ඇද යටින් මතුවුණා හොරා – True story

on

මේක මම 12වසරේ ඉද්දි වෙච්ච දෙයක්. හරියටම අවුරුද්ද කිවුවොත් 2007 දී වගේ. එදා ඉරිදා දවසක්, උදේ බද්දෙගේ chemistry පන්ති ගිහිල්ල දවල් 12 පහු වෙලා ගෙදර අවා. දවල්ට කාල tv එකේ ගිය film එකක කෑල්ලකුත් පොඩ්ඩක් බලලා නිදාගන්න ගියා කාමරයට.

දන්න අය දන්නවා ඇති, අපේ ගෙදර තියෙන්නේ හරියටම  A2 මහා මාර්ගය (ගාල්ල – මාතර පාර) අයිනේ. හැරිලා ඇතුලට යන්න ඕන නැ, හරියටම පාර අයිනේ. පාරයි ගෙදරයි වෙන්වෙලා තියෙන්නේ පුංචි තාප්පයකින්. කොයි වෙලෙත් ගේට්ටුව එහෙම ඇරලා දාපු ගමන්මයි තියෙන්නේ, මොකද කිට්ටුව පහත ගෙවල් කීපයකින් හිටපු හිටපු ගමන එනවා, tap ඒකෙන වතුර පුරවාගෙන යන්න (පාරේ වතුර  line එක නැති මිනිස්සු). ගොඩාක් වෙලාවට ගේට්ටුව ඇරලා, පාරේ හයියෙන් වාහන යනවා ඉතින් නිතර දෙවේලේ සද්ද බද්ද, කවුරුවත් ඕව ගන්න ගන්නෙත් නැ.

ඉතින් මේ වගේ තැනක තියෙන ගෙදරක, ලොකු පුතා විදියට මට ලැබිලා තියෙන්නේ ගෙදර තියෙන chater ම කාමරය. ගෙදරට එන තැනම මුලින්ම තියෙන room එක. පාරේ වාහන වල සද්ද, දුවිල්ල, අවුව කිසිම අඩුවක් නැතුව මගේ කාමරයට ලැබෙනවා.

ඉතින් ඔය කියන දවසේ ඔන්න දවල  1ට 2ට විතර ගියා කාමරයට පොඩි නින්දක් දාන්න. නිදාගෙන යාගෙන එද්දී බදාගන්න තියෙන කොට්ටය බිම වැටුනා. (ඔලුවට එකයි, බදාගන්න එකයි කොට්ට දෙකක් පාවිච්චි කරනවා). දැන් හරියටම ඇස් දෙක පියවෙන්න ඔන්න මෙන්න. මමත් ඇද පල්ලෙහට ඇත දැම්මට  නිදීමට වැඩි කමට කෝට්ටේ අහුඋනෙත් නැ. මොකක්ද මන්දා රස්නෙට අතට අහු උනා. මට නිකම් කල්පනා උනේ, ගැරඩියෙක් නයෙක් වගේ සතෙක් අතට අහුවෙන්න ඇති කියලා. මොකද කෝට්ටේ හොයන්න කියල බිමට ඇත දැම්මම නිකම් අමුතුම දෙයක් අහු උනේ. මම ඇදෙන පොඩ්ඩක් බිමට ඇදිල පහත වෙලා බැලුවා.

දැන් නිදිමතේ හොදම හරිය, ඇස දෙක ඉස්සරහ නිකම් මිදුම වගේ, හරියට පේන්නෙත් නැ, ඇද යට ඉන්නවා අපේ දුරින් නැද වෙන අයිය කෙනෙක්ගේ වගේ මනුස්සයෙක්. නිදිමත නිසා මට හිතුනේ ඒ නැද වෙන අයියා ඇද යට මරලා දාලා කියලා. හරි කොට්ටය අහු උන, එක අරගේම මම අයෙ අදට අවා නිදාගන්න. අයෙ තත්පර දෙකක තුනක් ගියේ නැ, මට මතක උන ඇද යට මිනික් මරල දාල නේද කියලා. ආයේ බැලුව. මුකුත් හරියට පෙන්නේ නැ. ඇද යට මනුස්සයෙක් ඉන්නවා. මම කලින් අල්ලලා තියෙන්නේ උගේ අතින්. හරි උ හිටපුවාවේ කියල අයෙ අදට ආව. දැන් හොදට නිදිමත විකාරේ. ඔන්න එතකොට තමයි සිහියට ආවේ මේ ඉන්නේ හොරෙක් නේද කියලා. දැන් ඇදෙන බිමට බැහැලා පහත වෙලා බැලුවා.

මට වඩා අවුරුදු 4ක 5ක්   වැඩිමල් කොල්ලෙක් ඇද යට නිදි. හිමිට කාමරෙන් එලියට ඇවිල්ල කාමරේ දොර වැහුවා. ඊළගට ගෙදර ඉස්සරහ දොර වැහුව. ගිහින් කුස්සියේ දොර වහල ආව. දැන් ගෙඅර full seal. තාත්තගේ කාමරයට ගියා, අම්මයි තාත්තයි දෙන්නම නිදි. තාත්තට අහරුවම, අම්මත් බය වෙලා නැගිට්ට. (මේ වෙලාවට ගෙදර කවුරුත් වගේ පොඩි නින්දක් දානවා, නිවාඩු දවස නේ) ඊළගට ගියා මගේ කාමරය ගාවට.

සරමත් දෙකට නාවාගෙන ඇදගත්තා. මේක ලිහුනොත් එහෙම. කාමරය ඇතුලට ගිහින් හිමිට දොර වහගත්තා. කාමරයේත් වටිනා කියන ආයුද කීපයක් තියෙනවා. Hockey කරපු නිසා පට්ට හොකි stick එකක් තියෙනවා. එක හෙන බරයි, ගල වග නියම බාන්ඩයක් කාට හරි ගහන්න නම්. තව තිබුන කුංෆු පන්තියට ගත්ත නන්චකුවක්. මම කෝකටත් දෙවැනි එක පාවිච්චි කරන්න ගියේ නැ. මොකද මගේ පුංචි කාමරේ ඕක වන්න ගත්තොත්  තාත්තයි, හොරයි, මමයි තුන්දෙනමා ඕකෙන් ගුටි කනවා.

මුලින්ම හිමිට ඇදෙ මෙට්ටේ අයින් කරා. ඊළගට ඇදෙ පල්ලෙහා තියෙන පොලු එකින එක අයින් කරා. ඇදෙන පොලු බාගයක් විතර අයින් කරද්දී කකුල් දෙක පේනවා. අදාල ගත්තා මුව. උ ඇද යට නිදි. මාර අපතයෙක්. තාත්තා මුව බිත්තියට හේත්තු කරගෙන බැලුවා මුගේ කලිසමේ සාක්කු එහෙම. සාක්කුවේ මොකක්ද ගෙඩියක් වගේ එකක් තියෙනවා. අපි මුලින් හිතුවේ අත් බෝම්බයක් වගේ එකක්ද දන්නේ නැ කියලා. පස්සේ බැලින්නම් කාමරේ තිබුන මගේ perfume එක මු සාක්කුවේ දාගෙන. එල.

ඊළගට කාමරේ ඇතුලේ කාමරේ ඇතුලේ තියාගෙන කනේපරක් දෙකක් ගහල කාමරෙන් එළියේ සාලෙට ගේනවා. ගෙදර දොරවල් වහල නිසා අවුලක් නැ. අම්මත් බිත්තියකම මුව වෙලා බලාගෙන ඉන්නවා, මොකක්ද වෙන්නේ කියලා. තාම මුට හොදට පන තියෙනවා, හරියකට වැදුනේ නැ නේ. ඔන්න මගේ chance එක. මුත් කැත්ත පොරවේ වැඩ කරලද කොහෙද ඇග ගල් වගේ හැදිලා තියෙනවා. මුට සම්මත ක්‍රමයට ගහල බෑ. කාලයක් fees ගෙවා ගෙවා, කටු කකා අර සටන් කලාව මේ සටන් කලාව කරපු එකෙත් වැඩක තියෙන්න එපයි. ඔන්න මුලින්ම පරම්පරාවට. දුන්න.

අනේ අයියේ ගහන්න එපා කියල මු පහත උනා. දැන් හරි, අයෙ මු විනාඩි 15කාටවත් කෙලින් වෙන්නේ නැ. නැමිලා අල්ලගත්ත ගමන්ම තමයි. ඊළගට elbow attack to the ear, වැලමිටෙන් හරියටම කනට ගැහුවම කන්බෙරේ පැලෙනවාලු. හැබැයි මමත් කන් දෙකටම ගැහුවා, පාළුනේ නම් නැ, හැබැයි උට හරියට ඇහෙන්නේ නැ කියල පස්සේ කිවුවා, කුන්  කුන් ගානවා ලු. ඊළගට බිම තියාගෙන මුට හොදට ගැහුවා. අයෙ මේ වගේ live body එකක් ජීවිතේට ලැබෙනවද මෙහෙම සෙල්ලම් කරන්න, ඇත්ත මිනිහෙක්කුට ගැහුවොත් උ අයෙ ගහනවා නේ. පන්ති ගිහිල්ල ඉගෙනගත්ත සියලු ශිල්ප ඒ විදියටම පාවිච්චි කරන්න හොද අවස්ථාවක් ලැබුනා. ඔය වෙලාවේ තාත්ත ඇවිල්ල පොඩි අවවාදයක් දීල ගියා, ගැහුවට කමක් නැ, මුට තුවාල කරලා ලේ එන්න තියන්න එපාලු. මොකද තව ටිකකින් පොලිසි ගෙනියන්න ඉන්න නිසා, එහෙම තිබුනොත් මුව බාරගන්නේ නැ ලු.

