සිතූ පැතූ දේ ලබාදෙන vision board – make dreams come true

on

දැනට අවුරුදු කීපයකට උඩදී AL වලට වැඩ කරද්දී, පාඩම් කරන මේසය ඉස්සරහ බිත්තියේ “මම AAAක් ගන්නවාමයි” වගේ වැකියක් ලියලා තිබුනා. හිටපු ගමන කාමරයට අපු නෑදෑයෝ එහෙම “හික්” කියල ගිය හැටිත් මතකයි. ඒ දවස් වල vision board එකක් ගන දැනගෙන හිටියේ නැ, හැබැයි ඒ ජාතියේ වැකියක් ලිවුවේ, අපිට Applied Maths උගන්නපු ජනක අබේවර්දන සර්ගේ මගපෙන්වීම යටතේ. මෙසේ ලග වැඩිවෙලා ඉද්දි නිතරම වගේ කම්මැලි හිතුනොත් උඩින කියලා තිබුන වැකිය දකිනවා. ගොඩක් වෙලාවට තව තව motivate වෙනවා. කොහොම කොහොම හරි අන්තිමේට AAA ක් නැතත් ඊට කිට්ටු result එකක් අවා.

Java course එකක් කර කර ඉන්න අතරතුර කුමා ඉද්දමල්ලෙන කියල දේශකයෙක්ගේ, දේශනයකට සහබාගි වෙද්දී තමයි මේ Vision board කියන එක ගැන දැනගත්තේ. සිතූ පැතූ දේවල් ලබාදෙනවා කියල දැනගත්තම මටත් මේක try කරලා බලන්න අස හිතුනා. කරන්න තියෙන්නේ මෙච්චරයි, මොනවා හරි පාට පාට magazine ටිකක් අරගෙන තමන් තමන්ගේ ජිවිතයේ කවදාහරි මෙතනට එන්න ඕන කියල හිතෙන goals ඒ magazine වල තියෙනවා නම්, ඒ රුප ටික කපාගෙන, බ්‍රිසිල් බෝඩ් එකක් හරි මොනවා හරි drawing board එකක අලවගන්න.

ඊට පස්සේ පුළුන් තමන්ගේ කාමරයේ හරි ගෙදර වෙන තැනක හරි නිතර දෙවේලේ පෙන තැනක එල්ලගන්න. මම මේ ගැන දැනගත්තේ 2009දී, අද වෙනකම් එක එක රුප අඩු වැඩි වෙමින් මගේ vision board එක තවම තියෙනවා. කැමති නම් wallpaper එකක් විදියට හදලා desktop එකට දාගන්නත් පුළුවන්. හැබැයි පින්තුර අලවල කරන එක හොදට හිතට වදිනවා.

මම vision board එකට දාපු දේවල් කීපයක් තමයි, ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙන exams, කවද හරි job එකක් කරද්දී බලාපොරොත්තු වෙන salary එක, පාවිච්චි කරන්න ආස mobile phone එක, ගන්න ඉන්න වහනය, හදන්න ඉන්න ගෙය වගේ දේවල්. මම vision board එකේ දාපු දේවල් ඔක්කොම ඉටුවෙලා නැති නිසා මට recommend කරන්න බැ, හරියටම වැඩ කරනවා කියලා, හැබැයි නිතර දෙවේලේ දකිනකොට, තමන් වුනත් කම්මැලි නොවී, ඒ දේවල් ලබාගන්න උත්සහ කරවී.

Vision Board එකක්, මගේ එක නෙමෙයි :D

මම vision board එකේ දාපු සමහර IT related exams වගයක් මම දැනටමත් ඉවර කරලා තියෙනවා, ඉතුරු exams ටික දැක්කම මතක වෙනවා, ඒ කලේ ඉදන් මේ ටික කරන්න හිටිය නේද, කොහොම හරි ඉවර කරන්න ඕන කියලා. ඒ දවස් වල තිබුන හොදම phone එකක් තමයි Blackberry එක, මම එයින් 4to එකක් දාලා තිබිලා පස්සේ iphone එක අවම iPhone එකක් අලෙවුවා. අද මං ලග iPhone එකක නැති වුනත්, ඊට වඩා හොද phone එකක තියෙනවා (නයෙක් ද මන්දා).

වැඩිපුර විස්තර මේ link ඒකෙන.

ලංකාවේ කවුරු හරි කෝටිපතියෙක් ලියපු පොතක කොටසක් මම කියවූවා. ඒ මහත්තයා කියල තිබුන විදියට නම්, දැනට ලංකාවේ තියෙන වැඩිම සල්ලි කොලේ තමයි රු 5000. එතුමා උදේ හවස පන්දහේ කොලේ අතගනවලු, ඉබලා එකේ සුවද බලනවලු, ඇස දෙක පියාගෙන වුනත් අදුරගන්න පුළුවන් ලු. එච්චරට පන්දහේ කොලේට අදරයි ලු. ඉතින් ඔහොම සල්ලි වලට ආස වුනොත් කොටි පතියෙක් නොවී ඉන්නවනං තමයි පුදුමේ.

youtube එකේ දැකපු video එකක් (3 mins).

10 thoughts on “සිතූ පැතූ දේ ලබාදෙන vision board – make dreams come true

  1. Hoanda mathurkavak..hitut pathu de kese vethat ..aparathihatha dahiriyen tamange ilakka vetha yanna meka udu venava..mamath A/L karana kale..padam karann gattu kola hil vela paaana bahianavata tiya gattu CR potha athule tibuna ohoma kolayak eeke tibune A3 k novunath ..ape ammage akkalage as vala sathutu kandulak ek karann puluvan una result ekak genna eken savi una dahiriya pluvan una…

    1. අනිවාර්යයනේ, හිතූ පැතූ දේම නොවුනත් ඒ කිට්ටුවට වත් යන්න පුළුවන්.

  2. Vision board idea eka nam hondai. But Salli walata adare karannai , suwanda ballanai hithena thanata yanna epa. Ethanadi thamai waradinnath patan ganne. But achieve your dreams. kaadara nowi. godak salli walata adare minissunta minissu gana thiyena adare aduwenawa. Minissunta adare karanna amathaka wenawa. They breath money not Oxygen. Don’t ever come to that point. Experience eken kiyanne. Manussakan langa thiyan koty pathi wenna thamai uthsaha karanna ona. Whatever you do keep in mind “Family and happiness within family”, if you fail at it. Money can’t help you.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *