. ඊට පස්සේ පොඩි පොඩි items, ඇදුම් කැලි වගේ ඒවා ගන්න පුළුවන් pavement එකෙන්, එහෙම නැත්නම් indra market වගේ තැන් වලින්. එහෙ ගොඩක් වෙලේන්දොන්ට සිංහල ටික ටික පුළුවන්. අපි ඔරලෝසු කඩයක් ලගින් යද්දී, “ලබයි ලබයි එන්න” කිවුව. අපි ගිහින් ඇහුවා, කොහොමද Sri Lankansලා  කියලා අදුරගත්තේ කියලා. මොකද සැහෙන්න Indians ලා ඉන්න නිසා, උනුත් අපි වගේම නේ. ඒ කෙල්ලෝ දෙන්නා කිවුවේ, Indians ලා ආවම, වාචාලයෝ වගේ කැගහ ගහ ලු යන්නනේ. ලංකාවේ උන් පෙනුම ඒ වගේ උනාට full decent ලු. 😉

කෑම ගැන කිවොත්, ගොඩක් ලංකාවේ අය Thai කෑම වලට කැමති නෑ, ජරා රහක් එනවා කියලා. සමහර විට කවදා හරි marry කරලා wife එක්ක ගියොත් අනේ, මගේ බඩ රිදෙනවා, මට නම් බැ ඔය කෑම කන්න. අනන් මනං කතා කෝටියයි. එකට අපි, පැලෙන්න කෑවා. පාරවල් අයිනේ තියාගෙන, කුකුල් මස්, බදිනවා, උරුමස් බදිනවා කපු එකමයි කරේ. කොටින්ම එද්දී කිලෝ 4ක් බර වැඩි වෙලා. හිටපු දවස් කීපයේ රජෙක් වගේ කැවා.

Street Food

Street Food

Thailand වල ගැනු පිරිමින්ට වඩා වැඩි. ඒ කෙල්ලොන්ගේත් skin color එක එහෙම ලස්සනයි. හැමෝම වැඩිය උසත් නැ, දැකපු කිසි කෙනෙක්ගේ tyre පැනලත් නැ. ජාන නිසා ද කොහෙද හැමෝගෙම figure එක හොදයි. කොටින්ම පාරේ අයිනේ කඩවල් දාගෙන ඉන්න කෙල්ලෝ පවා අපේ Miss Sri Lanka වලට නග්ගන්න පුළුවන් තරම් ලස්සනයි. උන් makeup එක දැම්මත් සුදු නිසා ලස්සනයි, අපේ අය වගේ හොල්මන් වගේ පෙන්නේ නැ. අනිත් එක තමයි උන් Tourist ලට සැහෙන්න හොදින් සලකනවා. අපි මොනවා හරි දෙයක් ඇහුවත් ඉංග්‍රීසි බැරි උනත් මොන මොන විදියක්න් හරි උත්තර දෙනවා. පෝලිමක හිටියා උනත්, සමහර වෙලාවට අපිට ඉස්සරහට යන්න දෙනවා. කෙල්ලෙක්ට රැ 12ට උනත් කරදරක් නැතුව පාරේ යන්න පුළුවන්. මොකද අසහන කාරයෝ නැ. හිටියත් පොඩි ගානක් ගෙවලා වැඩේ කරගන්න ඕන තරම් තැන් තියෙනවා.

කීපදෙනෙක් කිවුවා, pick pocket කාරයෝ ඉන්නවා කියලා. අපිට නම් set උනේ නැ. අපිත් ටිකක් පරිස්සමින් හිටියේ, උවමනා සල්ලි ටික විතරක් purse එකේ ගෙන ගිහින්, වැඩි ටික Hotel එකේ locker එකේ දාලා යනවා. රටක් විදියට ගිහිල්ලා එන්න නියමයි. කවුරුත් අහපු නිසා මගේ expences ටික පහලින් දැන්නම්.

Flight Tickets 38,000
Visa 4,600
Dreams World (Cab + All Rides + Lunch) 4,000
Siam Park (All Rides +Lunch) 1,700
Pattaya Cab (up/down 1 person) 3,000
Shopping 25,000
Accommodation (with Breakfast – Rs 2000 x 7) 14,000
Others (Lunch + Dinner + Taxi etc…) 19,700
Total 110,000

3 thoughts on “තායිලන්ත සංචාරිය – Thailand Tour

  1. මාත් මාස දෙකකට වගේ කලින් ගිහින් ආවා conference එකකට! තනියම ගිය නිසා පතායා ගියේ නැහැ. මම හිටි හරියේ ඉඳලා සියාම් සෙන්ටර් එකට පයින් යන දුර! ආයේ යද්දි තුන් හතර දෙනෙක් එක්ක යන්න ඕන!! ☺️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *