Data CD එකක් write කරන්න දන්නා කවුරුත් ඉන්නවද?

on

මේ බ්ලොග් ලිපිය නම්, හුදෙක් මඩගහන්නම ලියපු එකක්. මට කතාව කිවුවේ නම් චලිදු. මනිහා කතාවක් කිවුවොත් කොහොමත් තර බර ඇරලා ගන්න ඕන. ටිකක් විතර technical කතාවක් නිසා, හා කට හරි මඩගහන්න පුළුවන් නිසා මම මේක ලියන්නම්. සිද්දිය වෙලා තියෙන්නේ චලිදු හා නිමල්(ඇත්ත නම නෙමෙයි)  අතර.

පහුගිය දවසක නිමල් අපේ ගෙවල් පැත්තේ අවා පොඩි Android කුප්පියක් දාගන්න කියලා. කුප්පිය ඉවරවෙන වෙලාව වගේ වෙද්දී චලිදුවත් අවා. නිමල්  කොහොමත් අවේ බස් එකේ. මිනිහට අපේ ගෙදර ඉදන් අපහු යන්න බස් දෙකක යන්න ඕන. චලිදුත් වාහනේ ඇවිල්ල හිටපු නිසා හා පොරත් ඒ පැත්තෙන් යනවා කියපු නිසා ඔන්න නිමල්ටත් චලිදුගේ වහනෙම ගෙදර යන්න chance එකක් set උනා. කොහොම හරි යන ගමන චලිදු යන ගමන පොරගෙන් අහලා තියෙනවා

චලිදු :මචන් නැත්ද මුකුත් අලුත් සින්දු එහෙම ගෙදර

නිමල්: ඔව බන ලගදි අලුතින් download කරපු වගයක් තියෙනවා.

pen එකක් තිබුනේ නැති එකේ, චලිදු ලග තිබුන communication එකක නවත්තලා empty cd එකක් අරගෙන.

ඔන්න දන නිමල්ගේ ගෙදර ගිහින් දෙන්නත් එක්ක හොද සින්දු ටිකක් තෝරනවලු. සින්දු කිවුවට audio files ද video files ද මම දන්නේ නැ. කොහොම හරි චලිදුගේ හිතට හරියන සින්දු ටිකක් තෝරලා නිමල්ට cd එකත දීලා දැන් write කරපන් කියලා.

නිමල්: මචන් මේක audio විදියට ගහන්නද, video විදියට ගහන්නද?

චලිදු: ඕන විදියකට ගහපන් බන, හැබැයි dvd player ඒකෙන තමයි මම අහන්නේ.

චලිදු එච්චර technical පොරක් නෙමෙයි. උට ඕන මොනවා හරි කමක් නැ සින්දු ටික play වෙන cd එකක්. හැබැයි එකට නිමල් පොර අද හෙට passout වෙන්න එහෙම ඉන්න IT degree එකක් එහෙම කරන පොරක්. පැරණ post වල comment එහෙම බැලුවොත් හොයාගන්න පුළුවන්.

දැන් ඔන්න චලිදු විනාඩි 30ක් විතර බලාගෙන ඉන්නවලු තාම cd එක write වෙලා ඉවර නෑලු. Technical නොවුනත් උ දන්නවා cd එක write කරන්න කොච්චර වෙලාවක් යනවද කියලා.

චලිදු: මචන් ඕක තාම ඉවර නැත්ද?

නිමල්: පොඩ්ඩක් හිටපන් බන, මම මේ තාම මේ audio ටික video වලට convert කරන්න software එකක් download කරනවා

චලිදු: ඉතින් බන dvd player එකේ audio tracks play වෙනවා නේ, අනික data cd උනත් වැඩ කරනවා.

නිමල්: (දැන් මුට හොදටම මල ලු )  ඉතින් බන උබ ඕක මට කලින් කියන්න තිබුන නේ, එහෙනම් මෙලහකට write කරලත් ඉවරනේ.

චලිදු: ඉතින් එකනේ බන මම කිවුවේ dvd player එකක් තියෙන්නේ කියලා

හරි හරි, හිටපන් එහෙනම් data ගහන්නම් කියල ඔන්න දැන් නිමල් data cd එකක් write කරනවා. ඔන්න දැන් තවත් විනාඩි 40ක් විතර බලාගෙන ඉදල ඉදල cd එක එලියට ආවලු. හරිනේ, ඒ කියන්නේ burn වෙලානේ. ඉතින් කෝකටත් කියල අපහු cd එක දාලා බලලා audio files ටික තියෙනවද කියලා. audio files ටික නෑලු, තවම blank cd එකක්ලු තියෙන්නේ.

නිමල්: මචන් පොඩ්ඩක් හිටපං, හරියට write වෙලා නැ, අයෙ පාරක බලමු

ඔන්න තව විනාඩි 40කින් විතර අපහු cd එක එලියට ආවලු. චලිදුත් නිකම් සකෙට කියල මචන් වැදිලද කියල පොඩ්ඩක් check කරලා බලමුද කියලා. අපහු පාරක cd එක ඇතුලට දාලා බැලුවාලු හැබැයි මුකුත්ම වැදිලා නෑලු, තවම blank cd එකක්.

නිමල්: මචන් මගේ rom එකේ data cd හරියට read කරන්නේ නැ, හැබැයි බයවෙන්න එපා සින්දු ටික වැදිලා තියෙන්නේ. පෙන්න්නන්නේ නැති එක විතරයි අවුල. උබ ගෙදර ගිහින් දාලා බලපාන, බඩු වැඩ.

ඔන්න චලිදු, අලුතින්ම download කරපු සින්දු ටිකත් අරගෙන ගෙදර ගිහිල්ල හා හා පුරා කියල dvd player එකට එහෙම දාලා play කරලා. මෙන්න මෙහෙම message එකකුත් එනවා කිවුවා. “Your have inserted a blank media”

එත එක්කම නිමල්ගෙන call එකක් එනවා, ( පොර හෙන නොයිවසිල්ලෙන් ඉදලා තියෙන්නේ මු ගෙදර ගිහින් play කරලා බලනකම්)

නිමල්: මචන් cd එක වැඩද?

චලිදු: ඔව මචන් cd එක හොදට වැඩ, හැබැයි සින්දු ටික නම් නැනේ? LOL

අනිවා මේ පොස්ට් එක ඇදලා පුද්ගලයා කියවනවා, දන්නා අය ඉන්නවනම් data cd එකක් write කරන්නේ කොහොමද කියල comment එකක් දාලා යන්න.

8 thoughts on “Data CD එකක් write කරන්න දන්නා කවුරුත් ඉන්නවද?

  1. Macahn disc at once option eka click karala write karahan…
    MP data widiyata gahaddai .track at onece eken oya gahala aththe ekai pennanneththe.. ok..

  2. adooo mage nama nam hasahn nemey onna 😛

    pa.li : oya kathawe sanshodanaya wiyauthu than kihipayak atha 😀

    1. වෙන හෂාන් කෙනෙක් වෙන්න ඇති බන්, ගනන්ගන්න එපා. මේ කතාවේ උබේ version එකත් වෙලාවක කියපන්කො. LOL

Leave a Reply

Your email address will not be published. Required fields are marked *