මම මල්ලි, තාත්තා, මාරුවෙන් මරුවට් ලෙසට ගැහුවා. පස්සේ මු ආවේ මොකද, මොකටද ඇද යටට රිංගුවේ කියල සුහද සාකච්චාවක් ගියා, මු කිසි දෙයක් කියන්නෙත් නැ.

පස්සේ ලනු වලින් අත් කකුල් ගැටගහල ගෙදර ඉස්සරහ සිමෙන්ති පොලවේ දල හාන්සි කරවල තිබ්බ. ඔය time එකට rubber සේරප්පු දෙකක් නැතුව ඔය පොලවේ ඇවිදින්න බැ, හැබැයි පොර හොදට හිටියා.

පස්සේ පොරව වාහනයේ dickey එකේ දාගෙන හබරාදුව පොලිසියට ගෙනිච්චා, මුව දැන් ගැටගහල තියෙන්නේ නිකම් කොම්බුව වගේ. හෙල්ලෙන්නවත් බැ. මම මුව උස්සගෙන ගිහිල්ල පොලිසියේ ඉස්සරහ අතාරියා. බිම දාපු ගමන, මුගේ සාක්කුවෙන් 4n එකක් බිම වැටුනා, මාර සිං එක, ඒ මගේ 4n එක නේ. මු එකත ඒ ටිකට ගල් කරලා. එවෙලේ පොලිසියේත් එක යුද්දයයි. පොලිස් කට්ටිය, පොලිසියට පැමිණිලි දන්නා අපු අය, හැම එකම වටවෙලා මේ seen එක බලන්න. මුව කුදුවකට දාලා ඊළගට පොලිසියෙන් අහනවා, මහත්තයල මෙයාව dickeyයේ ද ගෙනාවේ? (නැතුව උකුලේ තියාගෙන ගේන්නද?- පිස්සුද මන්ද?)

වැඩේ නඩු කියලා ඉස්සරහට ගෙනියන්න තිබුනත්, එක අතරල දැම්ම. මොකද කි පාරකට නම් උසාවි ගැනේ රස්තියාදු වෙන්නද? ඔයත් එක්කම හබරාදුවේ පොලිස් ස්ථානදිපති අපිට එන්න කියල පොඩ්ඩක් කතා කරා. ඒ මහත්තය කිවුව විදියට නම්, ගොඩාක් ගෙවල් වල, මිනි මැරුම්, හොරකම්, අපරාද වෙන්නේ කලින් ඇවිල්ල දොර පිටිපස්සේ හරි, ඇද යට හරි හැංගිලා ඉදලා ලු. ඒ මනුස්සයත් හැමදාම නිදාගන්න කලින් පුරුද්දක් විදියට ඇදයට එහෙම හොදට සෝදිසි කරනවලු.

ඕකෙන් මෙන් අපේ ගෙදරටත් ඔය පුරුද්ද ආව, හැමදාම නිදාගන්න කලින්, ඇදයට check කරලා බලන එක. කොහොම කොහොම හරි අන්තිමට වෙන්න ගිය ලොකු කරදරයක් වලක්වගත්තා.

8 thoughts on “ඇද යටින් මතුවුණා හොරා – True story

  1. අපෝ මුන්ගෙ ගෙදරට හොරාට පනින්න එහම හොඳ නෑ!
    පරම්පරාව ඉවරයිනෙ!

  2. // නිදිමත නිසා මට හිතුනේ ඒ නැද වෙන අයියා ඇද යට මරලා දාලා කියලා. හරි කොට්ටය අහු උන, එක අරගේම මම අයෙ අදට අවා නිදාගන්න. //

    යකෝ මාර ඩයල් එකක් නේ..ඇද යට එකෙක් මරල දාල ඉන්නව..උඹ ඇවිල්ල නිදාගත්ත :p

Leave a Reply

Your email address will not be published. Required fields are marked *